Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව මාතලේදී විවෘත කෙරේ

6bbdedbf-7595-40fb-9b27-edf8a9b5f3f5

 



 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලියාපදිංචි මූල්‍ය සේවා සමාගමක් වන Mahindra IDEAL Finance සමාගමේ නවතම ශාඛාව පසුගියදා මාතලේ නගරයේදී විවෘත කරන ලදි. ගනුදෙනුකරුවන්ට විශිෂ්ට තලයේ මූල්‍ය විසඳුම් පිරිනමමින් ප්‍රජාවන්ගේ දියුණුව ළඟා කරදීම සඳහා මෙන්ම දිවයින පුරා තම සේවාවන් ව්‍යාප්ත කිරීම සඳහා සමාගම දරණ උත්සාහයේ තවත් පියවරක් වශයෙන් මෙම නව ශාඛාව විවෘත කිරීම සිදුවිය.
Mahindra IDEAL Finance සමාගමේ නව ශාඛාව අංක 302, ත්‍රිකුණාමලය වීදිය, මාතලේ යන ස්ථානයේ පිහිටා තිබේ. ප්‍රධාන වශයෙන් ග්‍රාමීය හා අර්ධ නාගරික ප්‍රජාවන්ට මූල්‍ය සේවාවන් සැපයීම ඉලක්ක කරගත් Mahindra IDEAL Finance සමාගම මේ වනවිට රන් ණය සේවාවන් මෙන්ම මෝටර් රථ, ත්‍රිරෝද රථ, කෘෂිකාර්මික රථවාහන සහ වාණිජ රථවාහන ආදිය සඳහා ලීසිං සේවාවන් ඇතුළු තවත් මූල්‍ය සේවාවන් රාශියක් හඳුන්වා දී ඇත.
“රටේ සියලුම දෙනා වෙත මූල්‍ය සේවාවන් සැපයීමේ ප්‍රයත්නයේ තවත් පියවරක් වශයෙන් විවෘත කළ මෙම නවතම ශාඛාවට ඔබ සියලුම දෙනා සාදරයෙන් පිළිගන්නවා. මාතලේ යනු වාණිජ වශයෙන් අතිශය වැදගත් නගරයක්. ඒ නිසාම අප, රට තුළ ඉහළ වර්ධන අවස්ථා පවතින ප්‍රදේශවල අපගේ ශාඛාවන් විවෘත කිරීමේ උත්සාහය යටතේ මාතලේ නගරයේත් අපගේ ශාඛාවක් විවෘත කිරීමට තීරණය කළා. මෙය මාතලේ ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ විවිධාකාර වූ මූල්‍ය අවශ්‍යතා සපුරාලමින්, එම ප්‍රදේශයට දියුණුව හා සෞභාග්‍යය උදාකර දීමට දායක වනු ඇතැයි කියා අප සිතනවා.” Mahindra IDEAL Finance සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී දුමින්ද වීරසේකර මහතා පැවසී ය.
මෙම නව ශාඛාව මගින් මාතලේ සහ ඒ අවට වෘත්තිකයන්ට ඵලදායී රැකියා අවස්ථා රැසක්ද උදාවනු ඇත. මෙරට වෘත්තිකයන්ට දියුණුවේ මංපෙත් විවර කරන ආයතනයක් ලෙස පිළිගැනීමට ලක් වී ඇති Mahindra IDEAL Finance සමාගම, Great Place to Work ආයතනය මගින් මෙරට බැංකු, මූල්‍ය හා රක්ෂණ සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සේවායෝජකයන් 10 දෙනා අතරට නම්කර තිබේ.
ඉදිරියේදී රට පුරා තවත් ශාඛාවන් රැසක් විවෘත කිරීමට Mahindra IDEAL Finance සමාගම මේ වනවිට සැලසුම් කර ඇත. මේ ඔස්සේ රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවමින්, ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනයට කැපීපෙනෙන දායකත්වයක් දැක්වීම සමාගමේ අරමුණ වී තිබේ.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව