
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මහජන සබඳතා සහ සන්නවේදන සමාගමක්වන Mark and Comm පුද්ගලික සමාගම, Hootsuite සහ Talkwalke නිෂ්පාදන සේවා සඳහා ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ එකම අලෙවිකරු සහ බෙදාහැරීම් නියෝජිත ලෙස පසුගියදා නම්කෙරුණි.
මෙම සුවිශේෂී හවුල්කාරිත්වය තුළින් ලොව ප්‍රමුඛතම සමාජ මාධ්‍ය කළමනාකරණ සහ පාරිභෝගික සේවා විසඳුම් දෙකක් වේගයෙන් ඩිජිටල්කරණය වෙමින් පවතින රටවල් දෙකට ගෙන ඒමට හැකිවේ. එනම්, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ දේශීය වෙළඳ නාම, ආයතන සහ බහුජාතික සමාගම් අතර ව්‍යවසාය මට්ටමේ සමාජ මාධ්‍ය අවබෝධය, මාධ්‍ය අධීක්ෂණය සහ සමාජ මාධ්‍ය කළමනාකරණ විසඳුම් සඳහා වැඩිවන ඉල්ලුමට ඉන් විසඳුම් සපයයි.
Talkwalker යනු ගෝලීය සමාජ මාධ්‍ය ජාල 30ක් සහ වෙබ් අඩවි මිලියන 150කට අදාළව පුළුල් ආවරණයක් සපයනු ලබන ප්‍රමුඛතම පාරිභෝගික හැසිරීම් නිරීක්ෂණ සේවාවකි. කෘතිම බුද්ධියෙන් බලගැන්වුණු මෙම සේවාව මගින් සමාජ මාධ්‍ය සවන්දීමට ලක්කෙරෙන අතර, ඒ හරහා සමාජ මාධ්‍ය සංවාද නිරීක්ෂණය, යහපත් ප්‍රතිචාර දැනගැනීමට සහ කීර්තිනාම හා කර්මාන්ත ප්‍රවණතා පිළිබඳ තත්කාලීන දැනුම ලබාගැනීමට ද හැකිවේ.
මේ අතර Hootsuite යනු ලොව ජනප්‍රියම සමාජ මාධ්‍ය කළමනාකරණ වේදිකාවයි. ලොව පුරා මිලියන 25කට වැඩි පරිශීලකයින් පිරිසක් එය සතු අතර Fortune 1000 සමාගම් අතුරින් සමාගම් 800ක්ම එය භාවිත කරයි. . එය සමාජ ජාල 35 කට වඩා සහය දක්වන අතර වෙනත් ඕනෑම සමාජ මාධ්‍ය කළමනාකරණ වේදිකාවකට වඩා ඒකාබද්ධ කිරීම් 100 කට වඩා ලබා දෙයි. මෑතකදී, G2 විසින් සමාජ මාධ්‍ය සවන්දීම, සමාජ මාධ්‍ය විශ්ලේෂණ සහ සමාජ මාධ්‍ය කට්ටල සඳහා අංක එකේ වේදිකාව ලෙස Hootsuite හඳුනා ගන්නා ලද අතර එය ඔවුන්ගේ 2025 ගිම්හාන වාර්තාවේ මුළු ඉහළම ශ්‍රේණිගත කිරීම් 178 න් එකකි.
මිලියන 12කට අධික ක්‍රියාකාරී අන්තර්ජාල පරිශීලකයින් සහ සමාජ මාධ්‍ය භාවිතයේ ඉහළයාමක් සහිත ශ්‍රී ලංකා වෙළඳපොළ තුළ පරිපූර්ණ අධීක්ෂණ මෙවලම් හඳුන්වාදීමටත්, අර්බුද කළමනාකරණයේ දුෂ්කරතා ජයගැනීමටත් සහ මැනිය හැකි ව්‍යාපාරික ප්‍රතිඵල හඳුන්වාදීමටත් මේ හරහා මඟපෑදේ.
″Mark and Comm සමාගම සමඟ එක්ව Hootsuite සහ Talkwalker ශ්‍රී ලංකාවට හා මාලදිවයිනට ගෙනඒමට ලැබීම අපට විශාල සතුටක්. මේ හරහා සමාගම්වලට සමාජ මාධ්‍ය හැසිරීම් ග්‍රහණය කරගැනීමටත්, ඒවා විශ්ලේෂණයටත්, ක්‍රියාමාර්ග ගැනීමටත් ඉඩසැලසෙනවා″, යනුවෙන් Hootsuite and Talkwalker උප සභාපති -නැගී එන වෙළෙඳපොළවල්, බෙන්ජමින් සවුබීස් මහතා පැවසුවේය.
″ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ඩිජිටල් ක්‍රියාකාරකම් වේගයෙන් වර්ධනය වෙමින් පවතිනවා. එවන් පසුබිමක දත්ත මත පදනම් වූ ඩිජිටල් ප්‍රවේශයක අවශ්‍යතාව හඳුනාගත් වෙළෙඳනාම වඩාත් පරිපූර්ණ සමාජ මාධ්‍ය විශ්ලේෂණ සහ කළමනාකරණ වේදිකාවක අවශ්‍යතාව මතුකරනවා. Hootsuite සහ Talkwalker සේවා සමඟ ඇතිකරගත් මෙම සහයෝගීතාව තුළින් මෙම අවශ්‍යතාව සපුරාලීමට අපට හැකිවෙනවා″, යනුවෙන් Mark and Comm පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ තන්සිල් තාජුඩීන් මහතා ප්‍රකාශ කළේය.
″Mark and Comm සමාගම සමඟ සහයෝගීතාවක් ඇතිකරගැනීමට අපට විශාල සතුටක්. ඔවුන් සතු දේශීය දැනුමත්, අපගේ ගෝලීය නිෂ්පාදනවල විශිෂ්ටත්වයත් එක්වීමෙන් කලාපීය සමාගම්වලට ශක්තිමත් පාරිභෝගික සබඳතාවක් නිර්මාණය කරගැනීමට හැකිවනු නිසැකයි″, යනුවෙන් Hootsuite – Talkwalker හි යුරෝපා, මැදපෙරදිග, අප්‍රිකානු සහ නැගී එන වෙළෙඳපොළවල් ආශ්‍රිත ආදායම් සහකරු අලෙසැන්ඩ්‍රෝ ට්‍රොයානි මහතා සඳහන් කළේය.

මෙම හවුල්කාරිත්වය මගින් නිශ්චිත කලාපීය ගැටලු රැසකට විසඳුම් සපයනු ඇත. ඒ අතර, විවිධ සමාජ මාධ්‍ය වේදිකාවලට අදාළව කෘතිම බුද්ධී සමාජ මාධ්‍ය විශ්ලේෂණ, දත්ත මත පදනම්ව උපාය මාර්ග සමඟ කීර්ති නාම තර්ජන අපේක්ෂා කිරීමට සහ ඒවාට ප්‍රතිචාර දැක්වීමට සන්නාමයන්ට හැකියාව ලබා දෙන තත්කාලීන අර්බුද කළමනාකරණය; වෙළෙඳපොළ තරගකාරීත්ව විශ්ලේෂණය සහ වෙළඳපල ස්ථානගත කිරීමේ අවබෝධය; ආයෝජන මත ප්‍රතිලාභ මැනීම; සහ සංස්කෘතික වශයෙන් අදාළ සහ ආකර්ශනීය අන්තර්ගතයන් නිර්මාණය කිරීම සඳහා පාරිභෝගික අවබෝධය උත්තේජනය කරන දේශීය දැනුම ආදිය ඇතුළත් ය.
″මෙම හවුල්කාරීත්වයේ සුවිශේෂීම සාධකය වන්නේ අප සතු දේශීය වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥතාව සහ මෙම ගෝලීය සේවාවන් අතර සුසංයෝගයයි. අපේ අරමුණ මෘදුකාංග අලෙවිය නොවේ. ඉන් ඔබ්බට ගොස් තත්කාලීන පාරිභෝගික සැනුම ලබාදෙමින් ව්‍යාපාර සංවර්ධනයට අදාළ ක්‍රමෝපායික උපදේශනය සැපයීම අපේ අරමුණයි″, යනුවෙන් තාජුඩීන් මහතා වැඩිදුරටත් පැවසුවේය.
Mark and Comm පුද්ගලික සමාගම යනු වසර 15කට අධික කාලයක් පුරා ශ්‍රී ලංකාව තුළ දෙස් විදෙස් සන්නාම රැසකට සේවා සැපයීමේ පළපුරුද්දක් සහිත විශ්වාසනීය සන්නිවේදන සහකරුවෙකි. විශේෂිත වූ ක්‍රමෝපායික උපදේශන ප්‍රවේශයක් සපයන සමාගම ශ්‍රී ලංකාවේ මහජන සබඳතා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමිතිය උසස් කිරීම වෙනුවෙන් ද පුරෝගාමී මෙහෙවරක් ඉටුකර ඇත.


