Li Ning International Badminton තරගමාලාව පෙබරවාරි 13 සිට 18 දක්වා ගාල්ලේදි

FB_IMG_1707396802890

Li Ning International Badminton තරගමාලාව නමින් සිය දෙවැනි ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලිය පැවැත්වීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය සූදානමින් පසුවෙයි. එම තරගාවලිය මේ මස 13 වැනිදා සිට 18 දින දක්වා ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ අනුමැතිය යටතේ පවත්වනු ලබන එම තරගාවලිය රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකුගේ දස්කම් සඳහා කදිම වේදිකාවක් බවට පත්වනු ඇත.

 



 

Li Ning International Badminton තරගමාලාවට ඉන්දියාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 106 ක් සහ ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 87ක් සමඟ මැලේසියාවෙන් 31 ක්, ඉන්දුනීසියාවෙන් 22ක් සහ තායිලන්තයෙන් 25ක් ද එක්වීමට නියමිතය. මෙම තරගාවලියට ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 68 වැනි ස්ථානයේ සහ ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණේ පසුවන විරේන් නෙත්තසිංහ සමඟ ලෝක බැඩ්මින්ටන් ශ්‍රේණිගත කිරීම්වල 91 වැනි ස්ථානයේ සිටින ඉන්දුනීසියාවේ ටොමි සුගියාර්තෝ, 99 වැනි ස්ථානයේ පසුවන අමෙරිකාවේ මාක් ශෙලී, 97 වැනි තැන රැඳී සිටින නෝර්වේ හි මාකස් බැරත් සහ පිළිවෙළින් 102 සහ 124 ස්ථානවල සිටින ඉන්දියාවේ රවී රවී සහ රිත්වික් සතිෂ් කුමාර් ක්‍රීඩා කරති. මීට අමතරව ලෝක ශ්‍රේණිගත කිරිම්වල 180 වැනි ස්ථානයේ සිටින බුවනෙක ගුණතිලක ද එක්වනු ඇත.

මේ වන විට එම ක්‍රීඩා සංකීර්ණයේදීම පැවැත්වෙන Li Ning Sri Lanka Challenge ජාත්‍යන්තර බැඩ්මින්ටන් තරගාවලියෙන් පසු ආරම්භ කිරීමට නියමිත Li Ning International Badminton තරගමාලාවේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට අමෙරිකානු ඩොලර් පන්දහසක මුදල් ත්‍යාග පිරිනැමෙන අතර,  Li Ning, Mobil,  GAC, 3M, සහ McFoil වැනි අනුග්‍රාහකත්ව යටතේ තරගමාලාව පැවැත්වේ.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව