ලොව පුරා රටවල් 19ක විශිෂ්ට ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300කට අධික සංඛ්‍යාවක් තරග වදින Li Ning Sri Lanka ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලිය ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් ලබන පෙබරවාරි මස 5 වැනිදා සිට 11 දක්වා පැවැත්වීමට නියමිතය. ජයග්‍රාහකයන්ට අමෙරිකානු ඩොලර් 15,000ක මුදල් ත්‍යාග පිරිනැමෙන මේ තරගාවලිය ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සංවිධායකත්වයෙන් පැවැත්වෙන අතර, ගාල්ලේ දඩල්ල දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණයේ දී තරගාවලිය පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
Li Ning Sri Lanka ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලියේ තරග පෙළගැස්ම මේ මස 23 වැනිදා පැවැත්වෙන අතර, සුදුසුකම් ලැබීමේ තරග වටය පෙබරවාරි 5 වැනිදා ආරම්භ වේ. අවසන් මහා තරගය පෙබරවාරි 11 වැනිදා පැවැත්වෙනු ඇත.
Li Ning Sri Lanka ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා තරගාවලියේ කාලසටහන:
පෙබරවාරි 5 – සුදුසුකම් ලැබීමේ තරග වටය
පෙබරවාරි 6– සුදුසුකම් ලැබීමේ තරග වටය/ මූලික වටය
පෙබරවාරි 7– මූලික තරග වටය
පෙබරවාරි 8– මූලික තරග වටය
පෙබරවාරි 9– අර්ධ අවසන් පූර්ව වටය
පෙබරවාරි 10– අවසන් පූර්ව තරග වටය
පෙබරවාරි 11– අවසන් මහා තරග
ජයග්‍රාහකයන්ට ආකර්ශනීය මුදල් ත්‍යාග පිරිනැමෙන බැවින් දැඩි තරගකාරීත්වයකින් යුතු තරගාවලියක් නැරැඹීමේ අවස්ථාව බැඩ්මින්ටන් ක්‍රීඩාලෝලීන්ට ලැබෙන අතර, Li Ning Sri Lanka ජාත්‍යන්තර බැඩ්මින්ටන් අභියෝගතා දෙවැනි තරගාවලිය පෙබරවාරි 12 වැනිදා සිට දඩල්ල ක්‍රීඩා සංකීර්ණයේදිම ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. එම තරගාවලියේ වැඩි විස්තර පසුව දැනුම්දෙන බව බැඩ්මින්ටන් ආයතනය සඳහන් කරයි.