Lassana Agri වෙතින් මෙරට කෘෂිකර්මාන්තයේ පෙරළියක් ඇතිකරන පුරෝගාමී පියවරක්

Lassana (LBN)

ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තයේ ප්‍රමුඛයෙකු වන Lassana Agri සමාගමේ මූලික අරමුණ වන්නේ, දේශීය හා විදේශීය වෙළඳපොළට නැවුම්, ගුණදායක එළවලු හා පලතුරු සැපයීම ය. නවෝත්පාදනය ඔස්සේ මේ සඳහා අතිශය විධිමත් ක්‍රියාවලියක් ක්‍රියාවට නැංවීමට Lassana Agri මේ වනවිට සමත් වී තිබේ. මෙම ක්‍රියාවලිය හුදෙක් කෘෂි නිෂ්පාදන වැඩිදියුණු කිරීමෙන් නොනැවතී, සමස්ත කෘෂිකාර්මික සැපයුම් දාමයම පරිවර්තනයක ලක්කිරීමේ මෙහෙවරක් බවට පත් වී ඇත. ආහාරපානවල නැවුම් බව පමණක් නොව, ඒවා කෙතරම් දුරකට සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට උපකාරී වන්නේද යන සාධක කෙරෙහි පාරිභෝගිකයන් අවධානය දැඩි ලෙස යොමුවෙමින් පැවතීම, මෙම මෙහෙවරට තුඩුදුන් ප්‍රධානතම සාධකයක් ලෙස හැඳින්විය හැකි වේ.

 



 

මෙම පෙරළිකාරී නව පියවර සමගින්, රටේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් පවතින ප්‍රධාන ගැටලු ලෙස සැලකිය හැකි මිලගණන් අධික ලෙස ඉහළ යාම, ගුණාත්මක බව පහළ යාම, පමණ ඉක්මවා රසායනික ද්‍රව්‍ය භාවිතා කිරීම සහ දේශගුණ විපර්යාසවල බලපෑම්වලට ලක්වීම යනාදියට විසඳුම් ලබාදීමට Lassana Agri බලාපොරොත්තු වෙයි. මෙම ව්‍යාපෘතිය යටතේ ගොවීන්ට නවීනතම තාක්ෂණය, හරිතාගාර සහ උපාංග ලබා දෙන අතරම, ඔවුන්ගේ නිෂ්පාද සඳහා විශ්වාසදායක වෙළඳපොලක් නිර්මාණය කරමින් ඔවුන් සමඟ ගිවිසුම්ගත වීමට අප තීරනය කර ඇත. ඒ සඳහා මූලික පියවරක් ලෙස Agriplast Protected Cultivation Pvt Ltd සමග ගිවිසුම් ගත වීමත් සමග රටේ ගොවීන්, ව්‍යවසායකයන් සහ ආයෝජකයන් වෙනුවෙන් සහනදායී මිලගණන් යටතේ අධි-තාක්ෂණික සහ මධ්‍යම-තාක්ෂණික හරිතාගාර සැපයීමට හැකි වී තිබේ.

Lassana Agri Invovation සමාගමේ සහ Lassana සමූහ ව්‍යාපාරයේ නිර්මාතෘ හා සභාපති වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා කියා සිටියේ, Lassana Agri සමාගමේ මූලික අරමුණ වන්නේ, මෙරට ගොවීන් දරිද්‍රතාවෙන් මුදවා නවීන කෘෂිකර්මාන්තයක් වෙත යොමුකරවමින්, ඔවුන්ට තම ආර්ථිකය සුරක්ෂිත කරගැනීමට සහ නිෂ්පාදන ධාරිතාව පුළුල් කරගැනීමට උපකාරී වන විධිමත් ක්‍රමවේදයන් හඳුන්වා දීම බව ය. මේ ඔස්සේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩිදියුණු කරමින්, වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුත් සුරක්ෂිත කෘෂි නිෂ්පාදන සහනදායී මිලගණන් යටතේ පාරිභෝගිකයන් වෙත ලබාදීමටය.

ශ්‍රී ලාංකික පාරිභෝගිකයන්ට දීර්ඝ කාලයක පටන් කෘෂි නිෂ්පාදනවල මිලගණන් අධික ලෙස ඉහළ යාම සහ ඒවායෙහි ගුණාත්මක භාවය පහළ යාම වැනි ගැටලුවලට මුහුණ දීමට සිදු වී ඇත. කෘෂි නිෂ්පාදනවල මිලගණන් සාපේක්ෂව අසල්වැසි රටවලට වඩා ඉහළ වුවද, ගොවීන්ට තවමත් දරිද්‍රතාවේ ගැලී සිටීමට සිදු වී තිබේ. විශේෂයෙන්ම සහනදායී මිලගණන් යටතේ හරිතාගාර ඉදිකිරීමට අවස්ථාව සලසා දීම වැනි ක්‍රම තුළින් මෙම ගැටලු විසඳීම Lassana Agri සමාගමේ අපේක්ෂාව වී ඇත. Agriplast protected cultivation PVT LTD සමග ගිවිසුම්ගත වීම නිසා, වැඩි අස්වැන්නක් සමග සුරක්ෂිත කෘෂි නිෂ්පාදන වෙළඳපොළට ලබාදීමට හැකියාව ලැබේ.

වසර 70 කට අධික පළපුරුද්දක් හිමි Agriplast Protected Cultivation Pvt Ltd සමාගම, කෘෂිකර්මාන්තය තුළ පෙරළිකාරී මෙහෙවරක් ඉටුකරමින් ගොවීන් ලක්ෂ 2.4 කට අධික පිරිසකට අත්වැලක් වී තිබේ. මල්ච් ෆිල්ම් සහ හරිතාගාර ආවරණ වැනි, කෘෂිකර්මාන්තයට සම්බන්ධ ඉහළම තලයේ විසඳුම් සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන එම සමාගම, අස්වනු වැඩි කරන අතරම තිරසාර කෘෂි ක්‍රමවේදයන් ප්‍රවර්ධනය කිරීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉටුකර ඇත. ගොවීන් දැනුවත් කිරීම සඳහා ඔවුන් දක්වන උනන්දුව හා කැපවීම, Lassana Agri සමාගමේ අරමුණුවලට බෙහෙවින් සමාන ය.

නිවැරදි තාක්ෂණික විසඳුම් තෝරාගැනීම සඳහා ගොවීන්ට උපදෙස් හා මගපෙන්වීම් ලබාදෙමින්, ඔවුන්ට ඉහළ අස්වැන්නක් ලබාගැනීමට අත්වැලක් වීම Lassana Agri Innovations සමාගමේ ඉලක්කය වී ඇත. ඉදිරියේදී දිවුලපිටිය ප්‍රදේශයේ අක්කර 7 ක භූමි ප්‍රදේශයක පිහිටි සිය හරිතාගාර පරිශ්‍රය තුළ රටේ ප්‍රථම අධි තාක්ෂණික කෘෂිකාර්මික දැනුම් හා පුහුණු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට සමාගම සැලසුම් කර තිබේ. Lassana Agri Innovations සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රසාද් සේනාධීර මහතා පවසන ආකාරයට, මෙය කෘෂි ව්‍යවසායකයන්ට සහ අලුතින් කෘෂිකර්මාන්තයට පිවිසෙන්නන්ට බෙහෙවින් වැදගත් වනු ඇති අතර, ඒ ඔස්සේ ඉදිරි දශකය තුළ සෑම වසර දෙකකට වරක් මෙරට හරිතාගාර වගාවන් ප්‍රමාණය දෙගුණ කිරීමට හැකි වනු ඇත.

කෘෂිකාර්මික පරිවර්තනයක් සමගින් තිරසාර අනාගතයක්

Lassana සමාගමේ දැක්ම තාක්‍ෂණික හඳුන්වාදීම්වලින් ඔබ්බට විහිදෙන අතර, පර්යේෂණ හා සංවර්ධන කටයුතු, පුහුණුව, දැනුම බෙදාගැනීම සහ පාරිභෝගික සුභසාධනය සඳහා සැපයුම් දාමය විධිමත් කිරීම යනාදියද ඊට ඇතුළත් වී ඇත. පුරෝගාමී පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීම සහ ප්‍රධාන පාර්ශ්වකරුන් රැසක් සමග හවුල්කාරීත්වයන් ඇතිකර ගැනීම තුළින්, ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය වඩාත් නවීන හා තිරසාර යුගයක් වෙත රැගෙන යාමට Lassana Agri කැප වී සිටී.

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twelve + 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව