ශ්‍රී ලාංකේය තරුණ ප්‍රජාව බලගැන්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන Huawei Seeds For the Future වැඩසටහනේ 2019 වර්ෂය සඳහා වූ සැලසුම Huawei Sri Lanka CSIC හිදී පසුගියදා හඳුන්වාදිය.ඒ අනුව මෙවර වැඩසටහන යටතේ HUAWEI සමාගම විසින් ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට චීනය සඳහා තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ චීන සංස්කෘතිය පිළිබඳ අධ්‍යන චාරිකාවක් නොවැම්බර් මස 30 වනදා සිට දෙසැම්බර් මස 14 වනදා දක්වා ලබා දීමට නියමිතය.
මෙවර වැඩසටහන සඳහා දේශීය විශ්ව විද්‍යාල රැසකින් දක්ෂතම සිසු සිසුවියන් දස දෙනෙකු තෝරාගෙන ඇති අතර ඔවුන් චීනයේ ෂෙන්සෙන්හි පිහිටි Huawei මූලස්ථානයේ දී නවතම තොරතුරු සන්නිවේදන තාක්ෂණය සහ කර්මාන්ත ප්රවණතා පිළිබඳ දැනුම සහ පුහුණුව ලබා ගැනීමට නියමිතය. 5G, LTE සහ ක්ලවුඩ් පරිගණකකරණය ආදී නවීනත ම තාක්ෂණයන් පිළිබඳ අධ්‍යනය කිරීමට සහ AI තාක්ෂණය වැනි දෑ පිළිබඳ ගැඹුරින් හැදෑරීමට සිසුන්ට මෙහිදී අවස්ථාව ලැබෙනු ඇති අතර Huawei හි වඩාත්ම දියුණු විද්‍යාගාරවල පුහුණුවීම් සඳහා අවස්ථාවන්ද හිමි වනු ඇති. තවද මෙම වැඩසටහන සුවිශේෂී වන්නේ මෙහිදී සිසුන්ට Huawei කාර්යමණ්ඩලය සමග කටයුතු කිරීමටත්, එම සමාගමේ විද්‍යාගාර වෙතට සංචාරය කිරීමටත් එහිදී නවීනත ම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්‍රමවේද සියැසින් දැකබලා ගැනීමටත් හැකිවීමයි.
HUAWEI Seeds for the Future යනු ශ්‍රී ලාංකේය තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ කුසලතා පූර්ණ තරුණ තරුණියන් ශ්‍රී ලංකාවේ තොරතුරු සහ සන්නිවේදන කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් පෝෂණය කිරීමේ අරමුණ පෙරදැරිව HUAWEI සමාගම විසින් දියත් කරන ප්‍රධානත ම ගෝලීය සමාජ සත්කාරක වැඩසටහනයි. මෙම වැඩසටහන ශ්‍රී ලංකාව තුල අඛණ්ඩව වසර තුනක් පුරා සාර්ථකව ක්‍රියාත්මක කර ඇත.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය (ICT) ලොව බොහෝ ආර්ථිකයන් තුළ අතිශය වැදගත් වර්ධනීය සාධකයක් බවට පත්ව තිබෙන අතර තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය ව්‍යාපාරික ආකෘති සහ පාරිභෝගික අවශ්‍යතාවන් ද විශාල වශයෙන් වෙනස්කර තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස මෙම පරිවර්තනීය සමය තුළ හට ගන්නා අභියෝග ජය ගැනීම සඳහා එම ක්ෂේත්රය තුළ තාක්ෂණික කුසලතාවලින් පරිපූර්ණ පිරිසකගේ අවශ්‍යතාව ශ්‍රී ලංකාව වැනි රටකට බෙහෙවින් මතුවී තිබෙන බව බොහෝ දෙනෙකු දන්නා කාරණයකි. මෙම කුසලතාවයන් නිර්මාණය කිරීම තුළින් වෙළඳපල ජයගැනීම සඳහා විශිෂ්ට ශ්‍රම බලකායක් දේශීයව නිර්මාණය කිරීම සඳහා Huawei කැප වී සිටින ආයතනයක්.
විවිධ රටවල ඩිජිටල්කරණ ක්‍රමෝපාය අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්රයේ වර්ධනය සඳහා අතිශය වැදගත්වන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වෘත්තිකයන් එකම වේදිකාවක් මතට ගෙන එමින් එම කර්මාන්තයේ වර්ධනයටත්, රැකියා වියුක්තිය පිටුදැකීමටත් දායකත්වය ලබාදීමට එම වැඩසටහන උපකාරී වේ. විශ්වවිද්‍යාල සිසුන්ට ද එමගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ විද්‍යාත්මක පර්යේෂණ කුසලතා හා ඉගෙනුම් ක්‍රමවේද වැඩිදියුණු කර ගැනීමටත්, ඉහළ මට්ටමේ ප්‍රායෝගික දැනුම සහ අවස්ථා හිමිකර ගැනීමටත් හැකිවේ.
2016 වසරේදී Seeds for the Future වැඩසටහන ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට දියත් කරන ලදී. මෙතෙක් මෙම වැඩසටහන හරහා 30කට අධික අභ්‍යාසලාභීන් ප්‍රමාණයක් චීනයේ සංචාරය කර ඇත. දිගුකාලීන වශයෙන් මෙම වැඩසටහන ගෝලීයව දියත් කිරීමටත් ඒ හරහා රටවල හවුල්කාරීත්වය තවදුරටත් ශක්තිමත් කිරීමටත් Huawei සමාගම අපේක්ෂා කරයි. තවද මෙම වැඩසටහන ශ්‍රී ලාංකේය තරුණ පරපුරට තම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දැනුම හා කුසලතා වැඩිදියුණු කර ගැනීමට හිමිවන මහඟු අවස්ථාවක් ලෙස සැළකිය හැකි.