HNB FINANCE ශ‍්‍රී ලංකාවේ වටිනාම සන්නාමයන් 50 අතරට

HNB FINANCE 2 (1)

 




 

 

මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ සිය ශක්තිමත් වර්ධනය යළිත් අවධාරණය කරමින් ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන HNB FINANCE PLC මෙරට මුල්පෙළේ විශිෂ්ටතම සන්නාමයන් අතරට එක් වෙමින් LMD ස`ගරාව සහ Brand Finance ආයතනය මගින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම වටිනා පාරිභෝගික සන්නාම වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන 18 වැනි LMD Brands Annual ප‍්‍රකාශයනයට ඇතුළත් වීමට සමත් විය.

Brand Finance ආයතනය ලොවපුරා පාරිභෝගික සන්නාම තක්සේරුකරණයෙහි සහ උපායමාර්ගික ප‍්‍රවේශයන් ලබාදෙන ප‍්‍රමුඛපෙළේ ආයතනයක් වේ. වාර්ෂිකව ප‍්‍රකාශයට පත් කරන මෙම ලැයිස්තුව සඳහා කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සන්නාම අතර වඩාත් වටිනා පාරිභෝගික සන්නාමයන් තෝරා ගැනීම සඳහා ස්වාධීන විගණනයක් සහ මෙම සන්නාමයන්ට අදාළ පාරිභෝගික හැසිරීම, මූල්‍ය කාර්යසාධනය, සහ ලබාගතහැකි සෑම මූල්‍ය තොරතුරක්ම සම්බන්ධයෙන්  සිදුකරන සමීක්ෂණයක් ඇසුරින් වඩාත් වටිනාම සන්නාම ලැයිස්තුගත කිරීම Brand Finance විසින් සිදුකරයි. මෙහිදී ප‍්‍රධාන නිර්ණායකයන් වන එක් එක් සන්නාමයට අදාළව ඔවුන්ගේ මූල්‍ය ශක්තිය, ව්‍යාපාරයන්ගේ තිරසාර බව සහ ආර්ථික ඉදිරි දැක්ම , ලබා ගෙන ඇති සම්මාන සහ ඇගයීම් යන සාධක මෙහිදී  සලකා බැලේ

පසුගියදා ප‍්‍රකාශයට පත් වූ LMD Brands Annual ප‍්‍රකාශයනයෙහි සඳහන් වටිනාම පාරිභෝගික සන්නාම අතරට මූල්‍ය සේවා ක්ෂේත‍්‍රය නියෝජනය කරමින් HNB FINANCE PLC මෙම ලැයිස්තුවට එක් වූ පළමු අවස්ථාව මෙය විය. HNB FINANCE සන්නාමයෙහි වටිනාකම රුපියල් මිලියන 1819ක් ලෙස තක්සේරුකරණය වූ අතර සමාගම වර්තමානයේදී AA-. ණය ශ්‍රේණිය හිමිකර ගෙන ඇත.

‘‘LMD Brand Finance වටිනාම පාරිභෝගික සන්නාම අතරට පළමු වරට එක් වීමට ලැබීම HNB FINANCE ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස හැඳින්විය හැකි අතර වඩාත් අභියෝගාත්මක කාලපරිච්ෙඡ්දයක් තුළ මෙම අභියෝගය සපුරා ගැනීමට හැකි වීම මෙහි වැදගත්කම තවත් වැඩි කරන බව මගේ අදහසයි. කෝවිඞ් වෛරසය විසින් අප රට ඇතුළුව සමස්ත ලෝකයම වෙලාගෙන සිටින අවස්ථාවක මූල්‍ය සමාගමක් ලෙස HNB FINANCE සිය වගකීම මැනවින් ඉටුකරමින් තම පාරිභෝගිකයින්, කොටස් හිමියන් ඇතුළුව මෙරටේ ආර්ථික වර්ධනයට අඛණ්ඩව දායකත්වය ලබා දෙමින් සහ සවිබල ගන්වමින් දැඩි කැපවීමකින් කටයුතු කර ඇති බව මෙම ඇගයීම මගින් පිළිබිඹු කෙරෙනවා. HNB FINANCE හි සමස්ත සේවක මඩුල්ල අපගේ සන්නාමය ශක්තිමත්ව සහ ස්ථාවරව පවත්වාගෙන යෑම සඳහා කෝවිඞ් වසංගතයට රට මුහුණදුන් අවස්ථාවේ සිට මේ දක්වා අභියෝගාත්මක වෙළෙඳපොළ පරිසරයකදී පවා දැඩි කැපවීමකින් කටයුකු කරමින් අපගේ මූල්‍ය සේවාවන් තුළින් පාරිභෝගිකයින්ට ලබා දිය හැකි උපරිම සේවාවන් සැලසීමත් HNB FINANCE සන්නාමය ශක්තිමත් කිරීමට අඛණ්ඩව කටයුතු කිරීමත් මෙම ජයග‍්‍රහනය සඳහා ප‍්‍රමුඛතම සාධකයන් වූ බව මාගේ අදහසයි’’ යනුවෙන් HNB FINANCE හි කළමණාකාර අධ්‍යක්ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී චමින්ද ප‍්‍රභාත් මහතා පැවසීය.

 

 

 



 

 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව