Indian Affair සහ SoloBowl නව ඇරඹුමක් සනිටුහන් කරයි

Kiribathgoda Outlet Opening Announcement (LBN)

Giga Foods සිය ඉතිහාසයේ ප්‍රථම වතාවට Indian Affair සහ SoloBowl වෙනුවෙන් Cloud Kitchen වර්ගයේ අවන්හලක් කිරිබත්ගොඩ ප්‍රදේශයේ විවෘත කර තිබේ. මෙය එම ප්‍රදේශයේ ජනතාවට බෙහෙවින් රසවත් ආරංචියක් වනු නිසැකය.

මෙය Giga Foods කණ්ඩායමේ සියලුම දෙනාගේ මහත් වූ උත්සාහයක හා කැපවීමක ප්‍රතිඵලයකි. ඉතාමත් කාර්යක්ෂම ආහාර සැකසුම් ක්‍රියාවලියක් සහිත Cloud Kitchen මධ්‍යස්ථානය වෙතින් ආහාරපාන ඇණවුම් කිරීමේදී පාරිභෝගිකයන්ට සෑම විටම ඉහළම ප්‍රමිතියෙන් යුත් නැවුම් හා රසවත් ආහාරපාන හිමි වේ. මින් ඉදිරියට Indian Affair සහ SoloBowl හි ආහාරපාන ප්‍රියකරන කාටත් නව Cloud Kitchen වෙතින් එම ආහාරපාන ඇණවුම් කිරීමට හැකි වනු ඇත.

 



 

Indian Affair යනු ඉන්දියානු සම්ප්‍රදායට අයත් ප්‍රණීත ආහාරපාන වර්ග රැසක් රස බැලීමට මෙරට ආහාරපාන ලෝලීන්ට අවස්ථාව ලබාදෙන අතිශය ජනප්‍රිය අවන්හල් ජාලයකි. නියම ඉන්දියානු ආහාරපාන පිළියෙල කිරීම සඳහා භාවිතා කරන කුළුබඩු වර්ග ඇතුළුව අවශ්‍ය ද්‍රව්‍ය සියල්ල යොදා Indian Affair හි ආහාරපාන පිළියෙල කරනු ලැබේ. ප්‍රණීත බිරියානි වර්ග සහ කරි වර්ග ඇතුළු ආහාරපාන වර්ග රාශියක් Indian Affair වෙතින් මිලදීගත හැක.

SoloBowl යනු වර්තමානයේ තම සෞඛ්‍යය පිළිබඳව අතිශයින් සැලකිලිමත් වන පාරිභෝගිකයන්ට පෝෂ්‍යදායී හා ප්‍රණීත ආහාරපාන මිලදී ගැනීමට අවස්ථාව සලසා දෙන අවන්හල් එකතුවකි. රසවත් සැලඩ් වර්ග මෙන්ම චීන හා තායි ආහාර සම්ප්‍රදායන්ට අයත් පෝෂ්‍යදායී ආහාරපාන වර්ග රැසක් SoloBowl අවන්හල් වෙතින් මිලදීගත හැකි වේ.

මෙය රටේ පාරිභෝගිකයන් වැඩි පිරිසකට Indian Affair සහ SoloBowl ආහාරපාන මිලදී ගැනීමට අවස්ථාව සලසා දීම සඳහා ගත් පියවරක් පමණක් නොවේ. උසස් ප්‍රමිතිය සහ පාරිභෝගික තෘප්තිය තවදුරටත් සහතික කිරීම මෙහි එක් ප්‍රධානතම අරමුණකි. ඉදිරියටත් මේ ආකාරයට පාරිභෝගිකයන්ට හොඳම ආහාරපාන සමගින් විශිෂ්ටතම අත්දැකීමක් තිළිණ කිරීම සඳහා නව ක්‍රම හඳුන්වා දීමට Giga Foods බලාපොරොත්තු වන අතර, ඒ ගමනේදී තමන් සමග අත්වැල් බැඳගන්නා මෙන් ඔවුන් තම හිතාදර පාරිභෝගිකයන් ඇතුළු සැමට ආරාධනා කර සිටී.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව