Lead Mark Engineering සමාගම Global Business Excellency සම්මාන දිනයි

Lead Mark Engineering (LBN)

මෙරට ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන Lead Mark Engineering පෞද්ගලික සමාගම London Business Excellency සංවිධානය කළ Global Business Excellency 2025 සම්මාන උළෙලේදී ඉංජිනේරු ව්‍යාපෘති නායකත්වය සඳහා වන සම්මානය දිනා ගත්තේය. එය වේගවත් වර්ධනයක් සහිත ඉදි කිරීම් සහ ඉංජිනේරු විසඳුම් සැපයුම්කරුවෙකු ලෙස ඔවුන් පැමිණි ගමන් මගේ සුවිශේෂ සන්ධිස්ථානයකි. සමාගමේ කළමනාකර අධ්‍යක්ෂ සහ සිවිල් ඉංජිනේරුකරණය පිළිබඳ උසස් ජාතික ඩිප්ලෝමාධාරී කේ. සී. රුවන් කුමාර මහතා වෙත සම්මානය පිරිනමන ලදී.

 



 

දකුණු පළාත පදනම් කර ගත් කුඩා පරිමාණ ඉදි කිරීම් සමාගමක් ලෙස Lead Mark Engineering ආරම්භ වූයේ ජවයෙන්, දැනුමෙන් සහ අත්දැකීම්වලින් පිරි තරුණ වෘත්තිකයන් පිරිසකගේ ව්‍යායාමයක ප්‍රතිපලයක් වශයෙනි. එතැන් පටන් රට පුරා ව්‍යාප්ත වී ඇති එම සමාගම නිවාස, වාණිජ ගොඩනැගිලි, මහා පරිමාණ යටිතල පහසුකම් සහ ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ඉදි කිරීම් ඇතුළු ව්‍යාපෘති රැසකට ඉදි කිරීම් හා ඒ ආශ්‍රිත සේවා සපයා තිබේ. එම සමාගම වානේ පදනම් කර ගත් ඉදි කිරීම්, මහල් නිවාස හා වෙළෙඳ සංකීර්ණ ඉදි කිරීම්, ප්‍රතිසංස්කරණ කටයුතු, අභ්‍යන්තර මාර්ග ඉදි කිරීම්, යාන්ත්‍රික, විදුලි සහ ජල නළ සේවා වැනි පුළුල් පරාසයක විහිදී ඇති සේවා සපයයි. නිර්මාණාත්මකභාවය සහ ඉංජිනේරු විශිෂ්ටත්වය ඒකාබද්ධ කරන ඔවුන් ගොඩනැගිලි සැළසුම්කරණ සේවාද සපයයි. ආරම්භයේ සිට අවසානය දක්වා ගුණාත්මක අයුරින් ව්‍යාපෘති කළමනාකරණය කිරීම සහ එකඟ වූ කාල සීමාව හා පිරිවැය තුළ ව්‍යාපෘති අවසන් කිරීම හේතුවෙන් ඔවුන් ඉහළ පාරිභෝගික විශ්වාසයක් දිනා තිබේ. Lead Mark Engineering ආයෝජන මණ්ඩල ව්‍යාපෘතිවලට අදාළ විශේෂඥතාව සහිත ඉංජිනේරු සහ තාක්ෂණික කණ්ඩායම්වලින් සමන්විත වේ. ඔවුන් සෑම විටම ගුණාත්මකභාවය සහ ආරක්ෂක ප්‍රමිති ඉහළින් සළකයි. ඉදි කිරීම් කර්මාන්තයට අදාළ ප්‍රමිති සහතික රැසක් ඔවුන් දිනා තිබේ. ඉදි කිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය (CIDA) පිරිනමන C3 ශ්‍රේණිගත කිරීම ඒ අතරින් ප්‍රධාන වේ. info@leadmark.lk හෝ 0777653070 ඔස්සේ ඔවුන් සම්බන්ධ කර ගත හැකිය.

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

eight − seven =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව