INSEE Cement සමාගමට නව ප්‍රධාන විධායක නිලධාරීවරයෙක්

New 1 Pic

 



 

 

2023 ජනවාරි 03, කොළඹ: INSEE Cement, ශ්‍රී ලංකාවේ අංක 1 සිමෙන්ති සන්නාමය මෙන්ම තායිලන්තයේ Siam City Cement Public Company Limited (SCCC) හි සාමාජිකයෙකු වන INSEE Cement සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස යාන් කුනිග් මහතා පත්කර තිබේ. 2023 ජනවාරි මස 01 වන දින සිට ක්‍රියාත්මක වන මෙම පත්වීම, සමාගමේ නව යුගයක ආරම්භය සනිටුහන් කරනු ඇත. මීට පෙර සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළ නන්දන ඒකනායක මහතා එම තනතුරෙන් විශ්‍රාම යාමෙන් අනතුරුව එම තනතුරට මෙලෙස යාන් කුනිග් මහතා පත්කර ඇති අතර, ඒකනායක මහතා මින් ඉදිරියට සමාගමේ සභාපති වරයා ලෙස කටයුතු කරනු ඇත.

2017 වසරේදී විධායක උප සභාපති ලෙස INSEE Cement Sri Lanka සමාගමට එක්වූ යාන් කුනිග් මහතා එහි වාණිජ අධ්‍යක්ෂ ලෙසද කටයුතු කරමින්, අලෙවි, විකුණුම්, නිෂ්පාදන හා විසඳුම්, නවෝත්පාදන සහ බාහිර කටයුතු සම්බන්ධ වගකීම් දැරී ය. නව තනතුර ඔස්සේ, කර්මාන්තයේ ප්‍රමුඛයා ලෙස INSEE Cement සමාගම තවදුරටත් ශක්තිමත් කරමින්, ක්ෂේත්‍රය මේ වනවිට මුහුණ දී සිටින ගැටලු වලට විසඳුම් සෙවීම සඳහා පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන අතරම, තිරසාර හා පරිසර හිතකාමී දේශීය ඉදිකිරීම් විසඳුම් හඳුන්වා දීම සඳහා සමාගම දරන උත්සාහය තවදුරටත් පුළුල් කරමින්, වේගයෙන් දියුණු වන ඉදිකිරීම් කර්මාන්තය තුළ සිමෙන්ති සහ කොන්ක්‍රීට් නිෂ්පාදන වලට අමතරව පවතින නව අවස්ථා ගවේෂණය කිරීමට කුනිග් මහතා කටයුතු කරනු ඇත.

ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය කර්මාන්තයේ අත්දැකීම් බහුල ප්‍රවීණ වෘත්තිකයෙකු වන කුනිග් මහතා, මීට පෙර ස්විට්සර්ලන්තය පදනම් කරගත් Holcim සමූහ ව්‍යාපාරය තුළ තනතුරු රැසක් දරා තිබේ. එම සමූහයේ දකුණු ආසියානු/ ASEAN කලාපයේ ප්‍රධානී (ක්‍රමෝපාය සහ ව්‍යාපාර සංවර්ධන) ලෙස කටයුතු කළ ඒ මහතා ඉන්දුනීසියාවේ Holcim සමාගමේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරමින්, එම සමාගමට ඇමරිකානු ඩොලර් බිලියනයේ ආදායම් සීමාව පසුකිරීම සඳහා පුරෝගාමී දායකත්වයක් ලබාදුන්නේ ය.

Holcim සමූහයට එක්වීමට පෙර කළමනාකරණ උපදේශන කටයුතු වල නිරත වූ  කුනිග් මහතා, ඇමරිකා එක්සත් ජනපදයේ Western Illinois University වෙතින් ව්‍යාපාර පරිපාලනය පිළිබඳ පශ්චාත් උපාධියක් ලබා ඇති අතර, ජර්මනියේ Bamberg University වෙතින් යුරෝපීය ව්‍යාපාර අධ්‍යයනය සම්බන්ධ ඩිප්ලෝමාවක් (Diplom Kaufmann) හිමිකරගෙන තිබේ.  එමෙන්ම ඒ මහතා IMD Lausanne (ස්විට්සර්ලන්තය) සහ Chicago Booth School of Business (ඇමරිකා එක්සත් ජනපදය) යන ආයතන වල විධායක කළමනාකරණ වැඩසටහන් වලට සහභාගී වී ඇත.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

seven + 11 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව