JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) CPM Sri Lanka සංවිධානය කළ ‘Best Management Practices Company Awards 2025’ හිදී ඇගයීමට ලක්වේ

Image (LBN)

JXG (ජනශක්ති සමූහ ව්‍යාපාරය) පසුගියදා පැවති ‘Best Management Practices Company Awards 2025’ උළෙලේදී ‘විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය’ කාණ්ඩයේ සම්මානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා වරලත් වෘත්තීය කළමනාකරුවන්ගේ සංගමය [Institute of Chartered Professional Managers of Sri Lanka (CPM Sri Lanka)] විසින් සංවිධානය කරන ලද මෙම සම්මාන උළෙලෙහි අරමුණ වූයේ, ඵලදායී කළමනාකරණ ක්‍රමෝපායන් ඔස්සේ ව්‍යාපාර තිරසාරත්වය හා වර්ධනය වෙනුවෙන් කැපවුණු සමාගම් හා ආයතන ඇගයීමට ලක්කිරීමය.
 



 
JXG පසුගිය කාලය තුළ ඵලදායී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමේ අරමුණින් සුවිශේෂී වැඩසටහන් මාලාවක් ක්‍රියාවට නැංවීය. එම වැඩසටහන් මාලාව සාර්ථක වී ඇති බවට මෙම සම්මානය සාක්ෂි දරයි.

තම ප්‍රධාන කාර්යාලය Mireka Towers හි පිහිටුවීමත් සමග JXG විවෘත කාර්යාල ආකෘතියක් (Open Office model) අනුගමනය  කරන ලදී. මෙය කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහයෝගීත්වය හා ඵලදායීතාව ඉහළ නැංවීම ඉලක්ක කරගත් සහයෝගීතා කේන්ද්‍ර (Collaboration Hubs) ඇතුළත් සුවිශේෂී සැලසුමකි. මේ ආකාරයට රැකියා ස්ථානය පූර්ණ පරිවර්තනයකට ලක්කිරීමේ ව්‍යාපෘතියක් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වීම, මෙම සම්මානය JXG වෙත හිමි වීමට බලපෑ ප්‍රධානතම සාධකයක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් JXG හි සමූහ ප්‍රධාන මානව සම්පත් නිලධාරිනී වසන්ති ස්ටීවන් මහත්මිය මෙසේ පැවසුවාය , “මෙම සම්මානය හිමි වීම පිළිබඳව අප නිහතමානීව සතුටු වන්නෙමු. මෙය සමාගමේ සහයෝගී ආයතනික සංස්කෘතිය ගොඩනැගීම සහ අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා විශාල දායකත්වයක් ලබාදෙන සාමාජික සාමාජිකාවන් සියලුම දෙනාගේ ජයග්‍රහණයකි. එමෙන්ම මෙය සහයෝගීත්වය හා නවෝත්පාදනය ඔස්සේ විශිෂ්ට ලෙස කළමනාකරණ ක්‍රමවේදයන් ක්‍රියාවට නැංවීම සඳහා සමාගම තවදුරටත් දිරිගන්වනු ඇත.”

JXG කාර්යාල පරිශ්‍රය නව අදහස් දිරිගන්වන අවකාශයකි. කාර්යක්ෂමතාව, ඵලදායීතාව හා නවෝත්පාදනය යන ගුණාංගවලට මුල්තැන දෙන අතරම නම්‍යශීලීත්වය ආරක්ෂා වන සුවිශේෂී රැකියා පරිසරයක් ස්ථාපිත කිරීම සඳහා කළමනාකරණ ක්‍රමෝපායන් සහ තිරසාරත්ව වැඩසටහන් මෙන්ම නවීනතම තාක්ෂණයන්ද භාවිතා කිරීමට ජනශක්ති සමූහය පියවර ගෙන තිබේ.

මේ සියල්ල ඔස්සේ සාමාජික සාමාජිකාවන්ගේ දැනුම මෙන්ම සමාගමේ විවිධ අංශ අතර සහයෝගීතාව වර්ධනය වන සුහදශීලී ආයතනික සංස්කෘතියක් නිර්මාණය කිරීමට ජනශක්ති සමූහ ව්‍යාපාරය සමත් වී ඇත. මෙම සම්මානය, ආයතනික දියුණුව උදෙසා ජනශක්ති සමූහය දරන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන අතරම, ක්ෂේත්‍රයේ අනාගතය උදෙසා නව ආදර්ශයන් හඳුන්වා දෙන සුවිශේෂී සන්ධිස්ථානයක් වනු ඇත.
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

twenty − fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව