මෙරට ප්‍රමුඛතම LP ගෑස් සැපයුම්කරු වන ලිට්රෝ ගෑස් ලංකා සමාගම ‘හෙට සුරකින අපේ ළමයි‘ නමින් පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනේ සමාප්තිය පසුගියදා සනිටුහන් කරන ලදී. පාසල් ළමුන් අතර ගෘහස්ථ LP ගෑස් ආරක්ෂිත භාවිතය ප්‍රවර්ධනය කිරීම සඳහා නිර්මාණය කරන ලද මෙම පුළුල් වැඩසටහන දිවයින පුරා පාසල් 268 ක සිසු සහභාගිත්වයෙන් සිදුකරන ලදී.
‘හෙට සුරකින අපේ ළමයි ‘ වැඩසටහනෙහි මූලික අරමුණ වූයේ සිසුන් අතර ආරක්ෂිත LP ගෑස් භාවිතය පිළිබඳ දැනුවත්භාවය ඉහළ නැංවීම සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් දැනුවත් කිරීමයි. අවසන් මහා තරඟය ගරු අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, සාගල රත්නායක මහත්වරුන්ගේ සහ රාජ්‍ය නිලධාරීන්, ලිට්රෝ ආයතනයේ සභාපතිතුමා , කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලය, විදුහල්පතිවරුන්, ගුරුවරුන්, සිසුන් සහ දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
මෙහිදී අදහස් දැක්වූ ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා, “මෙම වැඩසටහන සාර්ථකව නිම කිරීමට හැකිවීම පිළිබඳව අපි ඉතා සතුටු වෙනවා. මෙය හුදෙක් වෙළෙඳ නාම ගොඩ නැංවීමේ ක්‍රියා මාර්ගයක් නොවේ. එය LP ගෑස් ආරක්ෂිතව භාවිතය පිළිබඳව වඩාත් පුළුල් ලෙස දැනුවත් කිරීම මඟින් දේශීය ජනතාව සවිබල ගැන්වීම සඳහා වූ කටයුත්තකි. මෙම මුලපිරීම සඳහා උනන්දුවෙන් සහභාගී වූ සැමට අපි ස්තූතිවන්ත වෙමු” යනුවෙන් පැවසීය.
තවද, තම විශේෂඥ දැනුම සහ අත්දැකීම් ගැන විශ්වාසය තබමින් රටේ ව්‍යාකූල අවස්ථාවක ලිට්රෝ සමාගම තමන් වෙත භාර දෙමින් එය පැවති පාඩු තත්ත්වයෙන් දියුණුව කරා හැරවීමට හැකිවීම ගැන ඔහු ගරු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිලිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතා වෙත ස්තුතිය පුද කළේය. එමෙන්ම දිනපතා LP ගෑස් භාවිතා කරන නිවාසවලින් 85% ක වෙළඳපොල කොටසක් වන මිලියන 4කට අධික නිවාස ප්‍රමාණයක් ආවරණය කල බවත් සහ සෑම තත්පරයකම නිවාස 70කම ගෑස් උදුනක් දැල්වෙන බවත් ඔහු පැවසීය. ආරක්ෂිත සහ අඛණ්ඩ සැපයුම හරහා මෙම පාරිභෝගිකයන්ගේ ජීවිත සවිබල ගැන්වීමට අපි කැපවී සිටිමු යනුවෙන් තවදුරටත් පැවසීය.
LP ගෑස් සහ එහි වාසි පිළිබඳව සිසුන් දැනුවත් කිරීමෙන් ඔබ්බට, මෙම වැඩසටහන පාසල් සිසුන් ඔවුන්ගේ පවුලේ යහපැවැත්ම පිළිබඳ වගකීම පිළිබඳ හැඟීමකින් සහ ආරක්ෂාව, බලශක්තිය සහ බලශක්ති භාවිතාවන් පිළිබඳ මූලික අවබෝධයකින් සවිබල ගැන්වීමට උත්සාහ කළේය. මෙම මූලික දැනුම ලබා දීමෙන් ලිට්රෝ ගෑස් ලංකා දැනුවත් සහ සුරක්ෂිත පවුල් ඒකක නිර්මාණය කිරීම අරමුණු කරයි.
තණමල්විල ජාතික පාසලේ ගුරුවරියක වන දිලීෂා දමයන්ති මහත්මිය අවසන් මහා තරගයේ ජයග්‍රාහකයින් වෙනුවෙන් හැඟීම්බර පණිවිඩයක් නිකුත් කරමින්, තමන් වැනි ග්‍රාමීය විද්‍යාලයකට වේදිකාව තනමින් බැබළීමට අවස්ථාව ලබා දීම ගැන ලිට්රෝ ගෑස් සමාගමට ස්තුතිය පුද කළාය. “මෙම වැඩසටහනට සහභාගී වීමට අවස්ථාව ලබාදීම මඟින් අපගේ දැනුම පුළුල් කිරීමට මෙන්ම වටිනා ත්‍යාග දිනා ගැනීමට අවස්ථාව සැලසීම ගැන අපි ඉතා කෘතඥ වෙනවා. එමෙන්ම ඉතා අඩු සම්පත් ප්‍රමාණයක් සහිතව වුනත් සිසුන් ඉතාම උනන්දුවෙන් මේ සඳහා සහභාගී වුනා. එමෙන්ම මෙමඟින් සමාජය තුලින්ම නායකයන් සොයා ගැනීමට හැකියාව ලැබුනා යනුවෙන් ඇය වැඩිදුරටත් පැවසුවාය.
මේ සඳහා සහභාගී වූ සිසුන්ගේ උත්සාහය අගයමින් ඔවුන් දිරිමත් කිරීමට ඉතා වටිනා ත්‍යාග රැසක් පිරිනමන ලදී. තණමල්විල ජාතික පාසල අවසන් මහා තරගයේ ජයග්‍රාහකයා ලෙස ශුරතාවය දිනාගත් අතර අනුශූරතාව හොරණ රාජකීය විද්‍යාලයට හිමිවිය. විශේෂයෙන්, පළාත් මට්ටමින් ජයග්‍රාහී කණ්ඩායම් හතක් තෝරා ගත් අතර, සමස්ත ලංකා මට්ටමින් සුවිශේෂී කථික කුසලතාවන් දැක්වූ සිසුන් දස දෙනෙකුද ඇගයීමට ලක් විය.
ශ්‍රි ලාංකීය පාසල් සිසුන් අතර ආරක්ෂිත LP ගෑස් භාවිතය ප්‍රවර්ධනය කිරීමේ දැනුවත් කිරීමේ වැඩසටහන ප්‍රශංසනීය උත්සාහයක් ලෙස කැපී පෙනේ. සියලුම දිස්ත්‍රික්කවල සිසුන් වෙත ළඟාවීම සහ සහභාගීත්වය දිරිගැන්වීම මගින් මෙම වැඩසටහන මඟින් ආරක්ෂාව පිළිබඳ දැනුවත්භාවය ඉහළ නංවනවා පමණක් නොව, තරුණ පරම්පරාව තුළ වගකීම් සහගත හැසිරීම් වැඩි දියුණු කරමින් සුරක්ෂිත සහ වඩාත් දැනුවත් සමාජයක් සඳහා අවස්ථාව උදා කලේය. අධ්‍යාපනය සහ දැනුවත් කිරීම තුළින් ධනාත්මක වෙනසක් ඇති කිරීමට ලිට්රෝ ගෑස් ලංකා හි කැපවීම අවධාරනය කරන මුලපිරීම් මාලාවක කූටප්‍රාප්තිය ලෙස මෙම අවසන් මහා තරඟය සනිටුහන් කරයි.