INSEE Ecocycle තිරසාරත්වයේ විශිෂ්ටත්වය සමඟින් Circularity Summit 2026 සහ Future 360 CEO සංසදය සංවිධාන කරයි

img 01 (LBN)

චක්‍රීය ආර්ථිකය සහ සම්පත් කාර්යක්ෂමතා පරිවර්තනය අතින් කැපී පෙනෙන ආසියානු රාජ්‍යයක් ලෙස ඉස්මතු වීමටත්, ඒ තුළින් තිරසර කාර්මික සංවර්ධනයේ ප්‍රමුඛයෙකු ලෙස ශ්‍රී ලංකාව ඔසවා තබන්නටත් අරමුණු කරගත් සුවිශේෂී වැඩසටහන් මාලාවක් INSEE Ecocycle විසින් මාර්තු මාසය පුරා පැවැත්වීමට නියමිතය. මෙම වැඩසටහන් මාලාව චක්‍රීය ආර්ථිකයක් සඳහා වූ පියවර අනුගමනය කිරීම, තිරසර නිෂ්පාදනය සහ පරිසරය සුරැකීමේ නියමුවෙකු වීම යන ගමන්මගේ සන්ධිස්ථානයක් සනිටුහන් කරන්නකි.

2026 මාර්තු 19 වන දින, 2026 Circularity Summit 2026 කොළඹ සිනමන් ලයිෆ් හිදී පැවැත්වෙන අතර, කර්මාන්ත, අධ්‍යාපන, නියාමන අධිකාරීන් සහ විවිධ ජාත්‍යන්තර ආයතන නියෝජනය කරමින් 200කට අධික පිරිසක් මේ සඳහා සහභාගී වීමට නියමිතය. සම්පත් කාර්යක්ෂමතාව සහ චක්‍රීය ආර්ථික නවෝත්පාදනය පිළිබඳ දැනුම, සහයෝගීතාවය සහ ප්‍රතිපත්ති පිළිබඳ සංවාදය ඉදිරියට ගෙන යාම සඳහා මෙම සමුළුව, වඩාත් යෝග්‍ය වේදිකාවක් වනු ඇත.




විද්වත් මණ්ඩප රැසක් හරහා, සැසිවාර, පර්යේෂණ තොරතුරු, ගෝලීය තිරසර විසඳුම්, බලශක්ති, සම්පත් කාර්යක්ෂමතාව සහ තිරසර නිෂ්පාදනය පිළිබඳ ලොව හොඳම භාවිතයන් ඇතුළු ප්‍රධාන තේමාවන් කිහිපයක් යටතේ දැනුම් සම්භාරයක් බෙදා ගැනීමට උදා වූ මහඟු අවස්ථාවක් සේ මෙය සැලකිය හැකිය. ප්‍රතිපත්තිවල සිදු විය යුතු වෙනස්කම්වලට බලපෑම් කළ හැකි පිරිස් සහ විවිධ අංශ හරහා චක්‍රීය ආර්ථික මූලධර්ම ක්‍රියාත්මක කිරීම මෙහෙයවිය හැකි නායකයන් මෙම සමුළුවේදී එකට මුණ ගැසීම ද විශේෂත්වයකි.

අපද්‍රව්‍ය අවම කිරීමේ උපාය මාර්ග, අමුද්‍රව්‍ය ප්‍රතිසාධන ක්‍රියාවලීන් සහ තිරසර සැපයුම් දාම කළමනාකරණය පිළිබඳ සවිස්තරාත්මක සාකච්ඡාවල නිරත වීමට මෙමඟින් සහභාගිවන්නන්ට අවස්ථාව ලැබේ. චක්‍රීය ආර්ථික ආකෘති ඵලදායී ලෙස ක්‍රියාත්මක කර ඇති අනෙකුත් රටවල සාර්ථකත්වයන් අධ්‍යයනයන් ද මෙම අවස්ථාවට ඉදිරිපත් කෙරෙනු ඇත.

එදිනම සවස, Future 360 – CEO Forum නම් තවත් විශේෂ වැඩසටහනක් ද පැවැත්වීමට නියමිත අතර, මෙය ශ්‍රී ලංකාවේ කාර්මික ක්ෂේත්‍රයේ අනාගතය පිළිබඳ ඉහළ මට්ටමේ සංවාදයක් සඳහා වෙන් වූ සාකච්ඡාවකි. මෙම අවස්ථාවට ජ්‍යෙෂ්ඨ ආයතන ප්‍රධානීන්, ප්‍රතිපත්ති සම්පාදකයින් සහ ජාත්‍යන්තර විශේෂඥයින් 300කට අධික පිරිසක් පැමිණීමට නියමිතය. ප්‍රධාන විධායක නිලධාරී (CEO) මට්ටමේ සංසදයක් ලෙස නිර්මාණය කර ඇති Future 360, තිරසර ව්‍යාපාර සඳහා නායකත්ව දැක්ම, චක්‍රීය ආර්ථිකයක් අනුගමනය කිරීමේ කාර්යභාරය සහ තිරසර කර්මාන්තයට නවෝත්පාදනය ඒකාබද්ධ කිරීම යනු කරුණු ගවේෂණය සඳහා වෙන් වී ඇත.

ආයෝජන සඳහා සූදානම්, අනාගතයට ඔබින නිෂ්පාදන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ තත්ත්වය ශක්තිමත් කිරීමේ ඇති හැකියාව ද මෙමඟින් ඉස්මතු කෙරේ. ගෝලීය වෙළෙඳපොළ තුළ ලාභය සහ තරගකාරිත්වය පවත්වා ගනිමින් තම සංවිධාන තුළ තිරසර පියවර ක්‍රියාත්මක කිරීම සඳහා ඇති ප්‍රායෝගික අවස්ථා පිළිබඳ මෙම ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් විසින් සාකච්ඡා කිරීමට නියමිතය.

මෙම ප්‍රමුඛ සිදුවීම්වලට සමගාමීව, තිරසරභාවය සඳහා සම්පත් කාර්යක්ෂමතාව පිළිබඳ ජාත්‍යන්තර සමුළුව (ICRES) 2026 මාර්තු 14 වන දින Online තාක්ෂණය ඔස්සේ පැවැත්විණි. මෙම සමුළුවේදී, කලාපීය සහ ගෝලීය විද්වතුන් චක්‍රීය ආර්ථික රාමුව, නියාමන වර්ධනයන් සහ තාක්ෂණික නවෝත්පාදනයන් පිළිබඳ අදහස් බෙදා ගන්නා ලදී. අධ්‍යාපනික වැදගත්කමක් ඇති මෙම සමුළුව, විවිධ පර්යේෂණ සහ න්‍යායාත්මක දැනුම ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ උත්සාහයන්ට ඉතා වටිනා සහයක් ද ලබා දුන් සමුළුවක් විය.

චක්‍රීය අභියෝග – දෙවන අදියර සමඟින් මෙම වැඩසටහන් මාලාව ආරම්භ වූ අතර, කොළඹ, පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර ඇතුළු ප්‍රමුඛ පෙළේ විශ්වවිද්‍යාලවල වැඩමුළු මගින් සහාය දක්වන තරගයක් ද පවත්වනු ලැබීය. මෙමඟින් චක්‍රීය ආර්ථිකයට සවියක් විය හැකි තරුණ නවෝත්පාදනයන් හඳුනා ගැනීමට මහඟු අවස්ථාවක් උදා වනු ඇත. මෙම ජයග්‍රාහකයින්ට Future 360 ​​CEO සංසදයට සහභාගී වීමට ද අවස්ථාව හිමි වන අතර, මෙමඟින් තරුණ නවෝත්පාදකයින්ට ජ්‍යෙෂ්ඨ කර්මාන්ත නායකයින් වෙත ඍජුවම තම අදහස් ඉදිරිපත් කිරීමට ද අවස්ථාව හිමි වේ.  ව්‍යවසායකත්ව සංස්කෘතියක් පෝෂණය කිරීමට සහ ශ්‍රී ලංකාවේ චක්‍රීය ආර්ථික පරිසරය ශක්තිමත් කිරීමට ද මෙමඟින් ලැබෙන සහයෝගය සුළුපටු නොවේ. මෙම තරගයේ මූලික අරමුණ වූයේ, වාණිජමය වශයෙන් පරිමාණ (Scale) කළ හැකි ප්‍රායෝගික විසඳුම් කෙරෙහි අවධානය යොමු කිරීමයි. එමෙන්ම, තිරසර භාවිතයන් අනුව යමින් ව්‍යාපාර ආකෘති සංවර්ධනය කිරීමට සිසුන් දිරිමත් කිරීමට ද මෙම තරගය මනා රුකුලක් වනු ඇත. විශ්වවිද්‍යාල වැඩමුළු සඳහා සහභාගී වූ පිරිසට, ඔවුන්ගේ යෝජනා වැඩිදියුණු කිරීම සඳහා අවශ්‍ය උපදේශනය සහ තාක්ෂණික මග පෙන්වීම ද මෙමඟින් ලබා දීමට නියමිතය.

Ecocycle විසින් දියත් කළ මෙම වැඩසටහන, අංශ රැසක් ඒකාබද්ධ කළ ජාතික තලයේ දැවැන්ත සංවාද වේදිකාවක් නිර්මාණය කරන්නට සමත් විය. මේ සියලු උත්සාහයන් තුළින් ශ්‍රී ලංකාව තිරසර සංවර්ධනයේ කලාපීය ප්‍රමුඛයෙකු ලෙස ස්ථානගත වීමට ද අවස්ථාව හිමි කරගැනීම විශේෂත්වයකි. පිරිසිදු නිෂ්පාදන පද්ධති කරා ශ්‍රී ලංකාව ගෙන යන ගමනට සහාය වීම, කාර්මික අපද්‍රව්‍ය බැහැර කිරීම් අඩු කිරීම සහ තරගකාරී, නවෝත්පාදනය මත පදනම් වූ නිෂ්පාදන අංශයක් ප්‍රවර්ධනය කිරීම සඳහා INSEE Ecocycle කැපවීම මෙම වැඩසටහන් මගින් නැවතත් අවධාරණය කෙරේ.

මෙම උත්සාහය රටේ දිගුකාලීන පාරිසරික තිරසාරභාවය, චක්‍රීය ආර්ථික ඉලක්ක සහ ආර්ථික ප්‍රමුඛතා සඳහා මනා සහායක් ලබා දෙන අතර, අනාගත පරම්පරාවන් සඳහා ස්වභාවික සම්පත් ආරක්ෂා කරන අතරම, තිරසර වර්ධනයක් සඳහා විධිමත් රාමුවක් නිර්මාණය ද සිදු වේ.



ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව