IWS Logistics හි මෙහෙයුම් කාර්යක්ෂමතාවය වර්ධනයට DIMO වෙතින් KALMAR DCU80

Senior management representatives of DIMO and IWS, together with other officials, at the handing-over ceremony of the KALMAR DCU80 Empty Container Handler. (LBN)

ශ්‍රී ලංකාවේ  KALMAR උපකරණ බෙදාහැරීම පිළිබඳ බලයලත් නියෝජිතයා ලෙස කටයුතු කරන  DIMO, පසුගියදා මෙරට ප්‍රමුඛතම පෞද්ගලික බහාලුම් ගබඩා මෙහෙයුම්කරුවෙකු වන IWS Logistics (Private) Limited වෙත අති නවීන KALMAR DCU80 Empty Container Handler (ECH) රථයක් සපයන ලදී.

මෙම KALMAR DCU80 Empty Container Handler රථය ටොන් 8ක එසවුම් ධාරිතාවයකින් යුක්තව නිමවා ඇත. එය හිස් බහාලුම් මැනවින් මෙහෙයවීම සඳහාම විශේෂයෙන් නිර්මාණය කර ඇති අතර මෙහෙයුම් කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමට ඉවහල් වේ. එමෙන්ම මෙය වඩාත් හොඳින් ඉඩකඩ  කළමනාකරණය කිරීමට මෙන්ම උපරිම ගබඩා ධාරිතාවක් පවත්වා ගැනීමට උපකාරී වන  අතර මෙය  General Purpose (GP) බහාලුම් හයක් උසට පහසුවෙන් හැසිරවිය හැකිය.




සම්ප්‍රදායික empty container handler සමඟ සංසන්දනාත්මකව බලන විට මෙම KALMAR DCU80 empty container handler මඟින් එහි ඇති නව Smart Hydraulics හරහා Load Sensing technology ඔස්සේ අවශ්‍ය විටදී පමණක් Hydraulics බලය සපයමින් ඉන්ධන පරිභෝජනය සහ නඩත්තු වියදම අවම කරන බව පැහැදිලි වේ. තවද ගබඩා තුළ සැලකිය යුතු මට්ටමින් කාබන් විමෝචනය අවම කිරීම කෙරෙහිද  බෙහෙවින් උපකාරී වන මෙය  බහාලුම්  මෙහෙයුම්කරුවන්ට ආර්ථිකමය වශයෙන් මෙන්ම පාරිසරික වශයෙන් ද ප්‍රතිලාභයන් රැසක් අත්කර දෙන  කදිම විකල්පයක් වේ.

24/7 මෙහෙයුම් හැකියාව සමඟින් දුෂ්කර මෙන්ම අභියෝගාත්මක දේශගුණ තත්ත්වයන්වලටද  ඔරොත්තු දීමේ හැකියාව සහතික කරන අතර  එහි ක්‍රියාකරු කේන්ද්‍ර කරගත්  සැකැස්ම ඉහළ මෙහෙයුම් කාර්යක්ෂමතාවක් සමඟ භාවිතයේ පහසුව තවදුරටත් වැඩි කරයි.

මේ පිළිබඳ සිය අදහස් එකතු කරමින්  IWS Holdings Pvt Ltd හි  අධ්‍යක්ෂ දිමිත්‍රි ෂෙරිෆ් මහතා මෙසේ සඳහන් කළේය. “IWS අපි දශක ගණනාවක් පුරාවට KALMAR සන්නාමය කෙරෙහි අපගේ විශ්වාසය තබා තිබෙනවා. KALMAR සඳහා මෙරට බලයලත් බෙදාහැරීම් නියෝජිතයා මෙන්ම, ඉංජිනේරු විශේෂඥතාවක් සහිතව අලෙවියෙන් පසු විශිෂ්ට සේවාවක් සමඟ අන්තර්ජාතික මට්ටමේ විසඳුම් සපයන ප්‍රමුඛ පෙළේ සමාගමක් වන DIMO සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ අපි බෙහෙවින් සතුටු වෙනවා. අපගේ ගබඩා මෙහෙයුම් වැඩිදියුණු කරමින් අපගේ පාරිභෝගිකයන්  වෙත උසස් සේවාවක්  KALMAR DCU80 Empty Container Handler ඔස්සේ අප සමාගමට ලබාදීමට  හැකිවනු  ඇතැයි අපි විශ්වාස කරනවා.”

DIMO හි විධායක අධ්‍යක්ෂ  චමින්ද රණවන මහතා මේ සම්බන්ධයෙන් මෙසේ ප්‍රකාශ කළේය. “වර්තමානයේදී පරිසර හිතකාමී ක්‍රමවේද ඔස්සේ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීම පිළිබඳ බොහෝ බහාලුම් මෙහෙයුම්කරුවන් වැඩි උනන්දුවක් දක්වනවා. KALMAR විසින් තිරසාරභාවය කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින් නිර්මාණය කළ උපකරණයක් සඳහා වූ කදිම නිදසුනක් ලෙස DCU80 හැඳින්විය හැකියි. පැරණි මාදිලි සහ අනෙකුත් නිෂ්පාදන සමඟ සංසන්දනාත්මකව බලන විට මෙහි අන්තර්ගත වන විශිෂ්ට hydraulic පද්ධති සහ කාර්යක්ෂම බලය හේතුවෙන් උපකරණයේ ඉන්ධන පරිභෝජනය සැලකිය යුතු ලෙස අවම  කර ඇති අයුරු අපට දැකගත හැකියි. ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය  වන ලොජිස්ටික් අංශයේ මෙහෙයුම් විශිෂ්ටත්වය සහ තිරසාරභාවය ප්‍රවර්ධනය කරන අති නවීන විසඳුම් හඳුන්වාදීමට හැකිවීම පිළිබඳව  DIMO, සමාගමක්  ලෙස නිහතමානිව සතුටු වෙනවා .”

මෙරට ලොජිස්ටික් අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සහ  හරිත අනාගතය සවිබල ගැන්වීම  සඳහා DIMO විසින් දක්වන කැපවීම KALMAR වැනි ප්‍රමුඛ පෙළේ සන්නාමයන්  සමඟ ගොඩනඟා ගෙන තිබෙන මෙවැනි හවුල්කාරිත්වයන් ඔස්සේ මැනවින් ඉස්මතු වේ. ලොව පුරා ඇති උසස් තාක්‍ෂණය  ශ්‍රී ලංකාව වෙත රැගෙන එමින් මෙරට කර්මාන්ත ක්ෂේත්‍රයේ  අභිවෘද්ධිය සදහා DIMO නිරන්තරයෙන්  දායකත්වය සපයයි.

Home  Facebook



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව