Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ වැඩි ගෞරවය ඉන්දියාවට

MD Middle L to R - Runner up and Winner (LBN)

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ මෙහෙයවීමෙන් ගාල්ලේ, දඩැල්ල ක්‍රීඩා සංකීර්ණයේදී ඊයේ නිමාවට පත් වූ Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් සහ රිදී පදක්කම්  ත්‍රිත්වයක් දිනා ගනිමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ සමත් වූහ. කාන්තා හා පිරිමි ඒකල රන් පදක්කම් සමඟ මිශ්‍ර යුගල රන් පදක්කම දිනා ගත් ඉන්දීය ක්‍රීඩක ක්‍රීඩිකාවෝ පිරිමි  හා කාන්තා ඒකල රිදී පදක්කම්වලට සහ කාන්තා යුගල රිදී පදක්කමට ද හිමිකම් කීහ.

 



 

රටවල් 14ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් තරග වැදුණු Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ පිරිමි ඒකල අවසන් මහා තරගයේදී ඉන්දියාවේහිම රිත්වික් සතිෂ් කුමාර් ලකුණු 21-18ක් සහ 21-17ක් ලෙස පරාජය කිරීමට කාර්තිකි ගුල්ෂාන් කුමාර් සමත් වූ අතර, කාන්තා ඒකල අවසන් මහා තරගයේදී ඉන්දියාවේහිම රක්ෂිතා සන්තෝෂ් රාම්රාජ් ලකුණු 22-20ක් සහ 21-14කින් පරාජය කිරීමට ඉෂ්රානි බරුවා සමත් වූවාය. මිශ්‍ර යුගල අවසන් මහා තරගයේදී ඉන්දියාවේ අසිත් සූර්යා සහ අම්රුතා ප්‍රමුදේශ් හමුවේ තායිලන්තයේ පුවනාත් හොර්බන්ලුකිට් සහ චසිනී කොරිපාප් ලකුණු 21-15ක් සහ 21-13ක් ලෙස පරාජයට පත්වූහ.

කාන්තා යුගල අවසන් මහා තරගයේදී ඉන්දීය ක්‍රීඩිකාවන් වන රුතපර්නා පාන්ඩා සහ ස්වෙටර්පනා පාන්ඩා ලකුණු 21-12ක් සහ 21-14ක් ලෙස පරාජය කරමින් රන් පදක්කම දිනා ගැනීමට තායිලන්තයේ පිචමොන් පට්චරපිසුට්සින් සහ නන්නාපාස් සුක්ලඩ් සමත්වූහ.

පිරිමි යුගල අවසන් මහා තරගයේදී ලකුණු 18-21ක්, 21-15ක් සහ21-15ක් ලෙස මැලේසියාවේ බ්‍රයන් ජෙරමි සහ ෆස්රික් මොහොමඩ් පරාජය කළ ඉන්දුනීසියාවේ රහමට් හිදායත් සහ යෙරෙමියා ඊරිච් රන් පදක්කමට හිමිකම් කීහ.

ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍යාග ප්‍රදානෝත්සවය පැවැති අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන් ද එම අවස්ථාවට එක් වූහ.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව