Kitchen & Bedroom නව වෙළෙඳ ලාංඡනයක් සමඟින් ඉදිරියටත් මෙරට අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණයට කැපවෙයි

1- Naufal and Rushmi (LBN)

දශක ගණනාවක් පුරා අභ්‍යන්තර ගෘහ සැලසුම්කරණය, නිර්මාණ පිළිබඳ කීර්තියක් උසුළන Kitchen & Bedroom සමාගම, අවමකරණ (minimalism) සංකල්පය, ප්‍රයෝජ්‍යතාව (functionality) සහ නවමු සුඛෝපභෝගීත්වය යන සිය ගුණාංග සියල්ල කැටිකරගත් නව වෙළෙඳ ලාංඡනයක් පසුගියදා හඳුන්වාදෙන ලදී.

 



 

සෙසු විලාසිතා මෙන්ම අභ්‍යන්තර සැලසුම්කරණ ක්ෂේත්‍රය තුළ ද අලංකරණය සහ ප්‍රයෝජ්‍යතාවට වැඩි අවධානයක් යොමුවේ. එමෙන්ම ඉන් ඔබ්බට ගොස් ඒ ඒ පුද්ගලයින්ගේ සිතුම් පැතුම්, හැඟීම්, මානසික සුවතාව ආදියට ද ආමන්ත්‍රණය කරන අතර, සාර්ථක අභ්‍යන්තර සැලසුම්කරණ නිර්මාණයක් හරහා ප්‍රයෝජ්‍යතාවට අමතරව, සුවපහසුව සහ සෞන්දර්යාත්මක ජීවන අවකාශයක් ගොඩනැඟීමට අවස්ථාව උදාවේ.

Kitchen & Bedroom හි සැලසුම් ශිල්පීන් සහ නිර්මාණ ශිල්පීන් සිය පාරිභෝගිකයින්ගේ අවශ්‍යතාවන්ට සරිලන ලෙස කලාත්මකබව සහ විද්‍යාව මුසුකරගත් නිර්මාණ සැපයීමට සමත් අතර පාරිභෝගිකයින්ගෙන් සියයට 90ක්ම යළි යළිත් සේවා සඳහා Kitchen & Bedroom වෙතම පැමිණීම තුළින් ඔවුන් ලබාගන්නා සේවාවේ විශිෂ්ටත්වය මැනවින් පිළිබිඹු වේ.

″ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර ගෘහ නිර්මාණකරණයේ සහ අවකාශ සැලසුම්කරණයේ ප්‍රමුඛයෙකු ලෙස නවීන අදහස් පාරිභෝගිකයින් වෙත සමීප කිරීමට අප සතු කැපවීම මෙම නව වෙළෙඳ ලාංඡනය හඳුන්වාදීමේ අරමුණයි. නිර්මාණකරණයේදී කුඩා අංග දෙස පවා ඉහළ අවධානයක් යොමුකිරීම, අප සමාගම සතු සුවිශේෂ ගුණාංගයක් ලෙස පෙන්වා දිය හැකියි. එය අපට සෙසු ගෘහ සැලසුම්කරණ සමාගම්වලට වඩා ප්‍රමුඛත්වයක් හිමිකරදෙනවා. ඉදිරියටත් නව අදහස් සහ නිර්මාණ සමඟින් ඉහළ පාරිභෝගික සේවාවක් ලබාදීමට අපි කැපවී සිටිනවා″, යනුවෙන් Kitchen & Bedroom සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය මොහොමඩ් රුෂ්මි සක්වාෆ් මහතා ප්‍රකාශ කළේය.

සමාගම මගින් නිර්මාණය කරන යුරෝපීය සහ සෙසු සමකාලීන ගෘහ නිර්මාණ රටා, 2D සහ 3D තාක්ෂණය යොදාගනිමින් පාරිභෝගිකයින් වෙත ඉදිරිපත් කෙරේ. එතුළින් විවිධ වර්ණ රටා, ආලෝක සහ විදුලි පද්ධති සැලසුම් ද සමඟින් තම අවකාශ සැලසුම්කරණය පිළිබඳ වඩාත් හොඳ පූර්ව අවබෝධයක් ලබාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට උදා වේ. සාධාරණ මිල ගණන් යටතේ ඉදිරිපත් කෙරෙන මෙම සේවාව තුළින් තම නිවස හෝ අවකාශය සඳහා වඩාත්ම ගැලපෙන උසස්ම තත්ත්වයේ සහ ඉහළ කල්පැවැත්මක් සහිත අවකාශ සැලසුම්කරණය හඳුනාගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමිවේ.

″නව වෙළෙඳ ලාංඡනය හඳුන්වාදීමත් සමඟ අලුත් වූ අපේ ගමන පිළිබඳ අපි මහත් සේ සතුටට පත්වෙනවා. පාරිභෝගික භාණ්ඩ අලෙවි ක්ෂේත්‍රය තුළ මා සතු දේශීය සහ ජාත්‍යන්තර මෙහෙයුම් අත්දැකීම් හරහා Kitchen & Bedroom හි ප්‍රධාන කාර්යසාධන දර්ශක ළඟාකරගැනීමටත් ඒ හරහා සාර්ථක ප්‍රතිඵල අත්පත්කරගැනීමටත් හැකිවනු ඇත. ඒ හරහා අපගේ විශිෂ්ට, ප්‍රයෝජ්‍ය සහ හැඟීම් හා අනුබද්ධිත අවකාශ නිර්මාණකරණය වැඩිදියුණු කිරීමටත් අවස්ථාව උදාවනු ඇත″, යනුවෙන් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මොහොමඩ් නවුෆාල් නූර්ඩීන් මහතා පැවසුවේය. විචල්‍යතා කළමනාකරණය තුළ පර්යේෂකයෙකු සහ ආයතනික පුහුණුකරුවෙකු ලෙස දශක හතරකට වැඩි අත්දැකීම් සමුදායක් ඔහු සතු ය.

නේවාසික සහ වාණිජ අවකාශ ආශ්‍රිත සැලසුම්කරණ ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරන Kitchen & Bedroom සමාගමේ ප්‍රදර්ශනාගාරය කොළඹ 5 ප්‍රදේශයේ පිහිටා ඇත. Blueberry සන්නාමයේ නවීන ගෘහභාණ්ඩ සහ උපාංගවලට ප්‍රසිද්ධියක් උසුළන සමාගම, අවකාශ සැලසුම්කරණය, CAD නිර්මාණ, 3D නිර්මාණ, ගෙබිම් ඇතිරුම් සහ වර්ණගැන්වීම්, සීලිම් නිර්මාණය, ආලෝකකරණය, බිත්ති වර්ණගැන්වීම, මුළුතැන්ගේ බිත්ති ටයිල් ගැන්වීම්, කැබිනට්ටු සැලසුම්කරණය, ඇඳුම් කාමර සැලසුම්, නිදන ඇඳන්, කවුන්ටර් ටොප්, පවුඩර් රූම්ස්, ඩ්‍රෙසින් ඒකක සහ මුළුතැන්ගේ උපකරණවලට විදුලි පද්ධති සැපයීම ඇතුළු පුළුල් සේවා රැසක් සපයයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

two × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව