INSEE Cement සමාගමේ ජෛව විවිධත්ව සංරක්ෂණ මෙහෙවර අඛණ්ඩව ඉදිරියට

INSEE PR 2 (LBN)

 



 

 

2022 වසර අවසානයේ සාර්ථක හා දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කෙරේ

ශ්‍රී ලංකාවේ අංක එකේ සිමෙන්ති සන්නාමය සහ ඉදිකිරීම් විසඳුම් සම්පාදකයා වන INSEE Cement, මේ දක්වා බෙහෙවින් සාර්ථක ප්‍රතිඵල අත්කර දී ඇති දීර්ඝකාලීන ජෛව විවිධත්ව ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති කිහිපයක් තවදුරටත් දීර්ඝ කරමින් 2022 වසර නිමාවට පත්කළේ ය. ඉදිරි පරම්පරාවන්ගේ යහපත වෙනුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික පරිසර පද්ධති ආරක්ෂා කරගැනීම එහි මූලික අරමුණ වී තිබේ.

INSEE Cement සමූහයේ ජාත්‍යන්තර තිරසාරත්ව ක්‍රමෝපාය ‘INSEE Sustainability Ambition 2030’ නමින් එළිදැක්වීමත් සමග, එම සමූහයේ පරිසර හිතකාමී මෙහෙවර එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක සහ අනෙකුත් ජාත්‍යන්තර වැඩරාමු සමග සමගාමී වී ඇති අතර, ඒ ඔස්සේ සමාජ, ආර්ථික හා පාරිසරික තිරසාරත්වය සමාගමේ අනන්‍යතාවේ අනිවාර්ය අංගයක් බවට පත්වී ඇත. ජෛව විවිධත්වයට හා ජල සම්පත් සංරක්ෂණයට මෙම තිරසාරත්ව ක්‍රමෝපාය තුළ ප්‍රධාන තැනක් හිමි වී ඇති අතර, INSEE Cement සමාගමේ ව්‍යාපාර කටයුතු වල ස්වභාවය අනුව, මෙම ක්‍රමෝපාය නිල වශයෙන් ප්‍රකාශයට පත්කිරීමට පෙර සිටම සමාගම මෙවැනි පරිසර හිතකාමී ක්‍රියාකාරකම් වල නිරන්තරයෙන් නිරත විය.

අතීතයේ පටන්ම INSEE Cement සමාගම ජෛව විවිධත්ව සංරක්ෂණය උදෙසා සුවිශාල කැපවීමක් පෙන්නුම් කර තිබේ. එම කැපවීම ඔස්සේ ප්‍රායෝගික ප්‍රතිඵල අත්කර ගැනීම සඳහා සමාගම එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානය (United Nations Educational, Scientific and Cultural Organization – UNESCO) සහ, රටේ ජෛව විවිධත්වය සංරක්ෂණය කිරීම උදෙසා ක්‍රියාත්මක වන, මුළුමනින්ම පෞද්ගලික අංශයේ හිමිකාරීත්වය හා මෙහෙයවීම යටතේ පවතින ජාතික පදනමක් වන  Biodiversity Sri Lanka සංවිධානය සමග එක් වී, International Union for Conservation of Nature (IUCN) වැනි සංවිධාන සමග හවුල්කාරීත්වයන්ට එළඹෙමින්, විවිධ වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

2022 වසර තුළ INSEE Cement ක්‍රියාවට නැංවූ එබඳු ප්‍රධාන පෙළේ ව්‍යපෘති කිහිපයක් පහත දක්වා ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව