I O N වඩාත් ඇගැයීමට ලක් වූ නව්‍යකරණ හා තාක්ෂණ සමාගම ලෙස Iconic සම්මාන දිනයි

IMAGE - 1 (LBN)

මෙරට නව්‍යකරණ සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ ඉදිරියෙන්ම සිටින I O N Groups පෞද්ගලික සමාගම Iconic Awards 2024 සම්මාන උළෙලේදී වඩාත්ම ඇගැයීමට ලක් වූ නව්‍යකරණ සහ තාක්ෂණ සමාගම ලෙස සම්මාන ලැබුවේය. සම්මාන උළෙල BMICHහිදී පැවැත්වුණු අතර සමාගමේ අධ්‍යක්ෂකවරුන් වන ඉඳුවර වික්‍රමසිංහ සහ රුචිර ලක්මාල් වෙත සම්මානය පිරිනමන ලදී. 2012දී ආරම්භ වූ එම සමාගම කළමනාකරණය කරන ලද තාක්ෂණ සේවා හා උපදේශන, Cloud Computing, සයිබර් ආරක්ෂණය, නව්‍යකරණය, තාක්ෂණ සහාය හා උපදේශනය, Custom Development, ජංගම දුරකථන යෙදවුම් සංවර්ධනය, වෙබ් අඩවි නිර්මාණය, විද්‍යුත් වෙළෙඳපොළ විසඳුම් හා ඩිජිටල් අලෙවිකරණය වැනි විශාල පරාසයක විහිදී ඇති ඩිජිටල් ක්ෂේත්‍රයට අදාළ සියලු සේවා සපයමින් විශාල පාරිභෝගික පිරිසකගේ විශ්වාසය දිනා ඇත.

 


 

සෑම පාරිභෝගිකයෙකුම උපරිම ලෙස තෘප්තිමත් වන ආකාරයට සේවා සැපයීමට I O N සමාගම කැප වී සිටී. විශ්වාසනීය බව සහ කැපවීම වැනි ගුණාංගවලින් හෙබි එම සමාගමේ කාර්ය මණ්ඩලය සිය රාජකාරි වගකීමෙන් ඔබ්බට යමින් ව්‍යාපාර සඳහා සැබෑ වටිනාකමක් එක් කරන නව්‍යකරණ සහ තාක්ෂණ විසඳුම් සපයයි. නව්‍යකරණය, පිළිගැනීම, විශිෂ්ටත්වය සහ කැපවීම යන මූලික වටිනාකම්වලට මුල් තැන දෙන එම සමාගම බඳවා ගැනීමේ පටන් සේවා සැපයීම දක්වා වන සෑම ක්ෂේත්‍රයක්ම එම වටිනාකම්වලට අනුගත වන ලෙස හැඩගස්වා ඇත. ජාත්‍යන්තර වශයෙන්ද සේවා සපයමින් ඉහළ පාරිභෝගික තෘප්ති අගයක් හිමි කර ගෙන ඇති එම සමාගමෙන් සේවා ගැනීම තුළින් ලැබෙන වාසි අතර නව්‍යකරණ සහ තාක්ෂණ වියදම් කාර්යක්ෂම ලෙස කළමනාකරණය කර ගත හැකි වීම, විශ්වාසනීය නව්‍යකරණ සහ තාක්ෂණ උපදෙස් ලැබීම, වැඩි දියුණු කළ මෙහෙයුම් කාර්යක්ෂම හා ප්‍රමිතිගත ආරම්භක ප්‍රාග්ධනයකින් ආරම්භ කළ හැකි වීම ආදිය වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

7 − 4 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව