Lanka Special Steels, ජාත්‍යන්තර ප්‍රමිතීන්ගෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ GI කම්බි නිෂ්පාදන හඳුන්වා දෙයි

MD

වසර 25කට අධික  ඉතිහාසයකට උරුමකම් කියන, මෙරට  ගැල්වනයිස් කරන ලද වානේ කම්බි නිෂ්පාදනයේ ප්‍රමුඛයා වන Lanka Special Steels සමාගම, ජාත්‍යන්තර වෙළෙඳපොළ ඉලක්ක කර ගනිමින්, ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් ‘Poultry 300’ සහ ‘Premium 100’ ආදී වශයෙන් නව සන්නාම දෙකක් හඳුන්වා දීමට පසු ගිය දා කටයුතු කෙරිණි . JSW Steel, TATA Steel සහ Hindustan Zinc වැනි හොඳ ම අමුද්‍රව්‍ය භාවිතා කර නිපදවන, උසස් තත්ත්වයෙන් යුත් මෙම නිෂ්පාදන කුකුළු කූඩු, චේන් ලින්ක්, කටු කම්බි, PVC ආලේපිත දැල්, කේබල් ආර්මර් වයර්, ACSR වයර් ඇතුළු පුළුල් අවශ්‍යතා පරාසයක් සඳහා විසඳුම් ලබා දෙන අතර, විශේෂයෙන් මෙම නිෂ්පාදන හරහා ඉන්දියානු වෙළෙඳපොළ ඉලක්ක කිරීම Lanka Special Steels සමාගමේ අරමුණයි.

 


 

උසස් තත්ත්වයෙන් යුත් මෙම නව හොට් ඩිප්ඩ් ගැල්වනයිස් වානේ කම්බි නිෂ්පාදන ද්විත්වය එළිදැක්වීම වෙනුවෙන් විශේෂ මාධ්‍ය හමුවක් පසුගිය දා පැවැත්වුණු අතර, ඒ සඳහා Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා, Salem Weld Mesh  කළමනාකාර අධ්‍යක්ෂ ආර්. නටරාජන්,  Lanka Special Steels සමාගමේ විකුණුම් හා අලෙවි ප්‍රධානී ගයාන් පතිනායක යන මහත්වරු ඇතුළු  Lanka Special Steels සහ Salem Weld Mesh යන සමාගම් දෙකෙහි ම සාමාජික සාමාජිකාවෝ සහභාගි වූහ. එමෙන් ම මෙම නිෂ්පාදන එළිදැක්වීමේ උත්සවය 2024 මාර්තු 2 වන දින, ප්‍රමුඛතම ඉන්දියානු පාරිභෝගිකයින් ඇතුළු සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහභාගිත්වයෙන් කොළඹ ටාජ් සමුද්‍රා හි දී පැවැත්වීමට නියමිත ය.

මේ පිළිබඳව Lanka Special Steels සමාගමේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී ප්‍රවීන් ද සිල්වා මහතා අදහස් දක්වමින්, “ ඉන්දියානු වෙළෙඳපොළ තුළ වසර 30 කට වැඩි කාලයක් Poultry වෙළෙඳපොළ සහ සාමාන්‍ය දැල් වෙළෙඳපොළේ පළපුරුද්දක් සහිත,  Salem Weld Mesh සමාගමේ සහාය ඇති ව මෙම නව වෙළෙඳ  නාම ද්විත්වය ගෝලීය වෙළෙඳපොළ වෙත් නිල වශයෙන් හඳුන්වා දීමට හැකි වීම ගැන අපි සතුටු වෙනවා.  අපගේ අත්දැකීම් සහ පළපුරුද්ද තුළින් අපගේ මෙම නව නිෂ්පාදන දෙක ඉන්දියාවට ඇතුළු වෙනත් රටවලට අපනයනය කිරීමට අපි අරමුණු කරනවා. ඉදිරියේ දී ඉන්දියාවේ විකුණුම් කාර්යාලයක් ස්ථාපිත කරමින් පුළුල් බෙදාහැරීමේ ව්‍යාපාරයක් සමඟ අපගේ අපනයන මෙහෙයුම් පුළුල් කිරීමට සැලසුම් කර තිබෙන බවත් සඳහන් කිරීමට කැමතියි.  නවීනතම යුරෝපීය/කැනේඩියානු යන්ත්‍ර සූත්‍ර සහ උපකරණ සහිත නිෂ්පාදනාගාර සමගින් උපරිම කාර්යක්ෂමතාවකින් යුත් බෙදා හැරීමේ සේවාවක් ගොඩනැංවීම සඳහා ඉන්දියාවේ උපාය මාර්ගික ස්ථානවල  ගබඩා අංගන කිහිපයක් ස්ථාපිත කිරීමට ද අපි කටයුතු කරමින් සිටිනවා.” යනුවෙන් ප්‍රකාශ කළේය.

මෙහි දී අදහස් දක්වමින් Salem Weld Mesh  කළමනාකාර අධ්‍යක්ෂ ආර්. නටරාජන් මහතා  පැවසුවේ, “Lanka Special Steels සමාගම සමඟ එක් ව කටයුතු කිරීමට ලැබීම ගැන  මම ඉතා සතුටු වෙනවා.  Poultry 300 සහ Premium 100 කම්බි නිෂ්පාදන බෙදා හැරීමේ සුවිශේෂී හවුල්කරු ලෙස කටයුතු කිරීමට ලැබීම අප සමාගම් දෙකේ දශක 2ක හවුල්කාරිත්වය තවත් ශක්තිමත් කරනවා. අපගේ ගනුදෙනුකරුවන් වෙත ගුණාත්මක බවින් ඉහළ ම  නිෂ්පාදන ලබා දීම සඳහා අපි ඉදිරියේදීත් එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Lanka Special Steels සමාගම ගෙන එන  හොට් ඩිප්ඩ් ගැල්වනයිස් කරන ලද කම්බි නිෂ්පාදන වසරකට මෙට්‍රික් ටොන් 30,000 ක ධාරිතාවකින් යුතුව නිෂ්පාදනය කරන අතර, එම නිෂ්පාදන සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ( SLS ) සහ ඉන්දියානු ප්‍රමිති කාර්යාංශයේ (BIS) අනුමැතිය සහිත ය.  ඒ අනුව, Lanka Special Steels සමාගමේ නිෂ්පාදන සඳහා  SLS 139:2003, IS 280:2006 සහ ISO 9001:2015 යන ප්‍රමිති සහතික ත්‍රිත්වය ම හිමි වී ඇත.

Lanka Special Steels සමාගම ශ්‍රී ලංකා තත්ත්ව හා ඵලදායිතා ප්‍රවර්ධනය සඳහා වූ සංගමය (SLAAQP) විසින් සංවිධානය කරන ලද 2023 තත්ත්ව හා ඵලදායිතාව පිළිබඳ ජාතික සම්මේලන (NCQP) සම්මාන උළෙලේ දී රන් සම්මාන 4ක් සහ ලෝකඩ සම්මානයක් ඇතුළුව තවත් සම්මාන රැසකින් පිදුම් ලැබීම මගින්, එම සමාගමේ නිෂ්පාදනවල ගුණාත්මක භාවයට උදාහරණ සපයයි මේ පිළිබඳව මොරටුව විශ්වවිද්‍යාලයේ ද්‍රව්‍ය විද්‍යා හා ඉංජිනේරු දෙපාර්තමේන්තුව විසින් කරන ලද පර්යේෂණ අධ්‍යයනයකින් තවදුරටත් තහවුරු කර ඇත. එහිදී Lanka Special Steels සමාගම විසින් නිෂපාදිත හොට් ඩිප්ඩ් ගැල්වනයිස් කරන ලද කම්බි නිෂ්පාදන භාවිත කාලය කාලය වසර 25 කට වඩා වැඩි බව තහවුරු වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nine − four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව