JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) 2025 ‘Great Place To Work’ සහතිකකරණය හිමිකරගනී

Capture

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) 2025 Great Place To Work® සහතිකකරණය හිමි කරගැනීමට පසුගියදා සමත් විය. මෙම ගෞරවණීය ඇගයුම පිරිනමනු ලබන්නේ කිසියම් ආයතනයක සේවය කරන වර්තමාන සේවක සේවිකාවන්ගේ අදහස් මත සම්පූර්ණයෙන්ම පදනම්වය. මෙවර සමීක්ෂණයේදී JXG කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ 97% ක්ම එය ‘රැකියාව කිරීමට සුදුසුම ආයතනයක්’ ලෙස නම්කර තිබිණි.

විශිෂ්ට ආයතනික සංස්කෘතියක් ඇති, සේවක තෘප්තිය ඉහළ මට්ටමක පවතින සහ විශිෂ්ට නායකත්ව චර්යාවන් සහිත සමාගම් හා ආයතන සාමාන්‍යයෙන් ඉහළම මට්ටමේ ආදායම් උපයන අතර, එබඳු සමාගම්වල සේවක සේවිකාවන් සමාගම හැර යාමේ ප්‍රවණතාව අවමය. එමෙන්ම එබඳු සමාගම්වල නවෝත්පාදනය සඳහා සියලුම දෙනා දායක වෙති. Great Place To Work®  යනු මෙවැනි ආයතනික සංස්කෘතියක් ඇති සමාගම් හා ආයතන ඇගයීමට ලක්ක්කරන ලොව ප්‍රමුඛතම අධිකාරියයි.




“Great Place To Work සහතිකකරණය යනු සමාගම් හා ආයතන ඉහළින්ම අපේක්ෂා කරන පිළිගැනීමක්. ඒ සඳහා සමස්ත සේවක තෘප්තිය වෙනුවෙන් අඛණ්ඩ හා චේතනාන්විත කැපවීමක් අවශ්‍ය වනවා. කිසියම් ආයතනයක රැකියා සංස්කෘතිය සම්බන්ධයෙන් එම ආයතනයේම සේවක සේවිකාවන් වෙතින් ලබාගත් ආසන්නතම ප්‍රතිචාර මත පදනම් වී පිරිනමන එකම නිල ඇගයුම මෙයයි. JXG යනු තම සේවක සේවිකාවන්ට විශිෂ්ට රැකියා පරිසරයක් තුළ සේවය කිරීමට අවස්ථාව සලසා දෙන ප්‍රමුඛතම සමාගම් අතරින් එකක් බව, මෙම ඇගයුම ඔවුන් වෙත හිමි වීම මඟින් පැහැදිලි වනවා.” Great Place To Work හි උප සභාපති (ගෝලීය පිළිගැනීමේ) සේරා ලුවිස්-කලින් මහත්මිය පැවසුවාය.

“අප ආයතනයේ ශක්තිය පන්නරය ලබන්නේ අපගේ කාර්ය මණ්ඩලයේ ශක්තිය තුළින් බව අප දන්නවා. ඒ නිසා මෙම ඇගයුම හිමි වීම අපට විශාල ගෞරවයක්. Great Place To Work Certified™ පිළිගැනීම හිමි ආයතනයක් බවට පත් වීම මඟින් අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ආයෝජනය කිරීම සඳහා අප දක්වන උනන්දුව හා කැපවීම තවදුරටත් තහවුරු වනවා. එමෙන්ම එය සහයෝගීත්වය, නවෝත්පාදනය සහ විශිෂ්ටත්වය සඳහා ඉඩකඩ ඇති, කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට සමාන අවස්ථා හිමි වන ආයතනික සංස්කෘතියක් පවත්වාගෙන යාම සඳහා අප දරන නිරන්තර උත්සාහයට ලැබුණු පිළිගැනීමක් ලෙසත් හැඳින්වීමට පුළුවන්.” JXG සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී වසන්ති ස්ටීවන් මහත්මිය පැවසුවාය.

සමීක්ෂණය තුළදී JXG කාර්ය මණ්ඩලය සමාගමට ඉහළම මට්ටමේ ඇගයීමක් ලබා දී තිබූ අතර, ඔවුන් පවසා තිබුණේ JXG යනු සේවකයන්ගේ හඬට සවන් දෙන, ප්‍රජා සත්කාරමය කටයුතු සඳහා මැදිහත් වන, විශ්වාසනීය රැකියා පරිසරයක් සහිත ආයතනයක් බවයි. Trust Index™ තුළදී ප්‍රධාන වශයෙන් අවධානය යොමු වන අංශ 5 දීම JXG වෙත ඉතා ඉහළ ප්‍රතිචාර ලැබී තිබුණු අතර, විශේෂයෙන්ම JXG යනු සුහදශීලී, කාටත් සමානව සලකන, තමන්ට විශ්වාසය තැබිය හැකි කළමනාකරණයක් සහිත ආයතනයක් බව සේවක සේවිකාවන්ගේ අදහස වී තිබිණි.

එක්සත් ජනපදයේ Great Place To Work පර්යේෂණයට අනුව, රැකියා අපේක්ෂිතයන්ට Great Place To Work සහතික ලත් ආයතනයකදී විශිෂ්ට රැකියා ප්‍රධානියෙකු යටතේ රැකියාව කිරීමට අවස්ථාව හිමි වීමට 4.5 ගුණයක වැඩි ඉඩක් පවතී. එමෙන්ම වෙනත් ආයතනවලට සාපේක්ෂව එම සහතිකකරණය හිමි සේවා ස්ථානවල සේවක සේවිකාවන් වඩාත් කැමැත්තෙන් රැකියාවට පැමිණෙන සම්භාවිතාව 93% කින් වැඩි වන අතර, ඔවුන්ට සාධාරණ ලෙස වැටුප් ලැබීමට, සමාගමේ ලාභයෙන් සාධාරණ කොටසක් උපයා ගැනීමට සහ උසස්වීම් සඳහා සාධාරණ අවස්ථාවක් ලැබීමට දෙගුණයක වැඩි ඉඩක් ඇත.

ඔබටත් රැකියා අවස්ථා!

කාර්ය මණ්ඩලයේ යහපතට මුල්තැන දෙන විශිෂ්ට සේවා ස්ථානයක රැකියාව කිරීමට ඔබත් කැමති නම්, පහත සඳහන් වෙබ් ලිපිනය ඔස්සේ අපගේ රැකියා ඇබෑර්තු වෙබ් පිටුවට පිවිසෙන්න:

https://jxg.lk/careers/



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව