Mahindra IDEAL Finance නවතම ශාඛාව පිළියන්දලදී විවෘත වේ

22a9107f-dab8-40f1-b8a1-3f2195d71094 (2) (LBN)

 


 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා පිළියන්දල ප්‍රදේශයේදී විවෘත කරන ලදි. තම  ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමට සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කර තිබේ. අංක 64/1, හොරණ පාර, පිළියන්දල යන ස්ථානයේ පිහිටා ඇති මෙම ශාඛාව, Mahindra IDEAL Finance Limited ශාඛා ජාලයේ 31 වැනි ශාඛාවයි.

සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාවට, තම අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවාවන් පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සලසා දීමේ අරමුණින් මේ ආකාරයට තම ශාඛා ජාලය පුළුල් කිරීමට Mahindra IDEAL Finance Limited පියවර ගෙන තිබේ.  පිළියන්දල යනු ශ්‍රී ලංකාවේ ප්‍රධාන වාණිජ නගරවලින් එකක් වන අතර, එම නගරයේ සහ ඒ තදාසන්න ප්‍රදේශවල වෙසෙන ජනතාවට මින් ඉදිරියට ඉතාමත් පහසුවෙන් Mahindra IDEAL Finance Limited හි මූල්‍ය සේවාවන් ලබාගැනීමට හැකි වනු ඇත.

නව ශාඛාව විවෘත කිරීම සම්බන්ධයෙන්, Mahindra IDEAL Finance Limited හි නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා මහතා මෙසේ අදහස් දැක්වී ය. “අපගේ ඉදිරි ගමන සවිබලගැන්වීම සහ සැමට සෞභාග්‍යය යන තේමාවන් මුල්කරගත් ගමනක්. මේ ආකාරයට පිළියන්දල ප්‍රදේශයේ නව ශාඛාවක් විවෘත කිරීම, සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම සඳහා අප දරන උත්සාහයේ තවත් පියවරක් ලෙස හැඳින්විය හැකියි. පිළියන්දල යනු වාණිජ හා කාර්මික ක්‍රියාකාරකම් බහුලව සිදුවන ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ටතම සේවාවක් සලසන අතරම, ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.”

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රථවාහන ලීසිං, රන් ණය සහ Speed draft සේවා ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. Mahindra IDEAL Finance Limited යනු ඉන්දියාව පදනම් කරගත්, ලොව දැවැන්ත මූල්‍ය සේවා සමාගමක් වන Mahindra & Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමකි.

ඉදිරියේදී දිවයිනේ වාණිජ වශයෙන් වැදගත් වන සෑම ප්‍රදේශයකම පාහේ තම ශාඛාවන් විවෘත කරමින්, ජනතාවට වඩාත් පහසුවෙන් තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම Mahindra IDEAL Finance සමාගමේ අරමුණ වී ඇත. මෙම අරමුණ ඔස්සේ ඉදිරියට යන අතර, අඛණ්ඩව වසර 4 ක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිරීමට සුදුසුම ආයතනයක් ලෙස Great Place to Work පිළිගැනීම හිමිකරගැනීම ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමටද Mahindra IDEAL Finance සමාගම සමත් වී තිබේ.

 


 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව