Lassana වෙතින් ‘La Treats’ නමින් නවතම කුකීස් එකතුවක්

“La Treats” Range of Cookies

 



 

 

 

ශ්‍රී ලංකාවේ මල් සහ තෑගි භාණ්ඩ සම්බන්ධ ප්‍රමුඛයා වන Lassana සමූහ ව්‍යාපාරය, ‘La Treats’ සන්නාමය යටතේ නවතම ආකාරයේ ප්‍රණීත කුකීස් එකතුවක් හඳුන්වා දී තිබේ. ‘Treat Yourself’ යන තේමාව යටතේ එන La Treats කුකීස්, චෝකෝ චිප්ස්, රෙඩ් වෙල්වට්, මිල්ක් ඇන්ඩ් මෝල්ට්, ෆෘට් ඇන්ඩ් නට්, බ්ලූබෙරි සහ රේසින් ලෙස සුවිශේෂී රස හයකින් යුතුව වෙළඳපොළට හඳුන්වා දී ඇත. www.lassana.com වෙබ් අඩවියෙන් සහ දිවයින පුරා Lassana ප්‍රදර්ශනාගාර වලින් දැන් La Treats මිලදීගත හැකි වේ.

“අප දිගු කාලයක පටන් ශ්‍රී ලංකාවේ තෑගි භාණ්ඩ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින සමාගමක්. දේශීය හා විදේශීය පාරිභෝගිකයන් වෙනුවෙන් අප මල්, කේක් සහ තෑගි භාණ්ඩ වර්ග රාශියක් හඳුන්වා දී තිබෙනවා. උසස්ම තත්වයේ නිෂ්පාදන පමණක් හඳුන්වා දීමට අප දරන උත්සාහයේ තවත් පියවරක් වශයෙන්, La Treats සන්නාමය යටතේ නවතම කුකීස් එකතුවක් හඳුන්වා දීමට අප තීරණය කළා. ඉදිරියේදී තවත් මෙවැනි සුවිශේෂී නිෂ්පාදන රාශියක් වෙළඳපොළට හඳුන්වා දීමට අප බලාපොරොත්තු වෙනවා.”Lassana Innovations හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී පේෂල විජේවර්ධන මහතා පැවසී ය.

උසස්ම තත්වයේ අමුද්‍රව්‍ය යොදා නිපදවන La Treats කුකීස් සඳහා කිසිදු ආකාරයක කල්තබා ගැනීමේ ද්‍රව්‍ය භාවිතා නොකරන නිසා බාල මහලු භේදයකින් තොරව කොයිකාටත් මෙම කුකීස් රසවිඳිය හැකි වේ. Lassana සමාගමේ අතිනවීන නිෂ්පාදනාගාරයක, දැඩි තත්ත්වය පාලන ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිපදවන මෙම කුකීස් තෑගි දීමටද ඉතාමත් සුදුසු ය.

“මේ ව්‍යාපෘතිය තුළ අප පර්යේෂණ හා සැලසුම්කරණ කටයුතු රාශියක් සිදුකළා. ශ්‍රී ලාංකිකයන්ගේ එකිනෙකට වෙනස් රුචිකත්වයන්ට ගැළපෙන ආකාරයට සුවිශේෂී කුකීස් අත්දැකීමක් ලබාදීම සඳහා ඉහළම තලයේ කුකීස් එකතුවක් හඳුන්වා දීමට ක්ෂේත්‍රයේ විශේෂඥයන් පිරිසක් දිවා රෑ නොබලා වෙහෙසුණා. La Treats කුකීස් බොහෝ දෙනෙකුගේ හදවත් දිනාගනු ඇති බවත්, ඒ ඔස්සේ La Treats සන්නාමය යටතේ තව තවත් නවෝත්පාදන හඳුන්වා දීමට අපට හැකිවනු ඇති බවත් අප විශ්වාස කරනවා.” පේෂල විජේවර්ධන මහතා මහතා වැඩිදුරටත් පැවසී ය.

වෛද්‍ය ලසන්ත මලවිගේ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ශිෂ්‍යයෙකුව සිටියදී (1998 වර්ෂයේදී)  ඔහු විසින් Lassana සමූහ ව්‍යාපාරය ආරම්භ කරන ලදි. මල් සැපයුම් සමාගමක් ලෙස ආරම්භ වූ එම සමාගම ජාත්‍යන්තර තලයේ සේවා ප්‍රමිතීන් හඳුන්වා දෙමින් ක්ෂේත්‍රය පෙරළියකට ලක්කිරීමට සමත් විය. මේ වනවිට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම මල් සැපයුම් සමාගම් බවට පත්වී තිබෙන එම සමාගම, තවත් ක්ෂේත්‍ර කිහිපයක් වෙතද තම ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර තිබේ. www.lassana.com වෙබ් අඩවිය ඔස්සේ පාරිභෝගිකයන්ට Lassana සමූහයේ තෑගි භාණ්ඩ, කේක් වර්ග, රසකැවිලි සහ එදිනෙදා අවශ්‍ය කරන භාණ්ඩ වර්ග රාශියක් මිලදීගත හැක.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

17 − 10 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව