Lavanya Travels විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධානය කරන්නා ලෙස Asia Miracle සම්මාන දිනයි

Lavanya Travels (LBN)

Lavanya Travels පෞද්ගලික සමාගම Asia Miracle සම්මාන උළෙලේදී වසරේ විශිෂ්ටම තායිලන්ත සංචාර සංවිධායකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබීය. තායිලන්ත සංචාර සංවිධානය කරන සමාගමක් ලෙස 2014දී කුඩා පරිමාණයෙන් ඇරැඹූ Lavanya Travels කොවිඩ්-19 වසංගතය වැනි අභියෝග සාර්ථකව පසු කරමින් වර්තමානයේදී ශීඝ්‍ර වර්ධනයක් ලබා ඇත. Lavanya Travels මේ වන විට මසකට 50 බැගින් වන කණ්ඩායම් දෙකක් සඳහා තායිලන්ත සංචාර සංවිධානය කරයි. අමතක නොවන සංචාරක අත්දැකීමක් සිය පාරිභෝගිකයන්ට සපයන Lavanya Travels Pinnacle සම්මාන උළෙලේදීද සම්මානයට පාත්‍ර විය.

 



 

සුඛෝපභෝගී පහසුකම් සහිතව තායිලන්ත පැකේජ රැසක් හඳුන්වා දී ඇති Lavanya Travelsහි ශ්‍රී ලාංකිකයන් වැඩිපුරම සංචාරයේ යෙදෙන ජනප්‍රියම පැකේජය වන රු. 229,900ක් වන පැකේජයට රාත්‍රී 6ක්, දින 7ක් සහ නරඹන ස්ථාන 14ක් ඇතුළත් වේ. පසුගිය සංචාර සඳහා සහභාගී වූ සංචාරකයන්ගේ ප්‍රීතිමත් සංචාරක අත්දැකීම් Lavanya Travels ෆේස්බුක් පිටුවෙහි මනාව සඳහන් කර ඇත. දැරිය හැකි මිලකට ආකර්ෂණීය සංචාරක අත්දැකීමක් සපයන Lavanya Travels නිරන්තරයෙන් පාරිභෝගිකයන්ගේ පැසසුමට ලක් වේ. සංචාරයට සහභාගී වන සියලු දෙනාගේ අවශ්‍යතා යුහුසුළුව සොයා බලමින් ඔවුන්ට අවශ්‍ය සහාය දීමට කාන්තා සහ පිරිමි මාර්ගෝපදේශකයන් දෙදෙනෙකු සෑම සංචාරයකටම ඇතුළත් කිරීමටද Lavanya Travels වග බලා ගනී. ජනප්‍රිය රංගන ශිල්පිනී නෙත්මි රොෂෙල් Lavanya Travels සන්නාම තානාපතිවරිය ලෙස කටයුතු කරයි. සංචාර සඳහා එක් වන පාරිභෝගිකයන්ගේ ගුවන් ගමන් බලපත්‍ර ඇතුළු ලියකියවිලි ඕනෑම ප්‍රදේශයක පිහිටි ඔවුන්ගේ නිවෙස්වලටම ගොස් ලබා ගැනීමටද Lavanya Travels කටයුතු කරයි. ලියකියවිලි පිළියෙළ කිරීම වැනි කටයුතුවල‌ට දුර බැහැර ගමන් කිරීමට අවශ්‍ය නොවීම පාරිභෝගිකයන්ට විශාල පහසුවකි. අදාළ දිනයේ ඔවුන් ගුවන් තොටුපොළට පැමිණෙන මොහොතේ සිට ඉතිරි කටයුතු සියල්ල ඉතා හොඳින් හැසිරවීමට Lavanya Travels වග බලා ගනී. Lavanya Travels ඩුබායි සහ මැලේසියා සංචාරද සංවිධානය කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව