
Keells Food Products PLC ආයතනය මිල පිළිබඳ තරඟකාරීත්වය සහ කෙටිකාලීන වෙළඳ සම්මුති මගින් මෙහෙයවනු ලබන කර්මාන්තයක් තුළ වුවද, අඛණ්ඩව සිය විශිෂ්ටත්වයට ප්‍රමුඛත්වය ලබා දුන් ආයතනයක් වන අතර වෙළෙඳපොළ අස්ථාවර තත්ත්වයන්ට මුහුණ දුන් අවස්ථාවන්හී දී පවා තත්ත්ව ප්‍රමිතීන් වෙනස් නොකරන ලද ආයතනයකි. මෙම ජයග්‍රහණය තුළින් පාරිභෝගිකයන්ට වඩා හොඳ, ආරක්ෂිත මෙන්ම උසස් තත්ත්වයේ නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබා දීම පිළිබඳව සමාගමේ දිගුකාලීන පොරොන්දුව පිළිබිඹු කරයි. එසේම, වේගයෙන් වෙනස් වන, ඉහළ ඉල්ලුමක් පවතින මෙම ක්ෂේත්‍රයේ තරඟ කිරීමට ආයතනය සතු නොසැලෙන ධෛර්යය ද විදහා දක්වයි.
Keells Food Products PLC, නිෂ්පාදන (මධ්‍යම) කාණ්ඩයේ සමස්ත ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් 2023 ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මානය දිනා ගනිමින්, ශ්‍රී ලංකාවේ සැකසූ ආහාර ක්ෂේත්‍රයේ සිය විශිෂ්ටත්වය තහවුරු කළේය. පසුගිය දා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් පිරිනමන ලද මෙම සම්මානය, ආයතනික හැකියාව, සංස්කෘතිය සහ එහි ප්‍රතිඵල ඇතුළු සියලු අංශ ඔස්සේ කාර්ය සාධන විශිෂ්ටත්වය වෙනුවෙන් ජාතියේ ඉහළම ඇගයීම සහතික කරයි.
1983 දී ආරම්භ කරන ලද Keells Food Products PLC., ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම මස් නිෂ්පාදන සමාගම ලෙස සැකසූ ආහාර ක්ෂේත්‍රයේ පෙරළිකරුවෙකු විය. වසර ගණනාවක් පුරා, මෙම ආයතනය දියුණු සැකසුම් තාක්ෂණයන්, විධිමත් තත්ත්ව කළමනාකරණ පද්ධති හා ගෝලීය ප්‍රමිතීන්ට අනුකූල මෙහෙයුම් ක්‍රමවේද හරහා කර්මාන්ත ප්‍රමිතීන් ඉහළ නංවා ඇත.
Keells Food Products PLC, නිෂ්පාදනවල අඛණ්ඩතාව සඳහා වූ ඔවුන්ගේ කැපවීම බහු සහතිකකරණයන් මගින් තවදුරටත් ශක්තිමත් කරන අතර ආහාර සුරක්ෂිතතාව සඳහා ISO 22000:2018, තත්ත්ව කළමනාකරණය සඳහා ISO 9001:2015, වෘත්තීය සෞඛ්‍ය සහ ආරක්ෂාව සඳහා ISO 45001:2018, සහ HALAL සහතිකය ඇතුළු බහුවිධ සහතික කිරීම් ලබා තිබේ. එමෙන්ම සමාගම සිය ප්‍රධාන නිෂ්පාදන කාණ්ඩ කිහිපයක් සඳහා SLS සහතිකය ද ලබාගෙන ඇත්තේ ප්‍රමිතීන්ට අනුගත වීම සහ ආරක්ෂාව පිළිබඳ සිය කැපවීම තවදුරටත් තහවුරු කරමිනි.
ජාතික තත්ත්ව සම්මානය දිනා ගැනීම මඟින් Keells Food Products PLC, පර්යේෂණ, සංවර්ධන සහ ක්‍රියාවලි වැඩිදියුණු කිරීම සඳහා ආයෝජනය කිරීමට නවීන තාක්ෂණය යොදා ගනිමින් එහි අඛණ්ඩව දියුණු වීමේ සංස්කෘතිය තහවුරු කරයි.
සමස්ත ආයතනික විශිෂ්ටත්වය වෙනුවෙන් ලැබුණු මෙම ඇගයීම හේතුවෙන් ආසියා පැසිෆික් තත්ත්ව සංවිධානය (APQO) විසින් පවත්වනු ලබන ගෝලීය කාර්යසාධන විශිෂ්ටතා සම්මාන (GPEA) සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට ද මෙම ආයතනයට අවස්ථාව හිමි වේ. මෙය ඔවුන්ගේ ගුණාත්මක ගමන් මග ජාත්‍යන්තර තලයට ඔසවා තබනු ඇත.
John Keells පාරිභෝගික ආහාර අංශයේ සභාපති දමින්ද ගම්ලත් මහතා මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින්, මෙසේ පැවසීය.
“මෙම සම්මානය Keells Food Products PLC හි ගුණාත්මකභාවය සහ මෙහෙයුම් විශිෂ්ටත්වය සඳහා වන නොසැලෙන කැපවීම පිළිබඳ ප්‍රබල තහවුරු කිරීමකි. අපගේ නිෂ්පාදන ක්‍රියාවලීන් සහ ආයතනික පද්ධති හරහා ඉහළම ප්‍රමිතීන් පවත්වා ගැනීමට අපගේ කණ්ඩායම් කැපවී සිටින අතර, මෙය ඔවුන්ගේ උනන්දුව සහ විනය පිළිබිඹු කරයි.”
Keells Food Products PLC හි ප්‍රධාන විධායක නිලධාරී විරංග වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය.
“ජාතික තත්ත්ව සම්මානය දිනා ගැනීම අපගේ ආයතනයේ සෑම සාමාජිකයෙකුගේම සාමූහික ප්‍රයත්නයන් පෙන්නුම් කරයි. GPEA හිදී ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය නියෝජනය කිරීමට සූදානම් වන විට, ප්‍රමිතීන් තවදුරටත් ඉහළ නැංවීමට මෙය අපව දිරිමත් කරයි.”
Keells Food Products PLC සිය විශිෂ්ටත්වයේ ගමන ඉදිරියට ගෙන යන අතරතුර, තාක්ෂණික හැකියාවන් ශක්තිමත් කිරීමට, නවෝත්පාදන කටයුතු පුළුල් කිරීමට සහ පාරිභෝගිකයන්ට දුන් පොරොන්දුව ආරක්ෂා කිරීමට අවධානය යොමු කර ඇති අතර මෙමගින් නැවත වරක් පිළිබිඹු වන්නේ, Keells Food Products PLC සඳහා ගුණාත්මකභාවය යනු සැබවින්ම පවතින්නා වූ දෙයක් බවයි.


