INSEE සිමෙන්ති, අභියෝගාත්මක කාලවල දී පවා ප්‍රජා සංවර්ධනය වෙනුවෙන් සිය අඛණ්ඩ සහාය ලබා දෙයි

5 (LBN Fill)

 



 

 

2022 වසරේ පළමු භාගය ඉලක්ක කරගත් බහු සමාජ සත්කාරක ව්‍යාපෘති සාර්ථකව නිම කරයි…..

ශ්‍රී ලංකාවේ විශාලතම සහ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති සමාගම  ප්‍රතිලාභීන් 500,000 කට අධික සංඛ්‍යාවකට සහයෝගය ලබා දෙන, ප්‍රජා සංවර්ධන ව්‍යාපෘති ගණනාවක ආයෝජනය කරමින් 2022 වසරේ පළමු භාගය අවසන් කළේය.  මෙම ව්‍යාපෘති පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනය සහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනය යන ආයතන ආශ්‍රිතව සිදු කෙරුණු අතර, එහි දී INSEE සිමෙන්ති සමාගම ආයතනික වශයෙන් ඉලක්කගත ප්‍රජාවන් තුළ රැකියා, සවිබල ගැන්වීම්, ප්‍රජා සංවර්ධන ආදී සුවිශේෂී වැඩසටහන් හරහා සිය ආයතනික ප්‍රජාවගේ සුබසාධනය මෙන් ම එමගින් ආයතනික දියුණුව ද සාක්ෂාත් කරගැනීමට සමත් විය.

සාමූහික, කාලීන මෙන් ම දිගුකාලීන ප්‍රයත්නයන් තුළින් 2030 වසර වනවිට සාක්ෂාත් කරගැනීමට අපේක්ෂා කරන සිය තිරසාර සංවර්ධන අරමුණු හරහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන ඉලක්ක (SDGs) සහ අනෙකුත් ගෝලීය සංවර්ධන අරමුණු සමඟ බද්ධවන  INSEE සිමෙන්ති එමඟින් දේශීය සන්නාමයක් ලෙස සිය අනන්‍යතාව රැකගන්නා අතරතුර සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්වය තහවුරු කිරීම වෙනුවෙන් කැප වෙයි.  එමෙන් ම INSEE සමාගමේ තිරසාර අරමුණු වෙනුවෙන් ක්‍රියාත්මක වන වැඩසටහන්වල දී ජනතාවගේ හා සිය  පාර්ශ්වකරුවන්ගේ සහභාගීත්වයට හිමි වන්නේ ප්‍රධාන තැනකි.

ක්‍රියාත්මක වීමට ශක්තිය ලබා ගැනීම …

මෙම වැඩසටහන් සඳහා ප්‍රශස්ථ ජනතා සහභාගීත්වයක් ලබාගැනීම වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම විසින් ප්‍රජා නායකයින්, දිස්ත්‍රික් ලේකම් කාර්යාල බලධාරීන් , කාන්තා හා ළමා කාර්යාංශය, ශ්‍රී ලංකා පොලිසිය, ආගමික නායකයින්, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, මධ්‍යම පරිසර අධිකාරිය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, මහ නගර සභාව, ග්‍රාම නිලධාරීන් ඇතුළු ග්‍රාමීය මට්ටමේ පරිපාලන නිලධාරීන් ආදී පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් සැදුම්ලත් ප්‍රජා උපදේශන මණ්ඩල ස්ථාපිත කර ඇත. INSEE සිමෙන්ති සමාගම මෙම ප්‍රජා උපදේශන මණ්ඩල හරහා බිම් මට්ටමේ ජනතාවගේ අවශ්‍යතා හඳුනා ගනිමින්, එම අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සැලසුම් කළ සුවිශේෂී ව්‍යාපෘති කිහිපයක් මේ වසරේ දෙවන අර්ධයේ දී දියත් කිරීමට සියලු ම කටයුතු සූදානම් කර ඇත.

INSEE සිය ප්‍රජාසත්කාරක වැඩසටහන් මාලාව යටතේ අවධානය යොමු කරන ප්‍රධාන ක්ෂේත්‍රවලින් එකක් ලෙස ප්‍රජා සංවර්ධනය හැඳින්විය හැකි අතර, එහි දී අධ්‍යාපනය, සෞඛ්‍ය සේවා, පිරිසිඳු ජල සම්පාදනය සහ සනීපාරක්ෂාව කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරයි. අධ්‍යාපනික වැඩසටහන් යටතේ INSEE සිමෙන්ති සමාගම පෙර පාසල් දරු දැරියන්ගේ මුල් ළමා විය අධ්‍යාපනය සංවර්ධනයට සහයෝගය ලබා දීම තුළින් යහපත් අනාගත පරපුරක් නිර්මාණය කිරීම අරමුණු කරමින් පෙරපාසල් හතරකට (පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනය සහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනය අවටින් දෙකක් සහ එළුවන්කුලම ප්‍රදේශයේ  එක් පෙරපාසලක්) මූල්‍යමය වශයෙන් මෙන් ම තවත් විවිධ අයුරින් සහයෝගය ලබා දීමට කටයුතු කළ අතර,  ‘ඉසුරු පාඨක සමාජය’ සමඟ එක් වෙමින් පුත්තලම, අට්ටවිල්ලුව ප්‍රදේශයේ පුස්තකාලයක් පිහිටුවීමට හා ඒ සඳහා පොත්පත් සැපයීමට ද  කටයුතු කෙරිණි.

සෞඛ්‍ය සේවා ප්‍රවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කෙරුණු වැඩසටහන් මාලාවේ දී INSEE සිමෙන්ති  සතිපතා නොමිලේ වෛද්‍ය සායන පවත්වමින් වෛද්‍ය පරීක්‍ෂණ සහ උපදේශන සේවා සැපයීමටත්,   වාර්ෂිකව පවත්වන වෛද්‍ය කඳවුරු සඳහා පහසුකම් සැලසීම හරහා දිගුකාලීන ප්‍රජා සෞඛ්‍ය සේවාවන් ප්‍රවර්ධනයටත් කටයුතු කරයි. ඊට අමතරව INSEE  වෙතින් පුත්තලම, ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානවල සතියකට දෙවරක් නොමිලේ පැවැත්වෙන වෛද්‍ය සායන සඳහා පහසුකම් සැලසීම ද සිදුකරන අතර, මෙවර වාර්ෂික වෛද්‍ය කඳවුර එළුවන්කුලම් ප්‍රදේශයේ ගම්වාසීන් 1500 කට අධික සංඛ්‍යාවකට සේවා ලබදෙමින් පැවැත්විණි. ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍ය උපදේශක වරුන්, රුහුණු පෞද්ගලික රෝහලේ හෙදියන් සහ තවත් ස්වේච්ඡා  වෛද්‍ය කාර්ය මණ්ඩලයක සහභාගිත්වයෙන් පැවති එම වැඩසටහන සඳහා මහමෝදර මාතෘ ශික්ෂණ රෝහල, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය හා වෛද්‍ය සේවා ඒකකය, රුහුණු රෝහල, සහ පානදුර ලයන්ස් ගිෆ්ට් ඔෆ් සයිට් රෝහලේ අක්ෂි සත්කාර ඒකකය ද සහයෝගය ලබා දුන් අතර, සිංහ සමාජයේ ජාත්‍යන්තර දිස්ත්‍රික් 306A/ 1 හි අනුග්‍රහයෙන් ඇස් කණ්ණාඩි 500 කට අධික ප්‍රමාණයක් බෙදා දීම ද එහි දී සිදුකෙරිණි.

දරුවන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු සමස්ත ජනතාවට ප්‍රතිලාභ ලබා දෙමින් ජලය පිරිපහදු කිරීමේ  Reverse Osmosis (RO) යන්ත්‍ර 6ක් ස්ථාපනය කිරීම මගින් පුත්තලම සිමෙන්ති නිෂ්පාදනායතනය ආසන්නයේ පිහිටි පාසල් ගණනාවකට පිරිසිදු ජල පහසුකම් ලබාදීම ද INSEE සිමෙන්ති සමාගම මගින් මෙම වසරේ දී සිදු කෙරුණු ප්‍රජා සත්කාරයකි.  ප්‍රදේශයේ සනීපාරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍යව පැවති වැසිකිළි ඉදිකිරීම ව්‍යාපෘතියක් සඳහා ද සිය සහයෝගය ලබා දීමට අරමුණු කරන INSEE සිමෙන්ති සමාගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන්ගේ සහ ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානවල සහයෝගයෙන් ඒ සඳහා අවශ්‍යතා සහිත පවුල් තෝරාගැනීමේ වැඩකටයුතු මේ වන විට  සිදුකෙරෙමින් පවතී.

රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනයේ සුබසාධක සංගමය විසින් සිය ආයතනික වගකීම ඉටුකිරීම අරමුණු කරගනිමින් ප්‍රදේශයේ වැඩිහිටි ජනතාව වෙනුවෙන් සංවිධානය කරන ලද ‘අපි යමු පන්සල්’ වැඩසටහන ද සුවිශේෂී සමාජ සත්කාරක ව්‍යාපෘතියක් ලෙස දැක්විය හැකිය. මෙහි දී අදාළ ප්‍රදේශයේ  ප්‍රජා සංවර්ධන මධ්‍යස්ථානයේ ඉල්ලීමකට අනුව, එම ප්‍රදේශයේ පිහිටා ඇති බොන්විස්ටා වැඩිහිටි නිවාසයේ වෙසෙන වැඩිහිටියන්ගේ ආධ්‍යාත්මික හා මානසික සුවය ඉහළ නැංවීම වෙනුවෙන් හම්බන්තොට කුරුළු උද්‍යානය, කතරගම රජ මහා විහාරය සහ  කැලණිය රජ මහා විහාරස්ථානය වෙත සංචාරයක් රැගෙන යාම සිදු කෙරිණි. එහි දී එම වැඩිහිටියන්ට අවශ්‍ය සියලු ම පහසුකම් සලසන ලද්දේ සමාගම විසිනි.

INSEE සිමෙන්ති සමාගම දිවයින පුරා කසළ කළමනාකරණය ඉහළ නැංවීමේ අරමුණින් සිය කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණ අංශය වන INSEE Ecocycle හි ක්‍රියාකාරිත්වය පුළුල් කිරීමට කටයුතු කළ අතර, කසල කළමනාකරණය සහ එහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු සිසුවියන් දැනුවත් කිරීම වෙනුවෙන්, ශ්‍රී ලංකාවේ දී පැවැත්වුණු  AIESEC ගෝලීය තරුණ සමුළුවට ද සම්බන්ධ විය. INSEE Ecocycle විසින්  AIESEC හි දී තෝරාගත් සිසු සිසුවියන් සඳහා කසළ කළමනාකරණය සහ අපද්‍රව්‍ය වෙන් කිරීම පිළිබඳ  දැනුමෙන් ඔවුන් සන්නද්ධ කිරීමට කටයුතු කළ අතර, ඒ වෙනුවෙන් සංවිධානය කෙරුණු සාර්ථක නියමු වැඩසටහනක් ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ක්‍රියාත්මක කෙරිණි.  එහි සාර්ථකත්වය හා යහපත් ප්‍රතිචාර හේතුවෙන් ඉදිරි මාසවල දී පුත්තලම සහ රුහුණු සිමෙන්ති නිෂ්පාදනායතනවලට ආසන්න තවත් පාසල් 6 ක මෙම වැඩසටහන දියත් කිරීමට INSEE සිමෙන්ති සමාගම සැලසුම් කර ඇත.

“රටක් විදියට මේ වසරේ දී අප මුහුණ දුන් අභියෝග මධ්‍යයේ වුවත්, ජනතාවට අපගේ සහයෝගය අඛණ්ඩව ලබා දීමේ අවශ්‍යතාව  INSEE සිමෙන්ති සමාගම හොඳින් තේරුම් ගත්තා. ඒ නිසා විවිධ ව්‍යාපෘති හරහා මේ රටේ ජනතාවට නන් අයුරින් උපකාර කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ වගේ ම ඉදිරියේදීත් ජනතාව නඟා සිටුවීමට අපට හැකි උපරිමයෙන් කටයුතු කරන බව මම අවධාරණය කිරීමට කැමතියි.” යනුවෙන් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා පැවසීය.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව