Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ගාල්ලේදී ඇරැඹේ

_DSC0034 (LBN)

වසර 9කට  පසු ශ්‍රී ලංකාවේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය වන Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී ආරම්භ විය. මෙරට දස්කම් අතර සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය හැකියාවන් මුවහත් කරගැනීමට සහ ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගැනීමට කදිම අවස්ථාවක් ලබාදෙන මේ තරගාවලියට රටවල් 14ක විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් විශාල සංඛ්‍යාවක් එක් වී සිටිති. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ පැවැත්වෙන Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියේ ඊයේ පැවැති කාන්තා හා පිරිමි ඒකල අංශයේ මූලික වටයේ තරග සඳහා ඉන්දියාව, සිංගප්පූරුව, තායිලන්තය, මැලේසියාව, සැම්බියාව, මාලදිවයින සහ බංග්ලාදේශය නියෝජනය කරමින් ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සමඟ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 33 දෙනකු තරග වැදිණි.

 



 

ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර් 15,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන මෙම තරගාවලියට කාන්තා හා පිරිමි ඒකල සහ යුගල තරග සමඟ මිශ්‍ර යුගල තරග ඇතුළත් ය. පෙබරවාරි 11 වැනිදා දක්වා පැවැත්වෙන Li Ning Sri Lanka challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය ඩයලොග් පපරේ ටී.වී. සහ පපරේ සමාජ මාධ්‍යජාලය ඔස්සේ සජීවිව විකාශය කෙරෙන අතර, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය සමඟ Li Ning, Mobil, GAC, 3M සහ McFoil තරගාවලියේ අනුග්‍රාහකයන් ලෙස කටයුතු කරන අතර, නිල පානීය ජලය අනුග්‍රාහක ලෙස American Water කටයුතු කරයි.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + seventeen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව