Huawei ශ්‍රී ලංකා ‘Seeds for the Future’ 2020 වැඩසටහන දියත් කරයි

Huawei Seeds 2020 (1)

Huawei ශ්‍රී ලංකා සමාගම විසින් පවත්වනු ලබන ‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහනේ  (CSR)  තවත් සාර්ථක වැඩසටහනක් පසුගියදා, 5 වන වරටත් දියත් කරන ලදී. එම වැඩසටහන, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ශ්‍රී ලංකාවේ චීන තානාපති ක්වි ෂෙන්හොං හා Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලියැංග් යී යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විණි.

‘Seeds for the Future’ සමාජ සත්කාරක වැඩසටහන, ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය හදාරන තෘතීයික සිසුන් සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. එමගින්, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳව මෙන්ම Huawei හි නවතම තාක්ෂණය පිළිබඳවද සිසුන් හට අවබෝධයක් ලබා දෙන අතර, ඒ සඳහා දිවයිනේ පළාත්  5 ක, විශ්ව විද්‍යාල 10 කින් සිසුන් 16 දෙනෙකු තෝරා ගනු ලැබේ.

 




 

“වර්තමාන ගෝලීය පරිසරය තුළ, අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව හා දැනුම හුවමාරුව සඳහා තොරතුරු,  සන්නිවේදන සහ ඩිජිටල් තාක්‍ෂණය බෙහෙවින් වැදගත්. ශ්‍රී ලංකා රජය, අනාගත පරපුරේ දියුණුව වෙනුවෙන් සහ අධ්‍යාපනයේ දියුණුව වෙනුවෙන්, මෙම ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් ආයෝජන  සිදු කරනවා.” අමාත්‍ය ජී. එල්. පීරිස් සඳහන් කළේය.

“මෙම වැඩසටහන, ශ්‍රී ලාංකීය සිසුන්ට තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය පිළිබඳ මනා අවබෝධයක් ලබා ගැනීමට මෙන්ම, ඔවුන්ගේ දැනුම හා දක්ෂතා ඔප් නංවා ගැනීමට ඉවහල් වන වැඩසටහනක් බවට මම විශ්වාස කරනවා. මෙමගින් ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සමග අප පවත්වන සහයෝගීතාව තවදුරටත් පවත්වාගෙන යාමට අපි කටයුතු කරනවා.” යනුවෙන් සාර්ථක අනාගත වෘත්තීන් කරා යොමු වීම සඳහා සිසුන්ට සුභ පතමින්, Huawei ශ්‍රී ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ලියැන්ග් යී මහතා සඳහන් කළේය.

 

 




 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

four × three =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව