Hereditary Herbals සමාගම Golden Inmediens සම්මානයෙන් පිදුම් ලබයි

Hereditary Herbals

මෙරට ප්‍රමුඛ පෙළේ ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදකයකු වන Hereditary Herbals පෞද්ගලික සමාගම Golden Inmediens 2023 සම්මාන උළෙලේදි ආයුර්වේද නවෝත්පාදන කුසලතා සම්මානයෙන් පිදුම් ලැබුවේය. දේශීය වෛද්‍ය ව්‍යවසායකත්වය සංවර්ධනය හා ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සංවිධානය කළ මෙම සම්මාන උළෙල බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි සහ අමාත්‍යවරු රැසක් මීට සහභාගී වූහ.

 



 

වෛද්‍ය ආර්. වී. ඩී. ආර්. එම්. එම්. ඉහ්තිශාම් මහතා සිය පියා වූ වෛද්‍ය ආර්. වී. ඩී. ආර්. එම්. එම්. එම්. ඉර්ශාඩ් මහතාගේ මඟ පෙන්වීම යටතේ Hereditary Herbals සමාගම ආරම්භ කළේය. එම සමාගම ආතරයිටිස්, පීනස, කොලෙස්ටරෝල්, දියවැඩියාව, අක්මාවේ තෙල් තැන්පත් වීම, ගැස්ට්‍රයිටිස්, අධික රුධිර පීඩනය, වකුගඩුවල සහ පිත්තාශයේ ඇති වන ගල්, අංශභාගය, අර්ශස්, ලිංගික අප්‍රාණිකත්වය, මදසරු බව, දත්වල රෝග සහ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ආශ්‍රිත රෝග සඳහා ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ආයුර්වේද ඔෳෂධ නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කරයි. පුළුල් පරාසයකින් යුතු එම සමාගමේ නිෂ්පාදන අතර ශාකසාර ඔෳෂධ කරල්, තේ, තෙල්, ආලේපන, සිරප් සහ සබන් වැනි දෑ මෙන්ම රූපලාවණ්‍ය නිෂ්පාදනද වේ. අදාළ රෝග තත්ත්වලට ගැළපෙන පරිදි සිය නිෂ්පාදන නම් කර ඇති Hereditary Herbals සමාගමේ  නිෂ්පාදන අතර කොලෙස්ටරෝල් සඳහා වන Lipi-Nil, අධික රුධිර පීඩනය සඳහා වන D-Cap, අර්ශස් ආශ්‍රිත රෝග සඳහා වන Pilonivarani, ගැස්ට්‍රයිටිස් සඳහා වන Amla-Pro, වකුගඩු හා පිත්තාශ ගල් සඳහා වන Calcu-Pro සහ සම ආශ්‍රිත රෝග සඳහා වන Spot-Free ප්‍රධාන වේ. සිය දේශීය සහ ජාත්‍යන්තර පාරිභෝගිකයන් වෙත උසස් තාක්ෂණික ක්‍රම භාවිතා කරමින්, සැබෑ ශාකසාර වටිනාකම සහිත නිෂ්පාදන දායාද කිරීම එම සමාගමේ මූලික පරමාර්ථයයි. දේශීය සහ ජාත්‍යන්තර ප්‍රමිතිවල‌ට අනුව නිපදවන Hereditary Herbals නිෂ්පාදන පිළිබඳ සියලු තොරතුරු www.hereditaryherbals.com වෙබ් අඩවියේ සඳහන් වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව