‘IODEX සුවසහන’ ශ්‍රී පාදස්ථානයේ දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ වේදනා සමනය කරයි

Suwa Sahana Image (LBN)

 



 

 

වේදනාව සමනය කිරීමේ විශේෂඥයා IODEX, මාර්තු මස 3 වනදා සිට මාර්තු මස 19 වනදා දක්වා දින 17 ක කාලයක් පුරා උතුම් ශ්‍රී පාදස්ථානයේ දී දියත් කළ ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන යටතේ දහස් සංඛ්‍යාත බැතිමතුන් පිරිසකගේ වේදනා සමනය කිරීමට කටයුතු කළේය.

“වේදනාවට ඔබව නතර කිරීමට ඉඩ නොදෙන්න” තේමාව පෙරදැරි කරගනිමින් මීට සය වසරකට පෙර ආරම්භ වූ මෙම ‘IODEX සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන එම කාලය තුළ දිවයිනේ විවිධ ආගමික, සංස්කෘතික පරිශ්‍රවලදී වන්දනාකරුවන්ට සහනය සැලසීමට කටයුතුකර ඇත. මෙවර ශ්‍රී පාදස්ථානය වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ හිසේ කැක්කුම්, බෙල්ලේ හා සන්ධි වේදනා සහ කොන්දේ කැක්කුම් වැනි ශාරීරික වේදනා මගින් වන්දනා ගමනට ඇතිවන බාධා අවම කරමින්, සක්‍රීයව ශ්‍රීපාදස්ථානය වන්දනාමාන කිරීමේ අවස්ථාව බැතිමතුන් හට ලබාදීම IODEX සුවසහන සමාජ සත්කාර වැඩසටහනේ අරමුණ විය.

ඒ අනුව වෙහෙසට පත් වන්දනාකරුවන්ට ශ්‍රීපාදස්ථාන පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති IODEX සුවසහන කුටි තුළ දී නොමිලයේ පාද සහ හිස සම්බාහනය සිදු කිරීමට IODEX කටයුතු කර ඇත. තවද GSK සමාගමේ ප්‍රධාන සන්නාමයක් වන පැනඩෝල්, වන්දනාකරුවන්ගේ සිරුරේ වේදනා සමනය කිරීම සඳහා පැනඩෝල් පෙති නොමිලේ ලබා දෙමින් මෙම සද් කාර්යය සමඟ අත්වැල් බැඳ ගත්තේය.

‘සුවසහන’ සමාජ සත්කාර වැඩසටහන මඟින් ශ්‍රී පාදස්ථාන කදු මුදුනට ප්‍රවේශ වීමේදී විවිධ අපහසුතාවලට ලක්වන වන්දනාකරුවන්ට විශේෂයෙන් වැඩිහිටි වන්දනාකරුවන්ට උපකාර කිරීම සඳහා ඒ වෙනුවෙන්ම විශේෂ වූ කණ්ඩායමක් යෙදවීමට කටයුතු කර තිබුණි. තවද මෙම කණ්ඩායම විසින් ශ්‍රී පාදස්ථාන වන්දනාව අතරතුර අබාධවලට ලක්වන වන්දනාකරුවන්ට උපකාර කිරීමටද කටයුතු කරන ලදී.

GSK ආයතනයේ ශ්‍රීලංකාව සහ මාලදිවයින මෙහෙයුම් ප්‍රධානි චානක වන්නිආරච්චි මහතා මෙම සුවසහන සමාජ සත්කාර වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “පසුගිය වසර හයක සිට අප දිවයිනේ විවිධ ආගමික හා සංස්කෘතික ස්ථානවල සුවසහන වේදනා සහන කලාප හරහා බැතිමතුන්ගේ අධ්‍යාත්මික ජීවිතය වැඩිදියුණු කිරීමට අත්වැලක් වීමට කටයුතු කරමින් සිටිනවා. මිහින්තලේ, කතරගම, නල්ලූර් වැනි පරිශ්‍රවලට විශේෂයෙන් වෙසක් සහ පොසොන් වැනි ආගමික වශයෙන් වැදගත් දිනවලදී රැස්වන දහස් සංඛ්‍යාත බැතිමතුන්ගේ සුව සහනය වෙනුවෙන් අප මෙම වැඩසටහන දියත් කරනවා. මෙරට ප්‍රමුඛත ම වේදනානාෂක ආලේපන සන්නාමයක් ලෙස මෙවැනි සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කිරීමට හැකිවීම පිළිබඳ අප බෙහෙවින් සතුටු වනවා.”

ශ්‍රී පාදස්ථාන වැඩසටහනෙන් පසු මෙම වසරේ සිංහල – හින්දු අලුත් අවුරුදු යේදී ද, පොසොන් පොහොය සමයේ මිහින්තලය පුදබිමේදී ද, අගෝස්තු මස නල්ලූර් උත්සවයේදී ද, අනතුරුව අනෙකුත් සෑම පොහෝ දිනකදී ම පන්සල් මුල්කරගනිමින් ද සංස්කෘතික උත්සව ගණනාවක් ආවරණය කරමින්, IODEX මෙම සමාජ සත්කාර වැඩසටහන ඉදිරියටත් අඛණ්ඩව පැවැ   ත්වීමට අපේක්ෂා කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව