HNB FINANCE සහ Prime Finance ඒකාබද්ධ වීමේ ක්‍රියාවලියට ශ්‍රී ලංකා මහබැංකුවේ අනුමැතිය හිමිවේ.

HNBF Logo

 



 

 

2013 අංක 1 දරණ මූල්‍ය සමාගම් ( ව්‍යුහාත්මක වෙනස්කම්) මාර්ගෝපදේශයන්ට අනුව 2021 වර්ෂයේ දෙසැම්බර් 8 වන දින HNB FINANCE සහ Prime Finance යන සමාගම් ඒකාබද්ධ වීම සහ එලෙස ඒකාබද්ධ වූ මූල්‍ය සමාගම HNB FINANCE  PLC බවට   පත් වීම සඳහා ශ්‍රී ලංකා මහබැංකුව වෙත ඉදිරිපත් කළ යෝජනාවලිය මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් අනුමත කරන ලදි.

මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම් දෙකක් වන HNB FINANCE හා Prime Finance බැංකු නොවන මුල්‍ය අංශය නියෝජනය කරමින් එකිනෙකට වෙනස් වු මූල්‍ය සේවා රැසක් පාරිභෝගිකයින් වෙත හඳුන්වා දී ඇති අතර මෙම ඒකාබද්ධ වීම තුළින් සමාගම් දෙකෙහි පාරිභෝගිකයින් වෙත වඩාත් විවිධාංගීකරණය වූ මූල්‍ය සේවා රැසක් පිරිනැමීමට HNB FINANCE සමාගමට හැකි වනු ඇත.

 මෙම සාර්ථක ඒකාබද්ධවීමේ ක්‍රියාවලිය තුළින් ප්‍රයිම් සමුහය සමග පවතින සබඳතා ශක්තිමත් කර ගැනීමට HNB FINANCE සමාගමට හැකි වන අතර දේපළ වෙළෙඳාම ආශ්‍රිතව මුල්‍ය පහසුකම් ලබා දිමේදී මෙම ක්ෂේත්‍රය පිළිබඳව ප්‍රයිම් සමූහයේ දැනුම සහ විශේෂඥභාවය හිමි කර ගැනීමට ද අවස්ථාව සැලසෙනු ඇත.

ප්‍රයිම් ෆිනෑන්ස් කොටස් වලින් 87.27ක් HNB FINANCE සමාගම විසින් ඒකාබද්ධවීමේ මූලික අදියරේදී අත්පත්කර ගනු ලැබීමෙන් අනතුරුව Prime Finance හි පාලන බලය හිමිකර ගැනීමට HNB FINANCE සමාගම සමත් වීමෙන් පසු අනිවාර්ය කොටස් පැවරීම තුළින් සමාගමේ කොටස් හිමිකාරිත්වය 9.37%කින් වැඩි කෙරිණ. එමෙන්ම 0.51%ක කොටස් ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළ මගින් HNB FINANCE සමාගමට හිමි වීමෙන් අනතුරුව HNB FINANCE සතු ප්‍රයිම් ෆිනෑන්ස් කොටස් හිමිකාරීත්වය 97.15%ක් දක්වා වැඩි විය. මේ අනුව ඉතිරි 2.85%ක කොටස් ප්‍රමාණය සෙසු සුලු කොටස් හිමියන්ට අයත් විය.

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

2 × 5 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව