INSEE සිමෙන්ති, ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට සිය ආයතනික මාර්ග ගමනාගමන ආරක්ෂණ පද්ධතිය සඳහා ගෝලීය සහතිකයක් දිනා ගනී

IMG_1239 (LBN)

 



 

 

ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිතව විසඳුම් සපයන ප්‍රමුඛතම ආයතනයක් වන INSEE සිමෙන්ති සමාගමේ මාර්ග ගමනාගමන ආරක්ෂණ (RTS) කළමනාකරණ පද්ධතිය  ISO 39001:2012 සහතිකයෙන්  පිදුම් ලබා ඇත. මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් මෙම සහතිකය දිනා ගත් පළමු අවස්ථාව මෙයයි.

INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම Siam City Cement (Lanka) Limited නමින් ලියාපදිංචි කෙරුණු අතර, එම ආයතනය තායිලන්තය පදනම් කරගත් Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකි. එමෙන් ම INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගම SCCC සමූහයට අයත්  සමාගම් අතරින් මෙම සහතිකය හිමිකරගත් ප්‍රථමයා ද වේ.

“ISO 39001:2012 සහතිකය ශ්‍රී ලංකාවට සුවිශේෂී වේ. අපගේ මාර්ග ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව මෙම ගෝලීය සහතික හිමි වීමත් සමඟ තහවුරු වුණා.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේය. “ ආයතනික වශයෙන් මාර්ග ආරක්ෂණයට මූලිකත්වය ලබා දී ඇති බව මෙන් ම, ඒ වෙනුවෙන් ඵලදායී සහ කාර්යක්ෂම ක්‍රියාමාර්ග ක්‍රියාත්මක වන බව මේ රටේ  ජනතාවට සහතික කිරීම ආයතනික පුරවැසියන්ගේ වගකීමක්. ඒ වගේ ම මේ රටේ අනෙකුත් සමාගම්වලටත් ඔවුන්ගේ මාර්ග ආරක්ෂණ ක්‍රියාවලිය වැඩිදියුණු කරගැනීමට උපකාර කිරීම සඳහා  අපි සූදානමින් සිටිනවා.” යනුවෙන් කුනිග් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

ප්‍රමිතිකරණය සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය (ISO) විසින් පිරිනමනු ලබන 39001:2012 තත්ත්ව සහතිකය  INSEE සිමෙන්ති වෙත පිරිනැමීම සඳහා නිර්දේශ කරනු ලැබුවේ පරීක්‍ෂණය, පරීක්‍ෂා කිරීම සහ සහතික කිරීම පිළිබඳ ගෝලීය ප්‍රමුඛයකු වන Bureau Veritas විසිනි. මෙම තත්ත්ව සහතිකය මගින් INSEE සිමෙන්ති සහ එම සමාගමේ කසළ කළමනාකරණ අංශය වන INSEE Ecocycle යන අංශ දෙක ම ආවරණය කරයි.  එමෙන් ම එමගින් සංවිධානාත්මක ආයතනික ක්‍රියාවලියක් තුළ ගුණාත්මක මාර්ග කළමනාකරණයක් ගොඩනංවා ගැනීම සඳහා මාර්ගෝපදේශ සපයයි.  මාර්ග රථවාහන අනතුරු  සහ එමගින් සිදු වන මරණ හා බරපතල තුවාල ඇතිවීමේ අවදානම අවම කිරීම මෙන් ම ඒ වෙනුවෙන් කැප වන ආයතනවලට සහයෝගය ලබා දීම එහි මූලික අරමුණයි.

“අපගේ පුළුල් බෙදාහැරීමේ ජාලය මගින් සමස්ත ශ්‍රී ලංකාව ම ආවරණය කිරීම සහ අපගේ මහාපරිමාණ මෙහෙයුම් ක්‍රියාවලිය තුළ   INSEE සිමෙන්ති සැපයුම් ආශ්‍රිත මෙහෙයුම්, වසරකට කිලෝමීටර මිලියන 20 කට වැඩි ප්‍රමාණයක් ආවරණය කරනවා.  මෙම තත්ත්ව සහතිකය සමඟින්, අපගේ මාර්ග ගමනාගමන ආරක්ෂණ කළමනාකරණ පද්ධතිය, මාර්ග ආරක්ෂාව වැඩි කිරීමට, මාර්ග තදබදය අඩු කිරීමට සහ අපගේ මෙහෙයුම්වල දී අවදානම අවම කිරීමට කටයුතු කරන බවට හොඳ ම නිදසුනක්.” යනුවෙන් INSEE සිමෙන්ති ශ්‍රී ලංකා සමාගමේ  සෞඛ්‍ය හා ආරක්ෂාව පිළිබඳ ප්‍රධානී රන්දික මෝසස් මහතා ප්‍රකාශ කළේය.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවට අනුව, ශ්‍රී ලංකාවේ දිනක දී සිදු වන සාමාන්‍ය මරණ අටකට මූලික හේතුව වන්නේ මාර්ග අනතුරුයි.  සෑම වසරක ම රට පුරා මාර්ග අනතුරු 38,000 ක් පමණ සිදු වන බව සමීක්ෂණ වාර්තා පෙන්වා දෙයි.

ISO 39001:2012 තත්ත්ව සහතිකය INSEE සිමෙන්ති සමාගමේ තිරසාර සංවර්ධන ඉලක්ක 17 න් යහපත් සෞඛ්‍ය සහ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කිරීම (3 වන ඉලක්කය),  ආරක්ෂිත මෙන් ම තිරසාර නගර හා මිනිස් ජනාවාස ගොඩනැංවීම (11 වන ඉලක්කය) සහ තිරසාර පරිභෝජන හා නිෂ්පාදන සංස්කෘතියක්  සහතික කිරීම (12 වන ඉලක්කය) යන ඉලක්ක ආවරණය කරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව