Ideal Finance සිය ශාඛා ජාලය රට තුල ශීඝ‍්‍රයෙන් ව්‍යාප්ත කරයි

e174b282892e28b62d4e31c3b2fb0510_collage9_450

 




 

 

ජා-ඇල, කඩුවෙල, චුන්නාකම්, නෙල්ලියාඩි සහ නව ශාඛා විවෘත කරයි

සිය වර්ධන උපාය මාර්ගයේ ප‍්‍රධාන අංගයක් වන තම ශාඛා ජාලය ව්‍යාප්ත කිරීමේ අරමුණින්  අයිඩියල් ෆයිනෑන්ස් (IFL), බස්නාහිර සහ උතුරු පළාත්වල උපාය මාර්ගික ස්ථානවල ශාඛා 4ක්  විවෘත කරමින් ස්ථාන 17ක් දක්වා සිය ජාලය ශක්තිමත් කළේය.

වත්මන් මූල්‍ය වර්ෂය තුළ ස්ථාන 16ක නව ශාඛා එක් කරමින් සිය ශාඛා ජාලය දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සැලසුම් කරන බව මීට පෙර නිවේදනය කළ අයිඩියල් ෆයිනෑන්ස් චුන්නාකම්, නෙල්ලියාඩි, ජා-ඇල සහ කඩුවෙල යන ප‍්‍රදේශවල පසුගියදා නව ශාඛාවන් විවෘත කළේය. මෙම ශාඛා මඟින් ස්ථාවර තැන්පතු, ලීසිං පහසුකම් සහ රන් ණය ඇතුළුව IFL හි පුළුල් මූල්‍ය විසඳුම් මාලාවක් ලබා දෙනු ඇත.

”අයිඩියල් ෆයිනෑන්ස් සිය ශාඛා ජාලය ග‍්‍රාමීය, නාගරික සහ අර්ධ නාගරික ප‍්‍රදේශවලට ව්‍යාප්ත කිරීමෙන් අපගේ ගනුදෙනුකරුවන්ට අපගේ සේවාවන්ට වඩාත් පහසුවෙන් ප‍්‍රවේශ විය හැකි අතර රට තුළ සිදුවන ආර්ථික පරිවර්තන තුළින් ප‍්‍රතිලාභ ලබා ගැනීමට ද සමාගමට හැකියාව ලැබෙනවා. ශාඛා ජාලය ශක්තිමත් කිරීම සමාගමේ වර්ධන උපාය මාර්ගය සාක්ෂාත් කර ගැනීමට සහාය වනු ඇති අතර එමඟින් අයිඩියල් ෆයිනෑන්ස් ප‍්‍රගතියේ ඊළඟ අදියර කරා ගෙන යනු ඇතැයි අපට විශ්වාසයි.” යනුවෙන්  අයිඩියල් ෆයිනෑන්ස් හි නියෝජ්‍ය සභාපති අරවින්ද ද සිල්වා මහතා පැවසීය.

නව ශාඛාවන් විවෘත කිරීමත් සමඟම බස්නාහිර හා උතුරු පළාත්වල ඉහළ වාණිජ වර්ධනයක් ඇති ප‍්‍රදේශවල අයිඩියල් ෆයිනෑන්ස් හි සේවා ලබාගැනීමේ හැකියාව වැඩි වේ.

අයිඩියල් ෆයිනෑන්ස් හි ශීඝ‍්‍ර වර්ධනය හේතුවෙන් ඉන්දියාවේ Mahindra & Mahindra Financial Services Limited (MMFSL) වෙතින් රුපියල් බිලියන 2 ක විදේශ සෘජු ආයෝජන (FDI) හිමි කර ගැනීමට සමාගමට හැකියාව ලැබී ඇතx එම ආයෝජනයත් සමඟ MMFSL මේ වන විට අයිඩියල් ෆයිනෑන්ස් හි 58.2% ක කොටස් හිමිකාරීත්වයක් දරන විශාලතම කොටස් හිමියා බවට පත්ව ඇත.

මෙමඟින් තම කළමනාකාරීත්වය යටතේ පවතින ඩොලර් බිලියන 11 කට අධික වත්කම් සහිත MMFSL වැනි දැවැන්ත මූල්‍ය ආයතනයකින් සමාගම සවිබල ගැන්වුණු අතර එය ශ්‍රී ලංකාවේ සමස්ත බැංකු ක්ෂේත‍්‍රයම ඉක්මවා ගිය දැවැන්ත ආයෝජනයක් ලෙස පෙන්වා දිය හැකිය.

MMFSL විසින් සිදු කළ සමස්ත ආයෝජනයෙන් පසුව අයිඩියල් ෆයිනෑන්ස් හි වැඩිදියුණු වූ ස්ථාවරත්වය පිළිබිඹු කරමින් Fitch Ratings විසින් අයිඩියල් ෆයිනෑන්ස් හි ශ්‍රේණිගත කිරීම ‘BB-(lka)’ සිට ‘AA-(lka)’ දක්වා උසස් කරන ලදී.

අයිඩියල් ෆයිනෑන්ස් පසුගිය මූල්‍ය වර්ෂය තුළ (2021 මාර්තු 31 න් අවසන්) සිය විශිෂ්ටතම මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරගැනීමට සමත් වූයේ, කොවිඞ්-19 වසංගතය හේතුවෙන් පැන නැඟුණු අභියෝග රාශියක් ජය ගනිමින් වීම විශේෂත්වයකි. සමාගම පෙර වසරට සාපේක්ෂව සියලූම ප‍්‍රධාන මූල්‍ය දර්ශක වැඩිදියුණු කර ගැනීමට සමත් වූ අතර 2021 මාර්තු 31 න් අවසන් වූ මූල්‍ය වර්ෂය තුළ සමාගමේ බදු පෙර ලාභය (PBT) 76%කින් වැඩි වූ අතර එය රුපියල් මිලියන 288.4ක අගයක් දැරීය. මේ අතර සමාගමේ බදු පසු ලාභය (PAT) 74% කින් වර්ධනය වී රුපියල් මිලියන 183.8 ක් දක්වා වර්ධනය විය. මූල්‍ය වර්ෂය තුළ දළ අක‍්‍රීය අනුපාතය (NPL) පෙර වසරේ 5.2% සිට 3.3% දක්වා අඩු වෙමින් කැපී පෙනෙන වර්ධනයක් අත්කර ගැනීමට සමත් විය.

අයිඩියල් ෆයිනෑන්ස්, ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි බැංකු නොවන මූල්‍ය ආයතනයක් (NBFI) වන අතර 2012 මාර්තු මාසයේදී තම මෙහෙයුම් කටයුතු ආරම්භ කරන ලද්දේ ග‍්‍රාමීය හා අර්ධ නාගරික අංශ කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමේ අරමුණෙනි. අයිඩියල් ෆයිනෑන්ස් හි ප‍්‍රධාන ණය කළඹ ලෙස රන් ණය, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ණය, පුද්ගලික ණය, මෝටර් රථ සඳහා ලීසිං පහසුකම්, ත‍්‍රීරෝද රථ, කෘෂිකාර්මික වාහන සහ වාණිජ වාහන සඳහා වන ණය ලබා දීම ආදී වූ සේවාවන් සපයනු ලබයි. ලාභදායී තිරසාර වාර්ෂික වර්ධනයක් වාර්තා කරන අතරම අයිඩියල් ෆයිනෑන්ස් ශක්තිමත් ණය කළඹක් පවත්වා ගෙන යෑමටද සමත්ව ඇත.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

fourteen + fifteen =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව