Hemas Surgicals & Diagnostics වෙතින් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට Nihon Kohden AED යන්ත්‍රයක්

Jude Fernando, Managing Director of Hemas Surgicals & Diagnostics handing over the AED to Major General (Rtd) G.A. Chandrasiri Chairman of Airport & Aviation Company (Pvt) Ltd. (LBN)

 



 

 

හෘදයාබාධ හේතුවෙන් සිදුවන හදිසි මරණ ශ්‍රී ලංකාවේ මරණවලට ප්‍රධානතම හේතුවකි. එහෙත් ඉක්මනින් CPR ප්‍රතිකර්මය සිදුකිරීම සහ හෘදයාබාධයක් ඇති වූ වහාම Defibrillator යන්ත්‍රයක් මගින් හදවතට විදුලි කම්පනයක් ලබා දීම මගින් අදාළ රෝගියාගේ ජීවිතය බේරාගැනීමට 50% ත් 70% ත් අතර අවස්ථාවක් හිමි වේ. Automated External Defibrillator (AED) යනු හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින රෝගියෙකුට විදුලි කම්පනයක් ලබාදීම සඳහා, සෞඛ්‍ය සේවා පුහුණුවක් ලබා නොමැති අයෙකුට වුවද භාවිතා කළ හැකි ආකාරයට නිර්මාණය කළ යන්ත්‍රයකි. සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය යන්ත්‍රයක් වන මෙය හඬ විධාන ලබා දෙන අතර, මූලික පුහුණුවක් ඇති ඕනෑම කෙනෙකුට එය ක්‍රියාත්මක කළ හැකි වේ.

කටුනායක ගුවන්තොටුපළ යනු වසරකට මගීන් මිලියන 1.5 ක් පමණ භාවිතා කරන ස්ථානයකි. එම නිසා, ශ්‍රී ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයේ ඉල්ලීම පරිදි, කටුනායක ගුවන් තොටුපළට AED යන්ත්‍රයක් පරිත්‍යාග කිරීමට Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගම කටයුතු කළේ ය.

මෙම යන්ත්‍රය නිල වශයෙන් භාරදීමේ උත්සවය කටුනායක ගුවන් තොටුපළේ Silk Route Lounge හිදී පැවැත්විණි. මෙම අවස්ථාවට ගුවන් තොටුපළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජෙනරාල් (විශ්‍රාමික) ජී. ඒ. චන්ද්‍රසිරි, Hemas Surgicals and Diagnostics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු, සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්. ශ්‍රීධරන්, ලංකා නිර්වින්දන වෛද්‍ය සහ දැඩි සත්කාර සේවා වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය අනෝමා පෙරේරා සහ National Resuscitation Council හි සභාපති වෛද්‍ය නිල්මිණි විජේසිරි සහ යන මහත්ම මහත්මීහු එක්වූහ.

CPR සහ AED පිළිබඳ මූලික පුහුණුවක් ලබා ඇති ඕනෑම කෙනෙකුට Nihon Kohden AED යන්ත්‍රය භාවිතා කළ හැකි වේ. යන්ත්‍රයේ පෑඩ් 2 ක් ඇති අතර ඒවා රෝගියාගේ පපුවේ ඇලවූ පසු ECG රිද්මය විශ්ලේෂණය කර ක්‍රියාකරු අනුගමනය කළ යුතු පියවර සම්බන්ධයෙන් හඬ විධාන ලබා දෙයි. කම්පන ප්‍රතිකාරයක් අවශ්‍ය නම්, යන්ත්‍රය අදාළ  විධානය නිකුත් කර තත්පර කිහිපයක් ඇතුළත ආරෝපණය වී රෝගියාගේ හදවතට කම්පනය ලබා දෙන අතර, යන්ත්‍රයෙන් ලැබෙන විධාන රෝගියාගේ ECG විශ්ලේෂණය මත පදනම් වන බැවින් දෝෂයක් ඇතිවීමේ ඉඩක් නොමැත.

“කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මසකට සාමාන්‍යයෙන් හෘදයාබාධ සිදුවීම් දෙකක් පමණ වාර්තා වෙනවා. ඒ නිසා ජපානයේ Nihon Kohden Corporation විසින් නිෂ්පාදනය කරන ලද AED යන්ත්‍රයක් වැනි දියුණු ප්‍රතිකර්ම ක්‍රමවේදයක් එහි තිබීම අතිශයින් වැදගත්. මෙමගින් එවැනි සිදුවීම් වලදී ඉතාමත් ඉක්මනින් අවශ්‍ය පියවර ගැනීමට හැකියාව ලැබෙනවා. එමෙන්ම බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගීන්ට හිතකර ගුවන් තොටුපළක් ලෙස අත්කරගෙන ඇති කීර්තිනාමය තවදුරටත් වර්ධනය කරවීමටත් එය හේතු වේවි.” Hemas Surgicals and Diagnostics සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ජූඩ් ප්‍රනාන්දු මහතා පැවසී ය.

මෙම පරිත්‍යාගයට සමගාමීව ලංකා නිර්වින්දන වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍යවරුන් විසින් යන්ත්‍රය භාවිතා කිරීම සම්බන්ධ පැහැදිලි කිරීමක්ද සිදුකරන ලදි. එම විද්‍යාලය 2022 ඔක්තෝබර් මාසයේ ලෝක හදවත් නැවත පණගැන්වීමේ දිනයේ (World ‘Re-start a Heart’ day) සිටම CPR ප්‍රතිකර්මය ලබාදීම සහ AED යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ජනතාව වෙනුවෙන් පුහුණු සැසි සංවිධානය කරයි. ගුවන් තොටුපළේදී මගියෙකුට හෘදයාබාධයක් ඇති වූ අවස්ථාවකදී කටයුතු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ගුවන් තොටුපළේ කාර්ය මණ්ඩලයටද ඉදිරියේදී එවැනි පුහුණුවක් ලබාදෙනු ඇත.

Nihon Kohden Corporation යනු ජීවිත බේරාගැනීමට උපකාරී වන සෞඛ්‍ය සේවා උපකරණ නිෂ්පාදනය සම්බන්ධ ලොව ප්‍රමුඛතම සමාගමකි. එම සමාගමේ නිෂ්පාදන සඳහා මෙරට එකම නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ Hemas Surgicals & Diagnostics (පුද්.) සමාගමයි.

 



 

 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

one × 2 =


අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව