India fest 2025, Havelock City Mall හිදී විචිත්‍රවත් ඉන්දියානු සංස්කෘතික සැමරුමක්.

India Fest (LBN)

Havelock City Mall, කොළඹ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය සහ ස්වාමි විවේකානන්ද ඉන්දීය සංස්කෘතික මධ්‍යස්ථානය සමඟ එක්ව, ඉන්දියානු නිදහස් දිනය සමරමින් India fest 2025 නමින් විචිත්‍රවත් සංස්කෘතික උළෙලක් පවත්වයි. 2025 අගෝස්තු 15 සිට 17දක්වා තෙදිනක් පුරා, පෙරවරු 10:00 සිට රාත්‍රී 10:00 දක්වා, Havelock City Mall බිම් මහලේ දී, ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණීය අත්දැකීමක් ලබා ගැනීමට හැකිය.

India fest 2025 උළෙල අගෝස්තු 15 වන දින පෙරවරු 11:00ට, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් උත්කර්ෂවත් ලෙස ආරම්භ වේ.
 



 

මෙම විචිත්‍රවත් උළෙල, ඉන්දීය විදේශිකයන් සහ රාජ්‍යතාන්ත්‍රික ප්‍රජාව, දේශීය පාරිභෝගීකයන්, තරුණ තරුණියන්, ඉන්දීය ආහාර සහ විලාසිතා ලෝලීන් ඇතුළු විවිධ පිරිස් ආකර්ෂණය කරගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

India fest 2025 උළෙල හරහා Havelock City Mall ඉන්දීය සංස්කෘතික විවිධත්වය අත්විදීමේ කේන්ද්‍රස්ථානයක් බවට පත් වනු ඇති අතර, එහිදී විවිධ අත්දැකීම් රැසක් විඳිය හැකිය.

  • විලාසිතා හා හස්ත කර්මාන්ත-ඉන්දියානු ඇඳුම් පැළදුම්,ආභරණ සහ ආකර්ෂණීය අත්කම් නිර්මාණ මිලදී ගැනීමට අවස්ථාව.
  • ඉන්දියානු ආහාර -ඉන්දියාවේ විවිධ ප්‍රාන්තයන්ට ආවේනික රසවත් ආහාර, රසකැවිලි සහ වීදි ආහාර ඇතුළු රසවත් අත්දැකීමක් ලබාගැනීමට අවස්ථාව.
  • සංස්කෘතික රිද්ම හා තාල- සාම්ප්‍රදායික හා සමකාලීන නැටුම්, සජීවී සංගීතය සහ karaoke ඉදිරිපත් කිරීම් සහ රසවිදීමේ අවස්ථාව.
  • සාම්ප්‍රදායික හෙනා මෝස්තර – ආකර්ෂණීය හෙනා මෝස්තර සහ ඉන්දියානු සංස්කෘතික චාරිත්‍ර වාරිත්‍ර හට සහභාගි වීමට අවස්ථාව.
  • ශ්‍රි ලංකාවේ ජනප්‍රිය ගායක රිද්ම වීරවර්ධන විසින් සජීවීව ඉදිරිපත් කරනු ලබන බොලිවුඩ් ගීත එකතුවක් රසවිදීමට අවස්ථාව .

මෙම උත්සවය ඉන්දියානු සංස්කෘතියේ ආකර්ෂණය විඳිමට අපූරු අවස්ථාවකි. ඔබත් Havelock City Mall,වෙත පැමිණ India fest 2025 උළෙලේ අත්දැකීම අත්විඳින්න!

 

Home  Facebook
 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × five =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව