Kaspersky ශ්‍රී ලංකාවේ ඩිජිටල් අනාගතය ආරක්ෂා කිරීමට පෙරමුණ ගනියි

kaspersky

ශ්‍රී ලංකාව වේගයෙන් ඩිජිටල් තාක්ෂණය වැළඳගැනීමත් සමඟ රටේ ආර්ථික වර්ධනය සහ නවෝත්පාදනය ආශ්‍රිතව විශාල අවස්ථා ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ. ඒ අතර, සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම ද ඊට සමගාමීව ඉහළ යාම සැළකිල්ලට ගත යුතුව තිබේ.

2024 වසරේ Kaspersky ආරක්ෂක දත්ත වාර්තාව සහ Kaspersky සයිබර් තර්ජන සංඛ්‍යාදත්ත වාර්තාව පෙන්නුම් කරන ආකාරයට ගෝලීය වශයෙන් සයිබර් අපරාධ 467,000ක් පමණ දිනකට සිදුවන අතර එය වාර්ෂිකව 14%ක වැඩිවීමකි. එහිදී විශේෂයෙන්ම Trojan ක්‍රියාකාරකම්වල 33%ක වැඩිවීමක් ද, Trojan-droppers හි 2.5 ගුණයක වැඩිවීමක් ද දක්නට ලැබේ. The Kaspersky Top Exploited Vulnerabilities 2023–2024 වාර්තාව හරහා ද Linux ආශ්‍රිත අපරාධවලට වාර්ෂිකව තුන්ගුණයක වර්ධනයක් පෙන්නුම් කෙරේ. එදිනෙදා බහුලව භාවිතයට ගන්නා, පරිගණක මෙහෙයුම් පද්ධති, ඇප් මෘදුකාංග ආදියේ ඇති දුර්වලතා මෙම සයිබර් අපරාධ සඳහා සූක්ෂමව යොදාගැනේ.

 



 
″ශ්‍රී ලංකාවේ බොහෝ ආයතන තවමත් භාවිත කරන්නේ, ඉතා පැරණි තොරතුරු තාක්ෂණ පද්ධති සහ ආරක්ෂණ ක්‍රමවේදයි. එම නිසා සයිබර් අපරාධකරුවන්ගේ පහසු ගොදුරු බවට එම ආයතන පත්වෙනවා″, යනුවෙන් Kaspersky හි ආසියානු කලාපයේ නැගී එන රටවල විකුණුම් අංශ ප්‍රධානී සෑම් යන්ග් මහතා පවසයි.

Kaspersky පෙන්වාදෙන ආකාරයට 2025 පළමු කාර්තුවේ සිට දෙවන කාර්තුව දක්වා කාලය තුළ වින්ඩෝස් පරිගණක භාවිත කරන්නන් සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානමේ වැඩිවීමක් පෙන්නුම් කරතිබේ. තව ද 2024 පළමු කාර්තුවට සාපේක්ෂව 2025 පළමු කාර්තුවේ එම සයිබර් ප්‍රහාර ප්‍රමාණය සියයට 25කින් වැඩිවී ඇති අතර 2024 දෙවන කාර්තුව හා සැසඳීමේදී 2025 දෙවැනි කාර්තුවේ එම ප්‍රහාර සංඛයාව 8%කින් ඉහළ ගොස් තිබේ. මේ අතර Linux පරිගණක භාවිතකරන්නන් සයිබර් අපරාධවලට මුහුණ පෑමේ අවදානම 2019-2022 කාලයට සාපේක්ෂව 2023දී තුන් ගුණයකින් කැපීපෙනන ලෙස ඉහළ ගොස් තිබේ.

″ශ්‍රී ලංකාවේ රාජ්‍ය අංශයේ සහ පෞද්ගලික අංශයේ ඒ ඒ ආයතනවල පවතින තොරතුරු තාක්ෂණ භාවිතාවන් එකිනෙකට වෙනස්. එම නිසා පොදු සයිබර් ආරක්ෂණ ක්‍රමවේදයක් භාවිත කිරීම යෝග්‍ය නැහැ. සෑම ආයතනයක්ම තම අවශ්‍යතාවන්ට ගැලපෙන සයිබර් ආරක්ෂණ විසඳුමක් සපයා ගැනීමට උත්සාහ කළ යුතුයි″, යනුවෙන් සෑම් යන්ග් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

මේ අතර ඇපල් පරිගණක භාවිතාකරන්නන් ද සයිබර් ප්‍රහාරවලින් ගැලවී සිටීමට සමත්ව නැත. දිනෙන් දිනම ඇපල් පරිගණක සහ අනෙකුත් උපාංග ඉලක්ක කරගත් වෛරස් සයිබර් අවකාශයට එකතුවෙමින් තිබේ. ශ්‍රී ලංකාව තවමත් සයිබර් ආරක්ෂණය දෙස බලන්නේ යමක් සිදුවූ පසු ඊට ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියක් ලෙසයි. යමක් සිදුවීමට පෙර එය වළක්වා ගැනීමේ ක්‍රියාවලියක් ලෙස සයිබර් ආරක්ෂණය සැළකීමට ශ්‍රී ලංකාව දැන්වත් ක්‍රියාකළ යුතුයි. එහිදී දියුණු සයිබර් ආරක්ෂණ යාන්ත්‍රණ සහ EDR උපාංග වෙනුවෙන් ආයෝජනය කිරීමට පියවර ගැනීම ඉතා වැදගත්, යන්ග් මහතා පවසයි.

එමෙන්ම මෘදුකාංග ආශ්‍රිත අවදානම් වළක්වාගැනීමේදී රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේම සහයෝගීතාවේ වැදගත්කම ද ඔහු ඉස්මතු කරයි. 2024 වසරේදී ශ්‍රී ලංකාවේ වාණිජ ආයතන පමණක් සයිබර් ප්‍රහාර 9,218කට මුහුණ දී තිබේ. එවන් පසුබිමක, සයිබර් ප්‍රහාරවලට මනා සූදානමක් සලසා ගැනීමට ශ්‍රී ලාංකික ආයතන සහ සංවිධාන ක්ෂණික පියවර ගත යුතුව තිබේ. 

 

Home  Facebook

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − ten =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව