
2026 ජනවාරි මස 28 දින ලංකාවේ ප්‍රමුඛතම ටයිල් නිෂ්පාදකයා වන LANKATILES විසින් සිය නවතම ප්‍රදර්ශනාගාරය ගාල්ල, මාතර පාර, පෙට්ටිගල වත්ත, අංක 145 යන ලිපිනයේ දී අභිමානයෙන් යුතුව විවෘත කරන ලදී. මෙය ලංකාවේ විවෘත කළ 58 වැනි LANKATILES ප්‍රදර්ශනාගාරය වන අතර, ගාල්ලේ විවෘත වූ දෙවැනි ප්‍රදර්ශනාගාරයයි.
මේ සමඟ විශිෂ්ටත්වය, නවෝත්පාදනය සහ විශ්වසනීය බව රැක ගෙන ඉදිරියට යන අඛණ්ඩ ගමනක තවත් එක් සංධිස්ථානයක් සනිටුහන් කිරීමට LANKATILES සමත් වී තිබේ.
UNESCO සංවිධානය විසින් පිළිගත් ඓතිහාසික වටිනාකම් සහ දේශීය සංස්කෘතික උරුමයන්ගෙන් පිරී ඇති ගාලු පුරවරෙන් හඳුනා ගත් දේශීය ගෘහ නිර්මාණ ශිල්පයේ වටිනාකම් ද සමඟ ඔබ ජීවත් වීමට සිහින මවනා නිවසක අභ්‍යන්තරය හැඩ කිරීම වෙනුවෙන් මෙම නව ප්‍රදර්ශනාගාරය පිහිටුවා තිබේ.
ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ LANKATILES හි කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රියන්ත තල්වත්ත මහතා මෙසේ සඳහන් කළේය.
“ශතවර්ෂ ගණනාවක ඉතිහාසය, කලාව සහ මානව දක්ෂතාවන්ගෙන් හැඩ වූ ගාල්ල සතු අද්විතීය හැඩය LANKATILES නිෂ්පාදන සතු නිර්මාණාත්මක අඛණ්ඩතාව සහ සෞන්දර්‍යාත්මක ගැඹුර සමඟ අනුනාද වෙනවා.
ඒ වගේම අපේ නිර්මාණශීලී සහ විශ්වසනීය නිෂ්පාදන දකුණේ වෙළඳපොළවලට රැගෙන ඒමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. මෙය මෙම කලාපයේ නිවාසවල මෙන්ම, වර්ධනය වෙමින් පවතින සංචාරක කර්මාන්තයටත් සහයෝගය ලබා දේවි.”
දශක පහකට අධික විශ්වාසයක් සහ විශිෂ්ටත්වයක් මත ගොඩනැගුණු LANKATILES සෑම විටම අලංකාරත්වය සහ කාර්ය සාධනය සමඟ ඕනෑම හිස් අවකාශයක් නිර්මාණශීලී ව අලංකාර කරමින් ටයිල් නිර්මාණයේ සිය සුවිශේෂීත්වය විදහා දැක්වීමට සමත් වී තිබේ. නවීන ජීවන අවකාශයන්, සුඛෝපභෝගී සංචාරක ව්‍යාපෘති, බුටික් හෝටල් (කුඩා ප්‍රමාණයේ හෝටල් ) වෙනුවෙන් ගුණාත්මක සහ ඇස පිනවන ප්‍රතිසංස්කරණ සඳහා වඩාත් සුදුසු Majestica සහ Mosaics ඇතුළු විශාල ටයිල් නිෂ්පාදන රැසක් මෙම නව ප්‍රදර්ශනාගාරයේ දී දක්නට ලැබෙනු ඇති.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය අඛණ්ඩව වර්ධනය වන බැවින්, LANKATILES දීර්ඝ කාලීන ව ව්‍යාප්ත කිරීමේ උපාය මාර්ගයක් ලෙස ගාල්ල වැනි ගමනාන්තයක් තෝරා ගැනීම ඉතා වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. දකුණු කලාපීය වෙළඳපොළ තුළට සාර්ථක ප්‍රවේශයක් ලබා ගනිමින්, මෙම කර්මාන්තයේ පාර්ශවකරුවන් සමඟ ඇති සබඳතා ශක්තිමත් කර ගැනීම මගින් සිය පැවැත්ම ශක්තිමත් කර ගැනීම ඔවුන් අරමුණු කර ගෙන තිබේ.
“අලංකාර ගෘහ අවකාශයක් හැඩගැස්වීමේදී ගෘහ නිර්මාණ ශිල්පීන්, නිර්මාණ කරුවන්, කොන්ත්‍රාත්කරුවන් සහ ටයිල් බාස්වරුන් සතු කාර්යභාරය අපි හඳුනා ගෙන තියෙනවා.
නිර්මාණශීලීත්වයෙන් පොහොසත් වූ වටපිටාවක් නිර්මාණය කරමින් කලාපීය දෛනික ජීවිතය සමඟ ගැඹුරු බැඳීමක් ඇති කර ගන්න අපි බලාපොරොත්තු වෙනවා.”
ප්‍රියන්ත තල්වත්ත මහතා විසින් වැඩිදුරටත් සඳහන් කරන ලදී.
දකුණු පළාත පදනම් කරගත් ප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන යසිත් රනු කරුණාසේකර විසින් මෙම නව ප්‍රදර්ශනාගාරය පවත්වා ගෙන යන අතර, දේශීය වෙළඳපොළ පිළිබඳ ඔහුට ඇති විශේෂඥ දැනීම් සහ ගුණාත්මකභාවය පිළිබඳ ඇති අත්දැකීම් LANKATILES සන්නාමය සමඟ සමපාත වී ඇත.
“මෙම ප්‍රදර්ශනාගාරය තවත් එක් සිල්ලර විකුණුම් ස්ථානයකට වඩා එහා ගිය තැනක්. මෙය මනුෂ්‍ය පරිකල්පනය සහ ශිල්පීයත්වය එකිනෙක මුණ ගැසෙන ගමනාන්තයක්. දකුණු කලාපය පුරා සිටින නිවාස හිමියන්, හෝටල් කේෂ්ත්‍රයේ ව්‍යාපාරිකයින් මෙන්ම වෘත්තිකයන්ට සහාය ලබා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.”
මෙම නව ප්‍රදර්ශනාගාරය විවෘත කිරීමට එක් වූ යසිත් රනු කරුණාසේකර මහතා විසින් එසේ සිය අදහස් පළ කරන ලදී.
ඒ අනුව ගාල්ලේ විවෘත වූ මෙම නව ප්‍රදර්ශනාගාරයට පිවිස විශාල පරිමාවක නව්‍ය සහ නිර්මාණශීලී ටයිල් නිෂ්පාදන අත්විඳීමට ප්‍රදේශයේ පාරිභෝගිකයින්ට සහ වෘත්තිකයන්ට LANKATILES අභිමානයෙන් යුතුව ආරාධනා කර සිටී.


