ILO හි Better Work වැඩසටහන සඳහා JAAF සහාය දක්වයි

Image 2 (LBN Fill)

 



 

 

ශී‍්‍ර ලංකාවේ ඇඟලූම් ක්ෂේත‍්‍රයේ ඉහළම ආයතනය වන ඒකාබද්ධ ඇඟලූම් සංගම් සංසදය (JAAF), ILO හි Better Work වැඩසටහන සඳහා උපරිම සහයෝගය ලබා දෙන බවට පොරොන්දු විය. ILO විසින් මෑතකදී Better Work (BW) දියත් කරන ලද්දේ Better Work හි අත්දැකීම්, මෙවලම් සහ හවුල්කාරිත්වයන් තුළින් කර්මාන්තයේ ඔරොත්තු දීමේ හැකියාව ශක්තිමත් කිරීමට සහ මානව සම්පත සවිබල ගැන්වීමටයි. ශී‍්‍ර ලංකාව දැනටමත් ඇඟලූම් කර්මාන්තයේ නියැලෙන සේවක ප‍්‍රජාවට උසස් ජීවන තත්වයක් ලඟා කරදීම වෙනුවෙන් ඉහළ දායකත්වයක් දක්වන අතර ශ‍්‍රී ලංකාවටම සුදුසු පරිදි සකස් කල මෙම BW වැඩසටහන මඟින් ඇඟලූම් කර්මාන්ත සේවකයින් වෙනුවෙන් අනුගමනය කරන සුබසාධන වැඩපිළිවෙල තව තවත් දියුණු කිරීමට අවශ්‍ය මාර්ගෝපදේශයන් සපයනු ලබයි.

දිවයින පුරා පිහිටි නිෂ්පාදන කම්හල් 350 ක් හරහා සෘජුව සහ වක‍්‍රව මිලියනයකට ආසන්න සේවක පිරිසකට රැුකියා අවස්ථා ලබාදෙන ශ‍්‍රී ලංකාවේ විශාලතම අපනයනකරු වන ඇඟලූම් කර්මාන්තය කෙරෙහි Better Work හි අවධානය යොමු වී ඇත. වෘත්තීය සුරක්ෂිතාව සහ සෞඛ්‍යය, කාන්තා ශ‍්‍රමිකයින් සඳහා නායකත්ව කුසලතා පුහුණු වැඩසටහන් සහ වෘත්තීය සංවර්ධන වැඩසටහන් සංවිධානය කිරීම පිළිබඳව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (SMEs) දිරිගන්වමින් ඔවුන්ට නායකත්ව, මූල්‍ය සාක්ෂරතා පුහුණුව සහ SME කර්මාන්තශාලා වැඩිදියුණු කිරීමේ මෙවලම් කට්ටල ලබාදීම ඇතුළුව ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ඇතුළත් කර ගැනීම පිළිබඳව Better Work හි අවධානය යොමුවෙයි.

ඇඟලූම් කර්මාන්තය ජාත්‍යන්තර වශයෙන් දිනාගත් විශ්වාසය සහ කීර්තිය මානව සම්පත සඳහා වන ආචාරධාර්මික ප‍්‍රතිපත්ති සමඟ බැඳී පවතී. ස්ත‍්‍රී පුරුෂ සමානාත්මතාවය, සේවක ආරක්ෂාව සහ සෞඛ්‍යය මත ගොඩනගා ඇති යහපත් සේවා පරිසරයක් සහතික කිරීම වෙනුවෙන් වූ කැපවීම ශක්තිමත් කිරීම සඳහා දේශීය හා ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ හවුල් වීමට Better Work කදිම අවස්ථාවක් බව JAAF තරයේ විශ්වාස කරයි.

මෙම මුලපිරීමට සහය දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප‍්‍රකාශ කළේ, ”මෙම වැඩසටහන ඇඟලූම් ක්ෂේත‍්‍රයේ දැනටමත් ඉහළ ප‍්‍රමිතීන් ඇති කිරීම සඳහා වඩා හොඳ OSH භාවිතයන් සහ ප‍්‍රමිතීන් ප‍්‍රවර්ධනය කිරීමේ තවත් එක් වැදගත් පියවරක් ලෙස හදුන්වාදිය හැකියි. මෙමගින් කර්මාන්තයේ ප‍්‍රධාන පාර්ශවකරුවන්ට ඇඟලූම් කර්මාන්තය සඳහා වූ අපගේ කැපවීම මනාව පෙන්නුම් කරනවා.” යනුවෙනි.

වසංගතයේ ආරම්භය සහ පසුව ඇති වූ ආර්ථික අර්බුදයත් සමඟ ඇඟලූම් කර්මාන්තය සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහතික කිරීම සඳහා පුළුල් පරාසයක වැඩසටහන් ක‍්‍රියාත්මක කළේය. එහිදී කර්මාන්තශාලා සේවකයින්ට ඔවුන්ගේ පවුල් පෝෂණය කිරීම සඳහා නිවසට ගෙන යාමට අමතර ආහාර පාන ලබා දෙයි. එමෙන්ම සේවකයින්ගේ ළමුන් සඳහා නොමිලේ පාසල් පොත්පත්, වෛද්‍ය පහසුකම් සහ ගර්භනී කාන්තාවන් සඳහා විශේෂ ආහාර පැකේජ ලබා දීම ද සිදු කරයි. මෙම වැඩපිළිවෙල කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් විසින් ද කි‍්‍රයාත්මක කරයි.

ඇඟලූම් කර්මාන්තශාලා හිමියන්ව ඔවුන්ගේ සේවකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැලපෙන සුබසාධන ක‍්‍රියාමාර්ග ක‍්‍රියාත්මක කිරීමට දිරිමත් කරයි. 2022 ජූනි මස වන විට ඇඟලූම් නිෂ්පාදකයින්ගෙන් 80% ක් පමණ වාර්ෂික වැටුප් වර්ධකවලට අමතරව ජීවන වියදම් සම්බන්ධ ගෙවීම් ඉහළ දමා තිබෙනවා. එය  25% ක වැඩිවීමක් වන අතර මෙම වර්ධක 2021 සිටම කි‍්‍රයාත්මක වෙනවා.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව