IIT CUTTING EDGE 2019 ඔස්සේ සිසුන්ගේ කුසලතා රැසක් එළි දැක්වේ

KSN_2332

බ්‍රිතාන්‍යයේ තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර උසස් අධ්‍යාපනික  අවස්ථා දැයේ දරුවන්ට තිලිණ කරන ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි   ආයතනය (IIT) IIT CUTTING EDGE 2019 මෙවරත් ඉතා සාර්ථකව පැවැත්වීය. තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර අධ්‍යයන ක්ෂේත්‍රයේ නියැලෙන සිසුන්ගේ නිර්මාණශීලී නවමු අදහස්වලට තෝතැන්නක් සැපයීම අරමුණු කර ගත් මෙම ප්‍රදර්ශනය  IIT විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී  උත්සවාකාරව පවත්වනු ලැබිණි.

තොරතුරු තාක්ෂණික සහ ව්‍යාපාර ක්ෂේත්‍රයට අදාළ නව පිරිපුන් අදහස්වලින් යුත් ව්‍යාපෘති 150කට වඩා වැඩි ප්‍රමාණයක් මෙම ප්‍රදර්ශන අවස්ථාවේදී එළි දැක්වීමට  සිසුනට අවස්ථාව උදා විය. වෙස්ට්මින්ස්ටර් විශ්වවිද්‍යාලයේ අන්තර්ජාතික අධ්‍යාපනික අංශ ප්‍රධානි ස්ටීවන් ආර්.ඩී. වොලස් මහතා අතින් විවෘත වූ මෙම CUTTING EDGE 2019 ප්‍රදර්ශනයේ  මෙවර  තේමාව වූයේ “ඩිජිටල් පරිවර්තනය සහ ව්‍යවසායකත්වය වේ.

ඉන්ටර්නෙට් ඔෆ් තින්ග්ස් (IOT), කෘතීම බුද්ධිය (AI), යාන්ත්‍රික අධ්‍යයනය, රොබෝ තාක්ෂණය, සයිබර් ආරක්ෂාව සහ සමාජ ජාලා වැනි තාක්ෂණික අංශයේ  කාලින විෂය ප්‍රවණතා රැසකින් අභාසය ලැබූ  සිසුනට සිය දක්ෂතා  එළි දැක්වීමට මෙවර අවස්ථාව උදා විය. එසේම  වෛරී සහගත ප්‍රකාශ සහ වංචනික ක්‍රියා පිටු දැකීම, ක්‍රිකට් ක්‍රිඩාව, ආරක්ෂාකාරී රිය පැදවීම්, දුම්රිය මාර්ග ආරක්ෂාව,  වෘත්තිය අවස්ථා අත්පත් කරගැනීම්, සෞඛ්‍යdරක්ෂාව, කසළ කළමනාකරණය, ෂොපින්, ෆූඩ් ඩිලිවරි, සංචාරක කර්මාන්තය සහ මාර්ග තදබදය අවම කිරීම වැනි සමකාලින සමාජයට  වඩා උචිත මාතෘකා ගණනාවක් ව්‍යාපෘති  මගින් එළි දැක්විණි.

මෙම ප්‍රදර්ශන අවස්ථාවේ වඩා සුවිශේෂී අවස්ථාවක් සනිටුහන් කරමින්  CUTTING EDGE  2019 හී ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වූ XGen සමුහයේ කළමනාකරණ අධ්‍යක්ෂ සංජය ඩී. සිල්වා මහතා අතින් නිර්මාණශීලි ව්‍යාපෘති ඇගයීමට ද ලක් කෙරිණි.  අවසාන වසර සිසුන් වෙනුවෙන් virtusa ආයතනය අනුග්‍රහය දැක්වූ ”මෘදුකාංග ඉංජිනේරු සහ පරිගණක විද්‍යා ව්‍යාපෘති වඩා කැපිපෙනෙන ජයග්‍රහණ රැසකින් පිදුම් ලැබීය. එසේම AUTO MLR ව්‍යාපෘතිය සඳහා තිලෝසන් නාගරාජ් සිසුවා රන් සම්මානයෙන් ද TECH RADAR සඳහා ඇන්ඩ්රු ජෝෂන්ත් සිසුවා රිදී සම්මානයෙන් ද ඩිමෙන්ෂියා රෝගය හඳුනා ගැනීම සඳහා බුද්ධිමත් ප්‍රවේශයක් සොයා ගැනීම වෙනුවෙන් ගයක්ෂිකා ගිම්හානි සිසුවිය ලෝකඩ සම්මානයෙන් ද පිදුම් ලැබීය. එමෙන්ම ”අවසාන වසර සිසුන් සඳහා ව්‍යාපාර තොරතුරු පද්ධති ව්‍යාපෘති අංශය යටතේ virtusa ආයතනය අනුග්‍රහය දැක්වූ සවනි ඩී. සිල්වා සිසුවියගේ ව්‍යාපෘතිය රන් සම්මානයෙන් පිදුම් ලැබූ අතර සුධාර කරගම්පිටිය සිසුවාගේ  rethink ව්‍යාපෘතිය  රිදී සම්මානයෙන් ද depression care ව්‍යාපෘතිය සඳහා ලක්ෂණ වදිවලගන් සිසුවා ලෝකඩ සම්මානයෙන් ද ඇගයීමට ලක් විණි. මෙයට අමතරව මෘදුකාංග ඉංජිනේරු සහ පරිඝනක විද්‍යාව, ව්‍යාපාර තොරතුරු පද්ධති සහ කළමනාකරණය යන අංශ සඳහා පළමු වසර සහ දෙවන වසර සිසුන් ද ඇගයීමට පාත්‍ර  විණි.

මෙම අවස්ථාවට එක් වූ IIT විශ්ව විද්‍යාලයේ පීඨාධිපති නයෝමි ක්‍රිෂ්ණරාජා මහත්මිය CUTTING EDGE 2019 පිළිබඳව සිය අදහස් මෙලෙස සඳහන් කළාය. “ව්‍යාපාර සහ තොරතුරු තාක්ෂණික අධ්‍යාපනයේ නියැලෙන සිසුන්ගේ දක්ෂතා එළිදැක්වීමටත් එම දක්ෂතා තුළින් ඇගයීමට පාත්‍ර වීමටත් අවශ්‍ය දොරටුව මෙම CUTTING EDGE ප්‍රදර්ශනය ඔස්සේ විවර කර තිබෙනවා. මෙය අධ්‍යාපනය මුලික කර ගත් ප්‍රදර්ශනයක් පමණක් නොවෙයි. එය සිසුන්ගේ මානසික ඒකාග්‍රතාව ශක්තිමත් කරමින් නොසැලෙන ධෛර්ය්‍යයකින් යුතුව එක් අරමුණක් කරා ගමන් කරන්නේ කෙසේද යන්න පිළිබඳ වටිනා ඔවදන් ලබා දෙන අවස්ථාවක් වශයෙන් ද හඳුන්වා දෙන්නට පුළුවන්. එමෙන්ම වඩා සතුටට පත් විය හැකි කරුණ වන්නේ අප ආයතනයේ අධ්‍යාපනය ලබන සිසුන් සෑම  වසරකම සිය දක්ෂතා වැඩිදියුණු කරමින් දේශීය සහ ජාත්‍යන්තර මට්ටමේ සම්මානයට පාත්‍ර වන කුසලතාපුර්ණ නිර්මාණ එලි දැක්වීමයි’’.

Stepwise මොබයිල් ඇප් ව්‍යාපෘතිය ඔස්සේ මෙම ප්‍රදර්ශනයට තෙවන වරටත් එක් වූ ඉහාන් දිලන්ත් සිසුවා ද  ක්‍රිකට් ක්‍රිඩාව මූලික කර ගත් FieldR ව්‍යාපෘතිය ඉදිරිපත් කළ තාරික් අහමඩ් සිසුවා ද සිය දක්ෂතා එළි දැක්වීමට IIT උසස් අධ්‍යාපන ආයතනය දක්වා ඇති ධනාත්මක දායකත්වය පිළිබඳව සිහිපත්  කළහ.

වර්ෂ 1990දී පිහිටුවනු ලැබූ ඉන්ෆොමැටික්ස් ඉන්ස්ටිටියුට් ඔෆ් ටෙක්නොලොජි   ආයතනය (IIT) තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රය සඳහා පිළිගත් බ්‍රිතාන්‍ය උපාධි මෙරටට හඳුන්වා දුන් ප්‍රථම උසස් අධ්‍යාපන ආයතනයයි. උපාධි සහ පශ්චාත් උපාධි වැඩසටහන් සඳහා සම්මාන රැසකින් පිදුම් ලැබූ මෙම විශ්ව විද්‍යාලය එක්සත් රාජධානියේ University of Westminster සහ Robert Gordon University යනාදී උසස් අධ්‍යාපන ආයතන සමග කටයුතු කරමින් සිටී. දශක තුනකට අධික කාලයක් ජාත්‍යන්තර තලයේ උපාධිධාරීන් රැසක් මෙරට තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයට  දායාද කර ඇති IIT ආයතනය සිදු  කර ඇති මෙහෙවර අතිමහත්ය. මෙලෙස බිහිවූ උපාධිධාරීහු  රැසක් රාජ්‍ය සහ පෞද්ගලික අංශයෙන් මෙරට සංවර්ධනය සඳහා විශාල දායකත්වයක් සපයති.

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව