INSEE සමාගම කොලඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ පරිත්‍යාග කරයි

INSEE (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම, කොලඹ ජාතික රෝහල (NHSL) සිදු කළ ඉල්ලීමකට අනුව, එහි දැඩි සත්කාර ඒකකය (MICU) වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගයක් පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරිණි. එහි දී Noradrenaline Vials, CRRT කට්ටල, රුධිර ගෑස් කාට්රීජ (Blood Gas Cartridges), සංවේදක කාඩ්පත් (Sensor Cards), නාසෝගාස්ට්‍රික් ටියුබ (Nasogastric Tubes), මුත්‍රා කැතීටර (Urinary Catheters), මිලි ලීටර් 10 සිරින්ජ, නිර්ජීවාණු ශල්‍ය අත්වැසුම් (Sterile Surgical Gloves) පරීක්ෂණ අත්වැසුම් (Examination Gloves) සහ චූෂණ උපකරණ (Suction Jars) ඇතුළු උපකරණ හා ඖෂධ රැසක් සැපයීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කෙරුණු අතර, ඒ වෙනුවෙන් පසුගිය දා පැවැත්වුණු චාම් උත්සවයේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක හා බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරුන් විසින් කොලඹ ජාතික රෝහලේ වෛද්‍ය ඩිල්ෂාන් ප්‍රියංකර, වෛද්‍ය සජීවක හා හෙද ප්‍රධානී ශිරෝමිනී යන මහත්ම මහත්මීන් වෙත අදාළ වෛද්‍ය උපකරණ හා ඖෂධ තොගය නිල වශයෙන් භාර දීම සිදුකෙරුණි. මෙම වැඩසටහන මඟින් කොලඹ ජාතික රෝහලේ, වෛද්‍ය දැඩිසත්කාර ඒකකයේ මෙහෙයුම් කටයුතු බාධාවකින් තොරව, අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා පහසුකම් සැපයීම INSEE සිමෙන්ති සමාගමේ අරමුණයි.

එම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා අදහස් දැක්වූයේ මේ අයුරිණි. “මෙම අවස්ථාවේ දී කොළඹ ජාතික රෝහල අප සමාගම කෙරෙහි විශ්වාසය තබමින් අපගේ සහය ඉල්ලා සිටීම අපට මහත් ගෞරවයක්. වර්තමානයේ රට තුළ පවතින දුෂ්කර සහ අභියෝගාත්මක තත්ත්වය නිසා ම මෙම වෛද්‍ය උපකරණ සහ ඖෂධ තොගය ඉතා ඉක්මණින් ලබා දීමට අපි කටයුතු කළා. ‘ජීවිතය වෙනුවෙන් ගොඩනඟමු’ කියන තේමාව මුල් කරගනිමින් ක්‍රියාත්මක වන සමාගමක් විදියට අසාධ්‍ය තත්ත්වයේ පසු වන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් දායක වීමට ලැබීම ගැන අපි හදවතින් ම සතුටු වෙනවා. ඒ වගේ ම වත්මන් අර්බුදයෙන් අපගේ ලක් මාතාව මුදා ගැනීමට අපි හැකි සෑම අවස්ථාවක දී ම කැප වන බව මම අවධාරණය කිරීමට කැමතියි.”

INSEE සිමෙන්ති සමාගම මෙරට පවතින අර්බුදකාරී තත්ත්වයෙන් රට මුදා ගැනීමට ශක්තියක් වෙමින්, ජනතාවගේ  යහපැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් කැපවී සිටින ආයතනයක් වන අතර, සාමාජීය හා පාරිසරික තිරසාර වැඩසටහන් රැසක් ද දියත් කරයි. කොවිඩ් වසංගතයේ උච්චතම අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම විසින් රෝහල්වලට අවශ්‍ය ඇඳන් සහ සෞඛ්‍ය සේවකයින්ට අත්‍යවශ්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කිරීම වෙනුවෙන් පුළුල් වැඩසටහනක් දියත් කෙරිණි. එහි දී මහනුවර ජාතික රෝහලේ ඇඳන් 150 කින් යුත් නව වාට්ටුවක් ඉදිකිරීම සඳහා  සිමෙන්ති ලබාදීම හා ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කළ බව සිහිපත් කළ යුතුමය. ඊට අමතරව කොවිඩ් කාලවකවානුවේ දී වැලිසර ශ්වසන රෝග පිළිබඳ ජාතික රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල හා දිවුලපිටිය මූලික රෝහල ඇතුළු රෝහල් ගණනාවක පරිමාව ඉක්මවමින් වැඩි වූ රෝගීන්ට අවශ්‍ය ඉඩ පහසුකම් පුළුල් කිරීම සඳහා  සිමෙන්ති පරිත්‍යාග කිරීමට ද INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.

 



 

 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව