HNB FINANCE, TAGS- 2024 සම්මානයෙන් පිදුම් ලබයි

HNBF TAGS awards photo

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන ඔ්ඨී සම්මාන උළෙල පසුගියදා ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වන ලද අතර මෙහිදී බැංකු නොවන මූල්‍ය ආයතන කාණ්ඩයේ (රුපියල් බිලියන 20කට වැඩි සමූහ වත්කම් සහිත) ලෝකඩ සම්මානය දිනා ගැනීමට HNB FINANCE සමත් විය. මූල්‍ය වාර්තාකරණය හා ආයතනික විනිවිදභාවයේ විශිෂ්ටත්වය අගයනු ලබන TAGS සම්මාන උළෙලේදී HNB FINANCE සමාගම අඛණ්ඩව සම්මානයට පාත‍්‍ර වූ තෙවැනි අවස්ථාව ලෙසද මෙය ස`දහන් කළ හැකිය. මෙම සම්මානය තුළින් බැංකු නොවන මූල්‍ය ආයතන අතර සිය විශිෂ්ටත්වය නැවත නැවතත් තහවුරු කිරීමට HNB FINANCE සමත් විය.

 



 
මූල්‍ය ක්ෂේත‍්‍රයේ තත්වය ඉහළ නැංවීම වෙනුවෙන් HNB FINANCE හි මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන් හා විනිවිදභාවය වෙනුවෙන් වන කැපවීම ඔ්ඨී සම්මාන උළෙලේදී ඇගයීමට ලක් වූ අතර ඒ තුලින් විශිෂ්ටත්වය ස`දහා වන සමාගමේ කැපවීම හා ඉහළ ප‍්‍රමිතියෙන් යුත් සමාගමක් ලෙස HNB FINANCE හි කාර්ය භාරය ද පිළිගැනීමට ලක් විය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ HNB FINANCE PLC හි  කළමනාකාර අධ්‍යක්ෂ හා ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා ස`දහන් කර සිටියේ ‘‘ මූල්‍ය වාර්තාකරණයේ ප‍්‍රමිතීන් සහ විනිවිද බව ආරක්ෂා කිරීම වෙනුවෙන් සමාගම දක්වන කැපවීම මනාව පිළිබිඹු වූ අවස්ථාවක් ලෙස මෙම සම්මානය මට හැඳින්විය හැකියි. මෙම සම්මානය තුළින් අපගේ සේවා ආචාරධර්ම සහ ක්ෂේත‍්‍රයේ මූල්‍ය වාර්තාකරණ ප‍්‍රමිතීන් පවත්වාගෙන යෑම TAGS සම්මාන කමිටුවේ ඇගයිමට ලක් වූ අතර ඒ සම්බන්ධයෙන් TAGS සම්මාන කමිටුවට සහ ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනයට මගේ ප‍්‍රණාමය පුද කරන්න කැමතියි. එමෙන්ම මෙම සම්මානය සඳහා උරදුන් සියලූ පාර්ශ්වයන්ට මගේ ප‍්‍රණාමය පුද කරනවා” යනුවෙනි.

2024 දෙසැම්බර් 12 වන දින කොළඹ ශැංග‍්‍රිලා හෝටලයේදී අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ මෙම උත්සවය ස`දහා නවීන තාක්ෂණය උපයෝගී කර ගනිමින් වැඩි දියුණු කළ ආයතනික වාර්තාකරණ භාවිතයන් තව දුරටත් නංවාලීම සනිටුහන් කිරීම වෙනුවෙන් විශිෂ්ට ආයතනයන් රැසක නියෝජිතයින් එක්ව සිටියහ. මූල්‍ය හා මූල්‍ය නොවන වාර්තාකරණයන්හි මූලික සංකල්පයන් ප‍්‍රවර්ධනය ස`දහා බහු ජාතික සමාගම්වල සිට සමූහ ව්‍යාපාර දක්වා මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඇගයීම වෙනුවෙන් ආයතන අතර තරගකාරීත්වයක් නිර්මාණය කිරීම CA Sri Lanka හි අරමුණ වී ඇත.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × four =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව