LOKX Security Services ආයතනය නව නිවහනකට පිවිසෙයි

Image 1 - Lokx

 




LOKX Security Services යනු වාණිජ හා කර්මාන්ත ව්‍යාපාර සඳහා පරිපූර්ණ ආරක්ෂණ විසඳුම් මෙන්ම නිවාස ආරක්ෂණ සහ මුදල් ප්‍රේෂණ මෙහෙයුම් සඳහා ආරක්ෂාව සලසන මෙරට ප්‍රමුඛතම ආරක්ෂක සමාගමකි. ආරක්ෂක අමාත්‍යංශයේ ලියාපදිංචිය සහ සහතික ලත් LOKX Security Services සමාගම ආරම්භ වූයේ 1987 වසරේදී ය. ඒ, Vice Squad Security Services යන නාමයෙනි. ආරම්භයේදී සමාගම සතු ප්‍රමුඛතම වගකීම වූයේ සුමති සමූහ ව්‍යාපාරය සතු අනුබද්ධිත ආයතනවලට අවශ්‍ය ආරක්ෂණ සහාය සැලසීම යි.

සිය පාරිභෝගිකයින්ට වැඩි පහසුකම් රැසක් සමඟ ඉහළ සේවාවක් පිරිනැමීමේ අරමුණ පෙරදැරි කරගනිමින්  සුමති සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත LOKX Security Services පුද්ගලික සමාගම පසුගියදා අංක 17, ජයන්ත වීරසේකර මාවත, කොළඹ 10 යන නව ලිපිනයෙහි සිය ව්‍යාපාර මෙහෙයුම් ආරම්භ කළේය. වැඩි ඉඩකඩක් මෙන්ම වාහන නැවැත්වීමේ පහසුකම් ද සහිතව කොළඹ නගර මධ්‍යයේ අලුතින් විවෘත වූ මෙම කාර්යාලය තාක්ෂණික වශයෙන් උසස්, නවතම අධීක්ෂණ පද්ධති සමඟ ව්‍යාපාර ප්‍රසාරණයකට ද මඟ පාදනු ඇත. තව ද නව කාර්යාලය සතු ඉහළ සේවක සංඛ්‍යාව සමඟ පාරිභෝගිකයින්ට උසස් සේවාවක් සැලසීමට ද හැකිව තිබේ.

සුමති සමූහ ව්‍යපාරයේ ශක්තිමත් පසුබිමද, ජනතාවට හා ආයතනවලට අංග සම්පූර්ණ ආරක්ෂණ විසඳුම් පිරිනැමීමේ මෙහෙවරක නියැලීමේ අධිෂ්ඨානයද ඇතුව ක්‍රියාත්මක වන LOKX Security Services සමාගම, උපරිම ගුණාත්මකබවක් සහ වෘත්තීයභාවයක් ආරක්ෂා කරගනිමින් පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතාවන්ට සරිලන තත්කාලීන, විශ්වසනීය මෙන්ම අනාගත තත්ත්වයන්ට ප්‍රතිචාර දැක්විය හැකි ආකාරයේ ආරක්ෂණ විසඳුම් ලබාදෙයි. එහිදී සේවාලාභී පුද්ගලයින්ගේ සහ ආයතනවල පෞද්ගලිකත්වය ආරක්ෂා වන අයුරින් ගෞරවනීය හා ආචාරශීලී සේවාවක් ලබාදීමට ද සමාගම කටයුතු කරයි.

සමාගම ආරම්භයේ පටන් ගෙවුණු දශක ගණනාවක කාලය තුළ කාර්යක්ෂම සේවාවන් පිරිනමමින් සමාගම ද ධනාත්මක අයුරින් පරිවර්තනයට ලක්වී ඇත. අද වන විට සමාගම සතුව හොඳින් පුහුණුවලත් ආරක්ෂක නිලධාරීන් 1,500ක් පමණ සිටින අතර ඔවුහු බොහෝමයක් ආරක්ෂක අංශවල සේවය කළ පිරිස් වේ. ඔවුන් සේවයට බඳවාගැනීමේ දී ඔවුන්ගේ අවංකභාවය, ළබැඳියාව සහ විනය ආදී බොහෝ කරුණු පිළිබඳ විශේෂ ඇගයීමක් සිදුකොට තිබේ. ඵලදායීව හා කාර්යක්ෂමව ආරක්ෂාව සැපයීම පිළිබඳ පුළුල් අත්දැකීම් මෙන්ම විශාල දැනුමක් ද මෙම ආරක්ෂක කාර්යමණ්ඩලය සතු වේ.

සිය පාරිභෝගිකයින් සමඟ දිගු කාලීන හා අන්‍යොන්‍ය ප්‍රතිලාභ සැලසෙන සබඳතා ගොඩනඟා ගැනීම කෙරෙහි අවධානය යොමු කරන LOKX Security Services සමාගම, විශ්වසනීයත්වය සිය ප්‍රධාන වටිනාකමක් ලෙස සලකයි. ආරක්ෂක කටයුතු සඳහා අන්තර්ජාතික සැපයුම්කරුවන්ගෙන් ලබාගන්නා අති නවීන තාක්ෂණික උපාංග මෙන්ම දිවයින පුරා ආරක්ෂණ සේවා දියත් කිරීමට භාවිත කරන නවමු හා නම්‍යශීලී ක්‍රමවේද ද, හොඳින් පුහුණුවලත් ආරක්ෂන නිලධාරීන් ද සමාගම සතු සැබෑම වත්කම් ලෙස සැලකීම නිවැරදි ය.

“LOKX ආයතනය වශයෙන් අපි කැපවී සිටින්නේ, අපගේ පාරිභෝගිකයින්ගේ අභිලාෂයන් හා ඔවුන්ගේ වටිනා දෑ ආරක්ෂා කිරීමටයි. අපගේ කාර්යමණ්ඩලය මනා පුහුණුවත් ලත්, ඕනෑම අවස්ථාවක් නිවැරදිව හසුරුවාලිය හැකි කණ්ඩායමක්. ත්‍රෛමාසිකව අපි පවත්වනු ලබන පුහුණු වැඩසටහන් හරහා ඔවුන්ගේ දැනුම කුසලතා යාවත්කාලීන කරමින්, ඉහළ ගුණාත්මකභාවයෙන් යුතු කාර්යමණ්ඩලයක් නිර්මාණය කරගැනීමට අප සමත්ව සිටිනවා. ඒ වගේම පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන විශේෂිත සේවා සහ ඔවුන්ටම අනන්‍ය වූ විසඳුම් පිරිනැමීමටත්, ඒ හරහා ඔවුන්ට විශ්වාස තැබිය හැකි පෞද්ගලික මට්ටමේ සේවාවක් හිමිකරදීමටත් අපි නිරන්තරයෙන් වගබලාගන්නවා″, යනුවෙන් අධ්‍යක්ෂ-ව්‍යාපාර ක්‍රමෝපාය හා සංවර්ධන චතුල සුමතිපාල මහතා පැවසීය.

LOKX Security Services ආයතනය සතුව ක්‍රමෝපායික වශයෙන් වැදගත් ලෙස පිහිටවූ ප්‍රාදේශීය කාර්යාල දෙකක් ද පවතී. මේ සියලු කාර්යාලවල ඉක්මණින් ප්‍රතිචාර සපයන කාර්යමණ්ඩලයක් සිටින අතර, දියුණු සන්නිවේදන තාක්ෂණික පද්ධතීන් භාවිත කරමින් පාරිභෝගිකයින් සමීපයේ රැඳී සිටින ආරක්ෂක අංශ නිලධාරීන් හා ක්ෂණිකව සම්බන්ධ වෙමින් අවශ්‍ය විටෙක අතිරේක ආරක්ෂාවක් ලබාදීමේ හැකියාව ද පවතී.

වසංගත කාලසීමාව මධ්‍යයේ වුව ද, සමාගම සිය වෘත්තීයභාවය උපරිමයෙන් ආරක්ෂා කරගැනීමට කටයුතු කරයි. විශේෂයෙන්ම, පූර්ණ එන්නත්කරණයට ලක්වූ කාර්යමණ්ඩලයක් සමාගම සතු අතර, සාමාන්‍ය ආරක්ෂක සේවාවෙන් ඔබ්බට ගිය උසස් තත්වයේ සේවාවන් පිරිනමමින්, සුවිශේෂී ව්‍යාපාර වර්ධනයක් සනිටුහන් කරගැනීමට ද  සමාගම සමත්ව තිබේ.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව