INSEE සිමෙන්ති 2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී රිදී සහ ලෝකඩ සම්මාන දිනා ගනී

INSEE Cement Silver Award (1) (LBN)

ශ්‍රී ලංකාවේ දේශීය වශයෙන් පූර්ණ ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදනයෙහි නිරත වන ප්‍රමුඛතම සහ එක ම නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ,  2024 හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී කාබන් විමෝචනය අවම සහ විවිධ දේශගුණික  තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදනය සඳහා පිරිනැමුණු රිදී සම්මානය සහ ආයතනික සමාජ වගකීම් සඳහා පිරිනැමුණු ලෝකඩ සම්මානය දිනා ගැනීමට සමත් විය.  කාර්මික සංවර්ධන මණ්ඩලය විසින් පවත්වන ලද ‘තිරසාර කර්මාන්ත සංවර්ධනය සඳහා වන හරිත කර්මාන්ත මුලපිරීම් පිළිබඳ පළමු ජාත්‍යන්තර සම්මන්ත්‍රණය’ ට සමගාමී ව මෙම සම්මාන උළෙල සංවිධානය කෙරුණු අතර, එය 2024 ජුනි 23 වන දින බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

 



 

මෙම ජයග්‍රහණ පිළිබඳ ව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී යාන් කුනිග් මහතා ප්‍රකාශ කළේ, ” INSEE සිමෙන්ති සමාමේ සමස්ත ක්‍රියාවලිය ම පදනම් වී ඇත්තේ තිරසාරත්වය යන සංකල්පය මතයි.  අප ලැබූ මෙම සම්මාන පරිසර හිතකාමී භාවිතයන් සහ වගකිවයුතු ආයතනික පුරවැසිභාවය ප්‍රවර්ධනය වෙනුවෙන් අපගේ කැපවීමේ සාර්ථකත්වය පිළිබිඹු කරනවා.  තිරසාරත්වය සහ නවෝත්පාදනවලට මූලිකත්වය ලබා දෙමින් නිෂ්පාදන ක්‍රියාවලියෙහි යෙදෙන  INSEE සිමෙන්ති සමාගම  දැඩි පාරිසරික ප්‍රමිතීන් යටතේ,  අනාගතයේ ඇති විය හැකි දේශගුණික අභියෝගවලට මුහුණ දිය හැකි, අඩු කාබන් විමෝචනයක් සහිත ගුණාත්මක නිෂ්පාදන  දේශීය ගොඩනැගිලි ද්‍රව්‍ය සහ ඉදිකිරීම් ක්ෂේත්‍රය වෙත හඳුන්වා දීමට කටයුතු කරන බව පැවසිය යුතු ම යි. ඒ වගේ ම අපට ම ආවේණික වූ ආචාර ධර්ම පද්ධතියක් සමඟ ක්‍රියාත්මක වීම නිසා අපගේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ආදර්ශය මුල් කර ගත් මෙහෙයුම් ක්‍රියාවලියක් ගොඩ නැංවීමට අපට හැකි වී තිබෙනවා.” යනුවෙනි.

2030 වසර වන විට සපුරා ගැනීමට ඉලක්ක කරන INSEE සිමෙන්ති සමාගමේ තිරසාර අරමුණු, දේශගුණය හා බලශක්තිය, ජෛව විවිධත්වය හා ජල සංරක්ෂණය සහ චක්‍ර ආර්ථිකය යන මූලික ක්ෂේත්‍ර මත පදනම් වී ඇත. පුළුල් පාරිසරික, සාමාජීය හා පාලන රාමුවක් මත ක්‍රියාත්මක වන, මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීමේ ක්‍රියාවලිය ජනතාවට කිසිඳු හානියක් නොවන අයුරින් ක්‍රියාත්මක  කිරීමට  INSEE සිමෙන්ති සමාගම දැඩි අවධානයකින් යුතු ව කටයුතු කරයි.

ඉදිකිරීම් කර්මාන්තය තුළ අඩු කාබන් විමෝචනයක් සහිත,  සියලු දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දෙන නිෂ්පාදන හඳුන්වා දීම් වෙනුවෙන් INSEE සිමෙන්ති සමාගම මෙවර හරිත කර්මාන්ත සම්මාන උළෙලේ දී රිදී සම්මානයෙන් පිදුම් ලැබූ අතර,  අඩු කාබන්, ඉහළ ක්‍රියාකාරීත්වයක් සහිත පෝට්ලන්ඩ් කොම්පොසිට් සිමෙන්ති  ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත හඳුන්වා දීම වැනි තීරණාත්මක පියවර ගැනීම හරහා කාබන් විමෝචනය අවම කිරීම සඳහා  INSEE සිමෙන්ති සමාගම කටයුතු කිරීම මෙම ජයග්‍රහණයට ප්‍රධාන වශයෙන් හේතු විය. විවිධත්වයෙන් යුතු මෙම ක්‍රමවේද හරහා  පාරිසරික බලපෑම සැලකිය යුතු ලෙස අවම කිරීම, තාප සහ විදුලි බලශක්ති පරිභෝජනය ප්‍රශස්ත කිරීම, ෆොසිල ඉන්ධන භාවිතය අඩු කිරීම සහ තිරසාර නිෂ්පාදන ක්‍රියාවලි ප්‍රවර්ධනය කිරීම වැනි ප්‍රතිලාභ අත් කර ගැනීමට INSEE සිමෙන්ති සමාගම අරමුණු කරයි.  මෙම නවෝත්පාදනයන් ආශ්‍රිත පර්යේෂණ හා සංවර්ධන වැඩකටයුතු සඳහා නිරන්තරයෙන් ආයෝජනය කිරීමට කටයුතු කරන  INSEE සිමෙන්ති සමාගමේ මෙම ක්‍රියාවලිය ප්‍රශස්ත කිරීමට  එම සමාගම විසින් පවත්වාගෙන යනු ලබන ආසියාවේ එක ම සහයෝගීතා අවකාශය වන අති නවීන i2i  අවකාශය බෙහෙවින් බල පා ඇත.

එමෙන් ම INSEE සිමෙන්ති සමාගම දිනා ගත් ලෝකඩ සම්මානය මගින් එම සමාගමේ ආයතනික සමාජ වගකීම් (CSR) ඉටු කිරීම සහ වගකිවයුතු නිෂ්පාදන ක්‍රියාවලියක් සහතික කිරීම සඳහා එම සමාගමේ  කැපවීම පිළිබිඹු කරයි.  INSEE සිමෙන්ති සමාගමේ සමාජ සුබසාධන ක්‍රියාවලියේ අරමුණ වන්නේ සමාජයට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම වන අතර, ඒ වෙනුවෙන් රුක් රෝපණය, වෙරළ පිරිසිදු කිරීම සහ ආරක්ෂිත පානීය ජල  ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම, කඩොලාන සහ කොරල්පර ප්‍රතිසංස්කරණය ආදී බොහෝ ව්‍යාපෘති දියත් කිරීමට INSEE සිමෙන්ති සමාගම කටයුතු කරයි.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 + 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව