
HNB Finance PLC හි ආයතනික සමාජ සත්කාරක ප්‍රවේශය මගින් නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලයේ පරිහරණය සඳහා රුපියල් දෙලක්ෂ පනස්දාහකට ආසන්න වටිනාකමක් සහිත පුස්තකාල පොත් 350ක පරිත්‍යාගයක් පසුගියදා සිදු කරන ලදි. මෙම පරිත්‍යාගය සඳහා අවශ්‍ය පොත් HNB Finance ප්‍රධාන කාර්යාලයේ පුස්තකාලයෙන් සහ ආයතනික කාර්යමණ්ඩලයේ පරිත්‍යාගශීලී දායකත්වයෙන් ලැබුණු අතර මෙම අවස්ථාව සඳහා නිකවැරටිය ප්‍රාදේශීය සභාවේ ලේකම් U.M.N.B හේරත්, නිකවැරටිය ප්‍රදේශීය සභාවේ පුස්තකාලාධිපතිනිය සහ HNB Finance PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත්, රුවන් ප්‍රනාන්දු ඇතුළු නිළධාරී මහත්ම මහත්මීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
මේ පිළිබඳව අදහස් දක්වමින් HNB Finance PLC හි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී – මානව සම්පත්, රුවන් ප්‍රනාන්දු මහතා පැවසුවේ ‘‘ HNB Finance හි ආයතනික වගකීම් ප්‍රවේශය අවස්ථා ගණනාවකදී කොළඹින් පිටත පිහිටි පුස්තකාල පද්ධතිය ශක්තිමත් කිරීම සඳහා සහයෝගය ලබා දී තිබෙනවා. එසේම ආයතනයක් විදිහට කියවීමේ පුරුද්ද වර්තමාන පරපුර වෙත ලබා දීම සඳහා මෙන්ම දූ දරුවන්ගේ අධ්‍යාපනය නංවාලීමටද විශාල වෑයමක් දරනු ලබනවා. නිකවැරටිය ප්‍රාදේශීය සභා පුස්තකාලය වැනි පාසැල් සිසුන් ඇතුළුව දහසකට අධික ක්‍රියාකාරී පාඨකයින් පිරිසක් පරිහරණය කරනු ලබන පුස්තකාලයකට මේ අන්දමින් පොත් පරිත්‍යාගයක් සිදු කිරීමට ලැබීම සැබවින්ම සතුටට කරුණක්”යනුවෙනි.