Mahindra IDEAL Finance Limited ශාඛාවක් කදුරුවෙල නගරයේ විවෘත කෙරේ

2877ef8c-ae8b-4bb6-ab29-0c114eaabee6 (LBN)

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා කදුරුවෙලදී විවෘත කරන ලදි. මෙම නව ශාඛාව අංක 766/A, සොමියල් හන්දිය, මඩකලපුව පාර, කදුරුවෙල යන ස්ථානයේ පිහිටා ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉහළ වර්ධන හැකියාවක් සහිත ප්‍රදේශ වෙත තම සේවාවන් ව්‍යාප්ත කිරීමට Mahindra IDEAL Finance සමාගම දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම ශාඛාව විවෘත කරන ලදි.

 



 

කදුරුවෙල ශාඛාව Mahindra IDEAL Finance Limited විවෘත කළ 32 වැනි ශාඛාවයි. රට පුරා විවිධ ප්‍රදේශවල වෙසෙන ජනතාවට වඩාත් පහසුවෙන් මූල්‍ය සේවාවන් ලබාගනිමින් තම දියුණුව සාක්ෂාත් කරගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ අරමුණින් Mahindra IDEAL Finance Limited මේ ආකාරයට තම ශාඛා ජාලය රට පුරා ව්‍යාප්ත කරමින් සිටී. නව කදුරුවෙල ශාඛාව ඔස්සේ එම ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ මූල්‍ය සේවාවන් සලසමින්, ප්‍රදේශයේ ආර්ථික දියුණුවට අත්වැලක් වීම සමාගමේ අපේක්ෂාව වී ඇත.

“කදුරුවෙල ශාඛාව විවෘත කිරීම, ජනතාව සවිබල ගැන්වීම සඳහා අප දරන උත්සාහයේ තවත් වැදගත් සන්ධිස්ථානයක්. එමෙන්ම මෙය සමස්ත ශ්‍රී ලංකාවාසීන්ට දීප්තිමත් අනාගතයක් උදාකර දීම අරමුණු කරගත් අපගේ මෙහෙවරට සමගාමී පියවරක් ලෙසත් හැඳින්විය හැකියි. කදුරුවෙල යනු රටේ වැදගත් වාණිජ නගරයක්. එහි ජනතාවට විශිෂ්ට සේවාවක් සලසන අතරම, ප්‍රදේශයේ සිටින දක්ෂ හා නවක වෘත්තිකයන්ට ජාත්‍යන්තර තලයේ රැකියා අවස්ථා පිරිනැමීමටත් අප බලාපොරොත්තු වනවා.” Mahindra IDEAL Finance Limited හි ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.

ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රථවාහන ලීසිං, රන් ණය සහ පෞද්ගලික ණය ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත. Mahindra IDEAL Finance Limited යනු ඉන්දියාව පදනම් කරගත්, ලොව දැවැන්ත මූල්‍ය සේවා සමාගමක් වන Mahindra & Mahindra Financial Services Limited හි අනුබද්ධ සමාගමකි.

ඉදිරියේදී දිවයිනේ වාණිජ වශයෙන් වැදගත් වන සෑම ප්‍රදේශයකම පාහේ තම ශාඛාවන් විවෘත කරමින්, ජනතාවට වඩාත් පහසුවෙන් තම සේවාවන් ලබාගැනීමට අවස්ථාව සලසා දීම Mahindra IDEAL Finance සමාගමේ අරමුණ වී ඇත. මෙම අරමුණ ඔස්සේ ඉදිරියට යන අතර, අඛණ්ඩව වසර 4 ක් තිස්සේ බැංකු, මූල්‍ය සේවා හා රක්ෂණ ක්ෂේත්‍රයේ රැකියා කිරීමට සුදුසුම ආයතනයක් ලෙස Great Place to Work පිළිගැනීම හිමිකරගැනීම ඇතුළු තවත් ජයග්‍රහණ රාශියක් වාර්තා කරගැනීමටද Mahindra IDEAL Finance සමාගම සමත් වී තිබේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

five − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව