INSEE සිමෙන්ති මෙරට රක්තහීනතාවෙන් පෙළෙන වකුගඩු රෝගීන් සඳහා EPO එන්නත් 10,000ක් පරිත්‍යාග කරයි

DSC_0518 (LBN Fill)

 



 

 

 

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිමෙන්ති නිෂ්පාදකයා සහ සැපයුම්කරු වන INSEE සිමෙන්ති සමාගම විසින් වර්තමානයේ මෙරට පවතින ඖෂධ හිඟයට යම් පිළියමක් ලෙස  Erythropoietin (EPO) එන්නත් මාත්‍රා 10,000 ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත  භාර දීමට කටයුතු කරන ලදී. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල බහුලව දක්නට ලැබෙන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKD) පෙළෙන රෝගීන්ගේ රක්තහීනතාවයට ප්‍රතිකාර කිරීම සඳහා මෙම ඖෂධවල අවශ්‍යතාව පිළිබඳව දැනුවත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය කළ හදිසි ඉල්ලීමකට අනුව INSEE සිමෙන්ති (ශ්‍රී ලංකා) සමාගමේ මව් සමාගම වන තායිලන්තයේ සියම් සිටි පොදු සමාගම (Siam City Cement Public Limited) විසින් රුපියල් මිලියන 40 ක් වටිනා මෙම ඖෂධ තොගය පරිත්‍යාග කෙරිණි.

මෙම ඖෂධ තොගය සෞඛ්‍ය අමාත්‍යංශය වෙත නිල වශයෙන් භාරදීමේ අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝජනය කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන හා වෛද්‍ය තාක්ෂණික සේවා අධ්‍යක්ෂ, වෛද්‍ය අන්වර් හම්දානි යන මහත්වරුන් සහභාගි වූ අතර, එම අවස්ථාවට තායිලන්ත තානාපති පොජ් හර්න්පොල් හා රාජකීය තායි තානාපති කාර්යාලයේ ප්‍රධාන ලේකම් පීරපත් ටොන්ග්‍රොඩ් යන මහත්වරු සමගින්, INSEE සිමෙන්ති පාර්ශ්වය නියෝජනය කරමින්  එම සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක සහ බාහිර කටයුතු සහ ව්‍යාපාර සංවර්ධන ප්‍රධානී චන්දන නානායක්කාර යන මහත්වරු සහභාගි වූහ.

මේ පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා මෙසේ පැවසුවේය. “වගකිවයුතු වගේ ම, ආදර්ශමත් ආයතනික පුරවැසියෙකු විදියට INSEE සිමෙන්ති සමාගම ව්‍යාපාරික අරමුණුවලින් ඔබ්බට යමින්, නව මානයන් ඔස්සේ මේ රටේ ජනතාවට විවිධ අයුරින් සහයෝගය දක්වනවා. තායිලන්තයේ Siam Bioscience සමාගමෙන් මෙම එන්නත්  තොගය මිල දී ගැනීම සඳහා තායිලන්තයේ සියම් සිටි සිමෙන්ති පොදු සමාගම (Siam City Cement Public Limited) දැක්වූ සහයෝගය අපි ඉතා අගය කොට සලකනවා. ඒ වගේ ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ  ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් මෙම ඖෂධ තොගය ලබා දීමට කටයුතු කිරිම මගින් වර්තමානයේ දී මෙ රටේ පවතින බරපතල ඖෂධ හිඟයට යම් පමණක හෝ විසඳුමක් ලබා දීමට වගේ ම, ජීවිත ගණනාවක් බේරා ගැනීමටත් හැකි වේවි කියල මම විශ්වාස කරනවා.”

ශ්‍රී ලංකාව තුළ ජාතික මට්ටමින් මෙන් ම ප්‍රාදේශීය වශයෙන් ද ජනතාවගේ සිත් සතන් තුළ තදින් ම කාවැදී ඇති වෙළෙඳපොළ ප්‍රමුඛයෙකු වන INSEE සිමෙන්ති සමාගම, මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට මෙන් ම වෙළෙඳපොළ ස්ථාවර භාවය පවත්වා ගැනීම සඳහා ද අඛණ්ඩව සිය දායකත්වය ලබා දී ඇති ආයතනයක් ලෙස හඳුන්වා දිය හැකිය. එමෙන් ම එම සමාගම COVID-19 ව්‍යසනය අවස්ථාවේ දී රට යථා තත්ත්වයට පත්කිරීම වෙනුවෙන් ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූ ආයතනවලින් එකකි.  පසුගිය කාලවකවානුව තුළ දී සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වූ INSEE සිමෙන්ති සමාගම වෙළෙඳපොළ ඉල්ලුමට සරිලන පරිදි  සිය නිෂ්පාදන කටයුතු හා බෙදා හැරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වීම වැළැක්වීම සඳහා සුවිශේෂී කාර්‍යභාරයක් ඉටු කළ බව ද සිහිපත් කළ යුතුමය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

5 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව