INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

Nethmi Ahimsa Fernando received LKR 1 million cash reward (LBN Fill)

 



 

 

පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.  නෙත්මිගේ  ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් ද එහි දී පිරිනැමිණි. නෙත්මිගේ මීළඟ අභිලාෂය වන  2024 ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සහය වීමට INSEE සිමෙන්ති සමාගම සූදානමින් සිටින අතර, මනුසත් දෙරණ වැඩසටහනේ දායකත්වයෙන් ඇය වෙනුවෙන් ඉදිවෙමින්  පවතින නව නිවසේ ඉදිකිරීම් කටයුතු සඳහා  අවශ්‍ය සිමෙන්ති ලබාදීම ද INSEE සිමෙන්ති සමාගම සිදුකරයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

nineteen − nine =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව