Hemas Labs ගාල්ල ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කරයි

Hemas Galle Lab 1 (LBN)

ගාල්ල ප්‍රදේශයේ ජනතාවට ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීම පහසු කරවීම සඳහා එම ප්‍රදේශයේ නවීනතම පහසුකම් සහිත රසායනාගාරයක් විවෘත කිරීමට Hemas Labs පසුගියදා කටයුතු කළේ ය. මීට පෙරද 2011 වසරේ සිට 2017 වසර දක්වා Southern Hospitals වශයෙන් ගාල්ල ප්‍රදේශයේ ජනතාවට විශිෂ්ට තලයේ සෞඛ්‍ය පහසුකම් සැපයීමට Hemas Labs පියවර ගෙන තිබිණි. මෙම නවතම රසායනාගාරය 2024 පෙබරවාරි 22 දින විවෘත කරන ලද අතර, ඉදිරියේදී දකුණු පළාතේ මාතර, තංගල්ල සහ අම්බලන්ගොඩ ඇතුළු ප්‍රදේශ රැසක් වෙත තම සේවාවන් ව්‍යාප්ත කිරීමට Hemas Labs සැලසුම් කරමින් සිටී.

 



 

ගාල්ල වක්වැල්ල පාරේ පහසුවෙන් ළගා විය හැකි ස්ථානයක මෙම නව රසායනාගාරය පිහිටා තිබේ. නවීනතම උපකරණවලින් සමන්විත මෙම රසායනාගාරය මගින් ජනතාවට පුළුල් පරාසයක පැතිරුණු පරීක්ෂණ පහසුකම් ලබාගැනීමට හැකි වනු ඇත. මෙහිදී පරීක්ෂණ වර්ග 3,500 කට අධික සංඛ්‍යාවක් සිදුකළ හැකි නිසා මෙම රසායනාගාරය මින් ඉදිරියට ගාල්ල හා තදාසන්න ප්‍රදේශවල ජනතාවගේ ප්‍රමුඛතම තේරීමක් බවට පත්වනු නො-අනුමාන ය.

මෙම රසායනාගාර පරිශ්‍රයේ වාහන නැවැත්වීම සඳහාද පුළුල් ඉඩපහසුකම් පවතී. එමෙන්ම Hemas Labs වෙතින් ලබාදෙන ජංගම සාම්පල් එක්රැස් කිරීමේ සේවාව නිසා ජනතාවට තම නිවෙස්වල සිටම වුවද පරීක්ෂණ සාම්පල් ලබාදීමේ හැකියාව ඇත. මෙය විශේෂයෙන්ම ගමන් බිමන් යාමට අපහසු පුද්ගලයන්ට සුභ ආරංචියක් වනු නිසැක ය. එමෙන්ම Hemas Labs වෙබ් අඩවිය ඔස්සේ ජනතාවට තම පරීක්ෂණ වාර්තා බාගත කරගැනීමට මෙන්ම පැරණි පරීක්ෂණ වාර්තා නැවත ලබාගැනීමටද හැකියාව ලැබේ.

තවද ගාල්ලේ පිහිටි නව Hemas Labs රසායනාගාරය, එම ප්‍රදේශයේ සිටින වෛද්‍යවරුන් සහ ආයතනික පාරිභෝගිකයන් සමග සමීප සම්බන්ධතා ගොඩනංවා ගැනීමට හේමාස් රෝහල් ජාලයට උපකාරී වනු ඇත. ඒකාබද්ධ සෞඛ්‍ය සේවාවන් පිරිනැමීම සඳහා හේමාස් රෝහල දරන උත්සාහය යටතේ, කේවල සෞඛ්‍ය පරීක්ෂාවන් මෙන්ම ආයතනික සෞඛ්‍ය පරීක්ෂණ සේවාවන් පිරිනැමීමටද Hemas Labs බලාපොරොත්තු වෙයි.

ජනතාවට විශිෂ්ට හා කඩිනම් සේවාවක් ලබාදීමේ හැකියාව සහිත, මනා දැනුමක් හා පුහුණුවක් ලැබූ කාර්ය මණ්ඩලයක් Hemas Labs රසායනාගාරවල සේවයෙහි යෙදී සිටිති. තමන් සතු නවීනතම තාක්ෂණය හා උපකරණ ඔස්සේ, ඉහළම නිරවද්‍යතාවකින් හා ගුණාත්මකභාවයකින් යුත් පරීක්ෂණ සේවාවන් නිරන්තරයෙන් ජනතාව වෙත ලබාදීම Hemas Labs හි අරමුණයි.

ගාල්ල වක්වැල්ල පාරේ පිහිටි නව Hemas Labs රසායනාගාරය වෙත පැමිණීමෙන් හෝ 0114959825 අංකය ඇමතීමෙන් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ලබාගත හැකි වේ.

 



 

ලංකා ව්‍යාපාරික පුවත් - LBN



අපි ගැන

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ඔන්ලයින් බිස්නස් නිවුස් ද්වාර අතරට ලංකා බිස්නස් නිවුස් ඇතුළත් වේ. අපි ප්‍රවෘත්ති පමණක් නොව, පවත්නා ප්‍රවෘත්ති අයිතමයක නිරීක්ෂණ සහ විය හැකි ඇඟවුම් මත පදනම් වූ ඉදිරිදර්ශනයක් ඉදිරිපත් කරමු. LBN ගෝලීය ආර්ථික හෝ කාර්මික සංවර්ධනයක බලපෑම පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එමඟින් පාර්ශවකරුවන්ට දැනුවත් හා ගණනය කළ තීරණ ගැනීමට උපකාරී වේ.




Follow Us


පුවත් පත්‍රිකාව