Lanka SSL සමාගමට ජාතික තත්ත්ව සහ ඵලදායිතා සමුළුවේදී රන් සම්මාන හතරක්

1- LSSL Teams with Awards

 



 

 

 

ශ්‍රී ලංකාව තුළ උසස්ම තත්ත්වයේ කම්බි නිෂ්පාදනයේ නියුතු ප්‍රමුඛතම සමාගමක් වන සහ E.B. Creasy & Company පීඑල්සී සමූහයේ  පූර්ණ අනුබද්ධිත සමාගමක්වන, Lanka Special Steel Limited (Lanka SSL), පසුගියදා පැවති 2021 තත්ත්ව සහ ඵලදායීතා ජාතික සමුළුවේදී  (National Convention on Quality and Productivity-NCQP) රන් සම්මාන 4ක් දිනාගැනීමට සමත්විය. සමාගම විසින් ඉදිරිපත් කරන ලද අවනෙත, ටාගට්, ශක්ති සහ වර්ජ් කණ්ඩායම් මෙසේ රන් සම්මාන දිනාගත්හ.

තත්ත්ව සහ ඵලදායීතාවය ප්‍රවර්ධනය කිරීමේ ශ්‍රී ලංකා සංගමය (SLAAQP) විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිඩේකි මහතාගේ ප්‍රධානත්වයෙනි. ඊට අමතරව ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න, සුනිල් ජී. විජේසිංහ සහ SLAAQP සභාපති විපුල කුලරත්න යන මහත්වරු ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙවර සමුළුව සඳහා දිවයිනේ නන් දෙසින් කණ්ඩායම් 250කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටියහ. කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කරනු පිණිස ඔවුන් විසින් මුලපුරන ලද විවිධ ක්‍රියාකාරකම් එහිදී ඉදිරිපත් කෙරුණි. Lanka SSL කණ්ඩායම් හතර ද එහිදී කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වෙනුවෙන් ඔවුන් ගත් ක්‍රියාමාර්ග ඉදිරිපත් කළහ. ඔවුන්ගේ විශ්වාසය, කාර්යභාරය සහ කැපවීම ද මෙහිදී මහත් සේ ඇගයීමට බඳුන්විය.

Lanka SSL හි අවනෙත කණ්ඩායම නියෝජනය කරමින් මධුසංඛ, චාමර, කෝසල සහ දිනේෂ්  ද, ටාගට් කණ්ඩායම නියෝජනය කරමින් නිෆ්‍රාන්, සුසන්ත සහ ඔෂාන් ද එක්ව සිටි අතර, අමිත්, ප්‍රේමරත්න සහ ජී.ටී. මධුසංඛ ශක්ති කණ්ඩායම ද, සාගර, සුපුන්, ගිහානි, අසංක, කසුනි සහ සචිනි යන අය වර්ජ් කණ්ඩායම ද නියෝජනය කළහ.

“ගෙවුණු වසර 10ක කාලය පුරා දේශීය සහ ජාත්‍යන්තර සමුළුවලට සහභාගී වී මනා පරිචයක් ලබාගැනීමට Lanka SSL සමාගමට හැකිව තිබෙනවා. විශේෂයෙන්ම අලෙවිසැල් ආශ්‍රිතව අපගේ කාර්යමණ්ඩල සාමාජිකයින් දැඩි උනන්දුවකින් සහ කැපවීමකින් යුතුව කටයුතු කිරීම පිළිබඳ නිහතමානී ආඩම්බරයක් අප සතුයි. ඒ වගේම, සිය වැඩ සුපරීක්ෂකයින් හා එක්ව අඛණ්ඩ වර්ධනයක් වෙනුවෙන් ඔවුන් ගනු ලබන විවිධ පියවර  හේතුවෙන් ද අපගේ ඵලදායීතාව ඉහළ ගොස් තිබෙනවා. එවන් පසුබිමක, මෙසේ රන් සම්මාන හතරකින් පිදුම් ලැබීම විශිෂ්ටයි. එය අපට විශාල ආඩම්බරයක්. පසුගිය සමුළුවේදී අපට දිනාගත හැකිවූයේ එක් රන් සම්මානයක් පමණයි. මෙවර රන් සම්මාන හතරක් හිමිවීම විශාල ජයග්‍රහණයක්“ යනුවෙන් Lanka SSL අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාව තුළ SLS ප්‍රමිතිය හිමි එකම hot dipped ගැල්වනයිස් කම්බි නිෂ්පාදකයාවන Lanka SSL සමාගම, සිය තත්ත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය වෙනුවෙන් අඛණ්ඩව ඇගයුම් ලබා ඇත. මෙම වසර මුලදී පැවැත්වුණු 2021 ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී මහා පරිමාණ අංශයේ දෙවැනි ස්ථානයට හිමි  සසම්මානයක් ද දිනාගැනීමට සමාගමට හැකිවූ අතර, වෙනත් අංශ – නිෂ්පාදන කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස ද නම්කෙරුණි. ඉකුත් වසරේදී මහා පරිමාණ කාණ්ඩයේ (නිෂ්පාදන) ජාතික රන් සම්මානයක් ද, 2020 කර්මාන්ත විශිෂ්ටතා CNCI Achiever සම්මාන උළෙලේදී Top Ten සම්මානයක් ද Lanka SSL සමාගමට හිමිවිය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

three × two =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව