Li Ning International Badminton තරගමාලාවේදී දුමිඳු අබේවික්‍රමට ලෝකඩ පදක්කමක්

WS Winner Action (LBN)

පිරිමි ඒකල ශූරතාව කැනඩාවට – කාන්තා ශූරතාව ඉන්දුනීසියාවට

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනය විසින් මෙහෙයවනු ලැබූ Li Ning International බැඩ්මින්ටන් තරගමාලාවේ පිරිමි ඒකල අංශයේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට දුමිඳු අබේවික්‍රම සමත් විය. ලෝක බැඩ්මින්ටන් සම්මේලනයේ සහ ආසියානු බැඩ්මින්ටන් සංගමයේ අනුමැතිය යටතේ රටවල් 16ක දෙස් විදෙස් ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් 303 දෙනකු සහභාගිත්වයෙන් ගාල්ලේ, දඩැල්ලේ ක්‍රීඩා සංකීර්ණයේදී තරගමාලාව පැවැත්විණි. මෙහිදී පිරිමි ඒකල අංශයේ අර්ධ අවසන් පූර්ව වටයේදී ඉන්දියාවේ තරූන් මන්නපේලි ලකුණු 22-20ක් සහ 21-15කින් පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසීමට දුමිඳු සමත් වූ අතර, එහිදී ඉන්දීය ක්‍රීඩක රාහුල් භාරත්වා හමුවේ ලකුණු 21-19ක් සහ 23-21කින් පරාජයට පත් විය.

 



 

ප්‍රබල තරගකරුවන් රැසක් අබිබවා පිරිමි ඒකල අවසන් මහා තරගයට පිවිසි චීන සම්භවයක් සහිත කැනේඩියානු ක්‍රීඩක ෂියැංඩොං ෂෙං ශූරතාව දිනා ගැනීමට සමත් වූ අතර, අනුශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 10-21ක්, 21-19ක් සහ 22-20ක් ලෙස ෂියැංඩොං හමුවේ පරාජයට පත් වූ ඉන්දීය ක්‍රීඩක රාහුල් භරත්වා විසිනි. මැලේසියාවේ සිටි සුලේයිකා ලකුණු 21-19ක් සහ 21-15ක් ලෙස පරාජය කළ ඉන්දුනීසියාවේ රුසානා රුසානා කාන්තා ඒකල ශූරතාව දිනා ගත්තාය.

පිරිමි යුගල ශූරතාව දිනා ගනු ලැබුවේ ලකුණු 21-19ක් සහ 21-7ක් ලෙස ඉන්දුනීසියාවේ රීසා පූර්නමා සහ රියාන් වේරෝ පරාජයට පත් කළ තායිලන්තයේ සිරාවිට් සොතොන් සහ නතාපාට් ට්‍රින්කාජී විසිනි. තායිලන්තයේ ප්‍රින්දා පට්ටනවරිතිපාන් සහ අටිටායා පොවානොන් ලකුණු 13-21ක්, 21-16ක් සහ 21-14ක් ලෙස පරාජය කරමින් කාන්තා යුගල ශුරතාව දිනා ගැනීමට තායිලන්තයේහිම පිචමොන් පට්චරපිසුට්සින්  සහ නන්නාපාස් සුක්ලඩ් සමත් වූහ. ලකුණු 11-21ක්, 21-19ක් සහ 21-17ක් ලෙස ඉන්දියාවේ චයානිට් ජොෂී සහ කාව්‍යා ගුප්තා පරාජයට පත් කළ තායිලන්තයේ පතරතෝන් නිපෝන්රාම් සහ නට්ටාමොන් ලයිසුවාන් මිශ්‍ර යුගල ශුරතාව දිනා ගත්හ.

Li Ning, Mobil,  GAC, 3M, සහ McFoil වැනි අනුග්‍රාහකත්ව යටතේ පැවැති Li Ning International බැඩ්මින්ටන් තරගමාලාවේ ත්‍යාග ප්‍රදානෝත්සවය ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අතිරේක ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් රෝහන ද  සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අතර, ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ආයතනයේ සභාපති රොහාන් ද සිල්වා ඇතුළු නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට සහභාගි වූහ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව