IIHS ආයතනය Surrey විශ්ව විද්‍යාලය සමඟ හවුල්කාරිත්වයකට එළැඹේ

IIHS (LBN)

වසර 23කට අධික කාලයක් පුරා මෙරට සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා වන International Institute of Health Sciences (IIHS) මෙරට මෙන්ම දකුණු ආසියානු කළාපයේම සෞඛ්‍ය සේවා අධ්‍යාපන ක්ෂේත්‍රයේ විප්ලවයක් කරමින් එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල වර්ගීකරණයේ 07 වැනි ස්ථානයේ ඇති Surrey විශ්ව විද්‍යාලය සමඟ එක් වේ. මේ හරහා හෙද සහ අනෙකුත් සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම ක්ෂේත්‍රයට පිවිසීමට බලාපොරොත්තු වන තරුණ ප්‍රජාවට ගෝලීය වශයෙන් පිළිගත් අධ්‍යාපන සුදුසුකම් සපුරා ගත හැකිය. මෙම ගිවිසුම යටතේ IIHS ආයතනය සහ Surrey විශ්ව විද්‍යාලය එක් වී අධ්‍යාපන අවස්ථා රැසක් හඳුන්වා දීමට නියමිතය. ශ්‍රී ලාංකික මෙන්ම කළාපීය සිසුන්ට ජාත්‍යන්තර වශයෙන් පිළිගත් සුදුසුකම් සපුරා ගැනීමට උපකාර වන හෙද අධ්‍යාපන වැඩසටහන්ද ඊට ඇතුළත් වේ. අධ්‍යාපන පාඨමාලාවලින් කොටසක් IIHS ආයතනයේ හදාරා අවසාන වසර සඳහා Surrey විශ්ව විද්‍යාලය වෙත යොමු වීමට සිසුන්ට අවස්ථාව ඇත. ගෝලීය අභියෝගවලට සාර්ථකව මුහුණ දිය හැකි වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණෙන් මෙරට සහ එක්සත් රාජධානියේ විෂය නිර්දේශ ඒකාබද්ධ කරමින් අධ්‍යාපන වැඩසටහන් නිර්මාණය කර තිබේ.

IIHS ආයතනය රජයේ හෙද නිලධාරීන් 3,500ක් පමණ පුහුණු කිරීමට දායක වී ඇති අතර තවත් සිසුන් 2,000කට වැඩි පිරිසකට අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමට අවස්ථාව සපයා ඇත. “ශ්‍රී ලංකාවට මෙන්ම දකුණු ආසියානු කළාපයට ලොව පිළිගත් සෞඛ්‍ය සේවා අධ්‍යාපන පහසුකම් සැපැයීම සඳහා වන අපගේ දැක්මේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස මෙම අවබෝධතා ගිවිසුම හඳුන්වන්නට පුළුවන්. අප ඉදිරියටත් සෞඛ්‍ය වෘත්තිකයන්ගේ අනාගතය යහපත් කිරීමට කැප වෙනවා.” IIHS ප්‍රධාන විධායක නිලධාරී සහ උපාධි අධ්‍යයන පීඨාධිපති විශේෂඥ වෛද්‍ය කිත්සිරි එදිරිසිංහ මහතා පැවසීය. Surrey විශ්ව විද්‍යාලයේ සම පීඨාධිපති (ජාත්‍යන්තර) ආචාර්ය ශෙලිනි සුරේන්ද්‍රන් පැවසුවේ ශ්‍රී ලංකාව මේ වන විටත් කළාපීය අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වී ඇති බවයි. “මෙම හවුල්කාරිත්වය තුළින් ආසියානු කළාපය පුරා සිටින සිසුන්ට IIHS ආයතනය සමඟ සම්බන්ධ වෙලා එක්සත් රාජධානියේ සෞඛ්‍ය සේවා අධ්‍යාපන සුදුසුකම් සපුරා ගන්නට අවස්ථාව ලැබෙනවා. අධ්‍යාපනික විශිෂ්ටත්වය සහ ප්‍රවේශය එකට යා කරමින් සිසුන්ට ඔවුන්ගේ වෘත්තීමය ඉලක්ක සපුරා ගන්න අප පැහැදිලි මාවතක් නිර්මාණය කර දී තිබෙනවා.” විදේශ සිසුන් ආකර්ෂණය කර ගැනීම, අධ්‍යාපන සහ ආර්ථික ක්ෂේත්‍ර වර්ධනය කිරීම, ගෝලීය හෙද හිඟය අවම කිරීම, ශ්‍රී ලාංකික අධ්‍යාපන විශිෂ්ටත්වය ඉහළ නැංවීම වැනි වාසි රැසක් මෙමගින් ලැබෙනු ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fifteen − 1 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව